ලංකාවේ වතුර යට තිබෙන ඒකම පන්සල

sumithykk

Well-known member
  • May 11, 2012
    583
    549
    93
    29103406_874464839422609_440883469585743872_n.jpg

    කඩදොර විහාරය.

    කඩදොර විහාරය කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී ඊට යටවී ගිය විහාරයක් වේ. ජලාශය සිඳී යන අවස්ථාවන්හීදී විහාරයේ බුදු පිළිමය, මල් ආසනය, දේව පිළිම කිහිපයක් සහ බුදුගෙට ඇතුළුවන ස්ථානයේ මකර තොරණේ් නටඹුන් කිහිපයක් දැකගත හැකිවේ.
    වර්ෂාව අධික සමයේදී කොත්මලේ ඔයේ ජල කඳ පිටාර යාම නිසා, කඩදොර හා ඒ ආශ්‍රිත ප්‍රදේශය අතීතයේදී ගංවතුරෙන් යටවූ බව පැවසෙයි. මෙම ගංවතුර හටගැනීම වලක්වා ගැනීමේ පිළියමක් ලෙස 1950 සමයේ සිට මෙම ප්‍රදේශයේ වේල්ලක් තැනීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබූ අතර, 1970 වසරේ පෙබරවාරි 28 වන දින ඇරඹි මහවැලි සංවර්ධන වැඩසටහන කඩිනම් වැඩපිළිවෙල යටතේ 1979 වසරේදී මෙම ප්‍රදේශයේ කොත්මලේ ජලාශය වැඩකටයුතු ආරම්භ කර 1985 වසරේදී විවෘත කරන ලදී. කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී කඩදොර කන්ද හා තිස්පනේ කන්ද පාමුල තිබූ ගම් පනස් හතක් සහ පන්සල් පනස් හතරක් ඊට යටව ගිය බව සඳහන් වෙයි.
    කඩදොර විහාරය හැරුණු කොට, ඕතලාව පන්සල, තිස්පනේ චෛත්‍යය (මැද්දේගම පන්සල) යනාදී විහාරයන්ද කොත්මලේ ජලාශයට යටවී තිබේ.
    කොත්මලේ ජලාශය නිසා යටවී ගිය පූජා ස්ථාන සිහිපත් කිරීම වෙනුවෙන්, 1983 මාර්තු 20 දිනදී මහවැලි මහා සෑය ඉදිකිරීම ගාමිණී දිසානායක මහතා විසින් අරඹන ලදී. කඩදොර විහාරය වසර කිහිපයකට පසු නැවත මතු වී ඇත.
    උපුටා ගැනීමකි.

    📸
    Charith Gunarathna