~~> ලංකාවේ ලස්සනම දූපත් 9ක් <~~
1. ඩෙල්ෆ්
වල් අශ්වයො, අපූරු වැඩෙන ගල, ලොකුම බයෝබැබ් ගහ, පරවි තැපෑල, ලන්දේසි බලකොටුව විතරක් නෙවෙයි හැන්දෑවට රතුම රතුපාට වෙන ක්ෂිතිජයේ සුන්දරත්වය අත් විඳින්නත් කියාපුම දූපතක් තමයි යාපනේ තුඩුවෙන් කිලෝමීටර 4ක් විතර එපිට තියෙන ඩෙල්ෆ් දූපත. උදේ 8 වෙද්දිවත් නාගදීපයට යන ජැටිය, ඒ කියන්නෙ කුරික්කඩ්ඩුවාන් ජැටිය ලඟට ගියානම් ඩෙල්ෆ් වලට යන්න බෝට්ටුවක් අල්ල ගන්න පුළුවන්. රැයක් ගත කරනව නම් හොඳම වැඩේ තමයි ටෙන්ට් එකක්, කෑම ටිකක් එහෙම අරන් යන එක. හැබැයි මතක තියා ගන්න, ඔයාලට ඔයාල විතරයි හොඳේ.
2. මන්නාරම
අනිවාර්යයෙන්ම හවස් වරුවක නැත්නම් උදේ වරුවක යන්න ඕන ගමනක්. සත්තයි, ක්ෂිතිජ ඉම රතු පාට ඉර දිස්න දෙද්දි, මන්නාරම් දූවෙත් වට පිට වැලි තලා වලත් සුන්දරත්වය, ඔයා හීනෙකින්වත් හිතන එකක් නෑ ලංකාවෙ මෙච්චර ලස්සන තැන් තියෙනව කියල. ගරා වැටුණු පෘතුගීසි බල කොටුවට උඩට නැගල ලා නිල් පාට මුහුදු තීරය දිහා බලා ගෙන හුදකලා කල්පනාවකට වැටෙන්න, යන්න මන්නාරම් තුඩුවෙන් කිලෝමීටර 25ක් විතර දුරින් තියෙන මේ අපූරු දූපතට. වැලි පර අතරින් වැටුණු පැය 3,4ක මුහුදු ගමනත් ඔයාට සදාතනික මතකයක් වේවි.
3. රොක් අයිලන්ඩ්
අම්බලන්ගොඩ මුහුදු තීරයෙ හැංගිලා තියෙන මේ පුංචි දූපත රැයක් ගත කරන්න හොඳ තැනක් නොවුනට බෝට්ටු සවාරියක් යන්න නම් කියාපු තැන. මුළු දූපතම වට වෙලා තියෙන්නෙ ලස්සන කොරල් පරයකින්. කැමති කට්ටිය ඉන්නව නම් ස්නෝකෙල් කරන්න, ඩයිවින්ග් කරන්නත් පුළුවන්. නානාප්‍රකාර වගේම අතිශය අලංකාර මුහුදු ජීවීන් තොගයක් දැක බලා ගන්න, කොරල් පර බලන්නම කියල හදපු බෝට්ටුවකට ගොඩ වුනා නම් තමයි මරු. දන්නව නේ, අර පතුලට වීදුරුව දාලා හදපු බෝට්ටු.
4. පරප්පු දූව සහ පොල්ගස් දූව
ඉස්සෙල්ලාම කියන්න ඕන මේ දූපත් දෙකම වන ගත ආරණ්‍ය සේනාසන දෙකක්. ඉතින් සවාරියක් යද්දි කරන කියන විනෝද ජනක දේවල් අඩු කරල විනයානුකූලව යන එක ඔයාලගෙ වගකීමක්. මේ දූපත් දෙක ගැන ලියන්න හිතුවෙත් ඒ කාරණා නිසාමයි. මොකද අපේ කට්ටිය ආතල් ගන්න තැන් හෙව්වට මේ වගේ තැන් වලට යනව අඩුයි නෙ. ගාල්ල, රත්ගම වැව මැද්දෙ පිහිටල තියෙන මේ රමණීය දූපත් දෙක හොඳ වන ගහනයකින් පිරිල තියෙන නිසා නිරන්තරයෙන් ඇහෙන කුරුළු හඬිනුත් අනූනයි. හබල් ඔරුවක නැගල එගොඩ මෙගොඩ යන මේ බෝට්ටු සවාරිය නම් අනිවාර්යයෙන්ම හිත දැහැන් ගත කරවන එකක් කියල සැක නැතුව කියන්න පුළුවන්.
5. කඩොල් කැලේ
මීගමුව කලපුවෙ බෝට්ටු සවාරිය ඉවර කරල ගෙදර යන්න එපා. එහෙම්මම යන්න කඩොල් කැලේ දූපත පැත්තට. මේ දූපතත් තද වන ගහනයක් වගේම සුවිශේෂී ජෛව විවිධත්වයක් තියෙන දූපතක්. ඒ නිසා හොඳම දේ තමයි දවල් කාලයේ මේ ගමන යන එක. හොඳ කැමරාවක් ගෙනියන්නත් අමතක කරන්න එපා. මොකද ජීවිතේට දැකල නැති සත්තු වගේම කුරුල්ලොත් ගොඩාක් දැක ගන්න පුළුවන්. ඔන්න ඩයිවින් හරි ස්නෝකෙල්න් හරි කරන කෙනෙක්ට නම් නියම චාන්ස් එක. කඩොල් කැලේ අවට තියෙන ජලජ ජීවි විවිධත්වය හොඳ හැටි අත් විඳින්න පුළුවන්. නිකමට කියන්නනෙ, ඔය එකක් වත් වැඩක් නැති අයට නම් හැන්දෑවට ගියා නම් තමයි හොඳ. මොකද එයාලට ඕන සුන්දරත්වය අත් විඳින්න විතරයිනෙ.
6. පරවි දූපත
හික්කඩුවට සිද්ධ වෙමින් යන දේ පරවි දූපතට සිද්ධ වෙන්න ඉඩ තියන්න එපා කියන ආයචනාවත් එක්කම මේ විස්තරය කියන්නම්. ලංකාවෙ දෙවනි සුමුදුරු උද්‍යානය තමයි ත්‍රිකුණාමල, නිලාවැලි මුහුදු තීරයෙ පිහිටල තියෙන පරවි දූපත. කාක දූපත කියලත් කියනව. මේ දූපතේ තියෙන විශේෂත්වය තමයි මුළු දූපතම වට වෙන විදියට පිහිටල තියෙන ලොකු කොරල් පරය. කොරල් විශේෂ 100ක් විතර තියෙනවලු. ඒ ආශ්‍රිත මත්ස්‍ය විශේෂත් 300කට වැඩියිලු. කැස්බෑවොත් හිතේ හැටියට බලා ගන්න පුළුවන්. ඩයිවර්ස්ලට, ස්නෝකෙලින් කරන අයට නම් කියාපු මුහුදු තීරය. ඒව බැරි අයට තමයි බෝට්ටු සවාරි තියෙන්නෙ. හවස් ජාමයක් අල්ලල බෝට්ටුවකට නැග්ග නම් හිතේ හැටියට කොරල් පර බලල, දූපතේ ගල උඩට වෙලා ඉර බැහැගෙන යනකම් ඉඳලම එන්න තිබුණා.
7. බත්තලන් ගුණ්ඩුව
කල්පිටිය වෙරළ තීරයෙ අපූරුවත්වය ගැන අපි ගිය සතියෙ කිව්වනෙ. අද කියන්න යන්නෙ කල්පිටිය වෙරළ තීරයෙන් කිලෝමීටර 20ක් විතර මුහුද පැත්තට ගියාම හමුවෙන ලස්සන දූපතක් ගැන. බත්තලන් ගුණ්ඩුව, නම කිව්වා සමහරු දන්නවත් ඇති. ඒත් ගිහිල්ල නැත්නම් නිවාඩුවක් අල්ලල යන්න. කල්පිටිය ජැටිය ලඟට උදෙන්ම ගියා නම් බත්තලන් ගුණ්ඩුවට යන්න බෝට්ටුවක් අල්ල ගන්න පුළුවන්. ගමනට පැය දෙක තුනක් යනව. ඒ වුනාට හරිම සුන්දරයි. බත්තලන් ගුණ්ඩුව කියන්නෙ ධීවර ගම්මානයක් නිසා පාරිසරීය සුන්දරත්වයක් නම් ඒ හැටි අත් විඳින්න බැරි වෙයි. හැබැයි හොඳ හැටි අළුත් මාළු ටිකක්, ඉස්සො, දැල්ලො ටිකක් රහ බලන්න නම් බැරි වෙන එකක් නෑ.
8. මාදු ගං දූපත
ලංකාවෙ සුපිරිම බෝට්ටු සවාරි අතරින් උඩින්ම තියෙන එකක් තමයි මාදු ගඟේ බෝට්ටු සවාරිය. ගාල්ල, බලපිටිය ප්‍රදේශයෙ පිහිටල තියෙන මාදු ගං නිම්නය අපූරු කුරුළු පාරාදීසයක්. ලස්සන පුංචි දූපත් කීපයකුත් තියෙනව. මෝය කටට කිට්ටු වෙන්න තියෙන කඩොලාන ටික තමයි බැහැගෙන යන හිරු කිරණින් ලස්සනටම හැඩ වෙන්නෙ. හවස් ජාමෙට, රංචු පිටින් ඉගිල්ලෙන කුරුල්ලන්ගෙන් පිරුණු මාදු ගං තීරයේ, ඇඳිරි වැටීගෙන එද්දි පැතිරෙන නිහඬ බව, බෝට්ටු සවාරියට ගේන්නෙ අමුතුම ආශ්වාදයක්. සොබාදහමට කාවැදුණු හුදකලා හිතකට නම් මාදු ගං තීරය කියන්නෙ කදිම තෝතැන්නක්.
9. මඩොල් දූව
කොග්ගල වැව මැද්දෙ පිහිටල තියෙන මඩොල් දූව ගැන ලොකු විස්තර කියන්න නෙවෙයි මේ හදන්නෙ, කට්ටියට පොඩ්ඩක් මතක් කරල දෙන්න. දූපත ගැන විස්තර ටික මාටින් වික්‍රමසිංහ මහත්තයගෙ පොතේ තියෙනවනෙ. අපි කියන්නෙ මඩොල් දූව පැත්තෙ යනව නම් උදේ පාන්දරම නැත්නම් හවස් ජාමයක් අල්ලල යන්න කියල. මේ සවාරිය හබල් ඔරුවක ගියොත් තමයි නියමම අත් දැකීම ගන්න පුළුවන් වෙන්නෙ. මතකයිද ජින්නායි, උපාලියි ඔරුවෙ නැගල පැනල යන විදිය. කතාවෙ හැටියටම අදටත් මඩොල් දූව සර්ප විමානයක් නම් තමයි. ඒ නිසා පරිස්සමට යන්න. බාග වෙලාවට ඔයාට ඔයාගෙ පුංචි සන්දිය මතක් වෙන්නත් ඉඩ තියෙනව.
ඉර බැහැගෙන යන හැන්දෑවක අපූරු බෝට්ටු සවාරියක් යන්න; මෙන්න ලංකාවෙ ලස්සනම දූපත් 9ක්.
කොහොම වුනත් බෝට්ටු සවාරි වල ආතල් එක දන්නෙ ඒවයෙ යන කට්ටිය තමයි. අනික අපි මේ කතා කරන්නෙ බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න නෙවෙයිනෙ. අපේම වෙරළ තීරයෙන් කිලෝමීටර දෙක තුනක් මුහුද පැත්තට ගිහින්, ලස්සන දූපතකට ගොඩවෙලා, හිතේ හැටියට සිරි නරඹල, ගෙනියපු කෑම ටිකකුත් කාලා, හිතේ නිදහසින් ආපහු ගෙදර එන්නනෙ.
ක්ෂිතිජය රතු පාටින් හැඩ වුනු ලස්සන හැන්දෑවක හඬ දිදී එහා මෙහා ඉගිලෙන කුරුළු රෑන්,
ගල් පර වල හැපිලා බිඳෙන රළ සුදු පෙණ කැටි වලින් මුළු දූපතම ලස්සන කරන අපූරුව,
සුදු වැල්ලෙ වාඩි වෙලා ගිටාර්, බොන්ගෝ තාලයකට වචන තෙපලද්දි හිතට දැනෙන සතුට,
සල්ලි දීලා ගන්න බෑ යාළු!

අපි මේ කියපු දූපත් නවය හැරුණාම තව ලස්සන දූපත් ගොඩාක් අපේ රටේ තියෙනව. ඒවත් ලඟදිම කියන්නම්. හැබැයි අපි සතුටු ඔයාලා දන්න ටිකකුත් අපිට කමෙන්ට් කලා නම් තමයි.
Source : - yamu.lk
Last edited: