ලංකාවේ වී වගා කරන එක අපාරාදේ.. හාල් රටින් ගෙ&#

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ලංකාවේ වී වගා කරන එක අපාරාදේ.. හාල් රටින් ගෙ&#

    රට පුරා මේ වන විට ගොවීන්ගෙන් සියයට තිහකට පොහොර මුදල් නොලැබීමට හේතුව නිලධාරීන්ගේ අකාර්යක්‍ෂමතාව නොව ආණ්‌ඩුව ක්‍රියාත්මක කරන “ගොවිතැන එපා කරවීමේ” සැලැස්‌ම බව සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවැසීය.

    ඒ මහතා මේ බව පැවැසුවේ දඹුල්ලේදී ඉකුත් 04 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදීය.

    මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද පැවැසීය. “වී වපුරනකොට මඩ පොහොර, ඊළඟට දෙවතාවක්‌ යූරියා, දින හතළිස්‌ පහෙන් බණ්‌ඩි පොහොර අවශ්‍යයි. මේ වන විට කුඹුරු පීදෙන්න ළඟයි. ඊට කලින් අවශ්‍ය සියලු පොහොර වගාවට ලැබී තිබිය යුතුයි. ඉදිරි මාසයක්‌ තුළ ගොවීන් වී අස්‌වනු නෙළන්න පටන් ගන්නවා. ගොවීන්ට ඒ පොහොර නොලැබීම විශාල අසාධාරණයක්‌. පසුගිය දෙසැම්බර් මාසේ ගත්තු අයවැය තීරණ ජනවාරි මාසේ ඉඳන් මාස හතක්‌ ක්‍රියාත්මක කරන්න බැරි තරම් මේ ආයතන අකාර්යක්‍ෂමද, ගොවියාට ගොවිතැන එපා කරවීමේ මීට වඩා ක්‍රියාත්මක සැලැස්‌මක්‌ තිබෙනවා. කෘෂි උපකරණ මිල ඉහළ ගිහින්. ගොයම් කැපෙන කොට වී මිල පහළ යනවා. එහෙන් අලි කරදර. මේ නිසා වී ගොවිතැන එපා කරවනවා.

    රවි කරුණානායක කියනවා ලංකාවේ වී ගොවිතැන අපරාදේ ලංකාවට රටින් හාල් ගෙන්නන්න පුළුවන්ලු. ජනාධිපතිතුමා, අගමැති හෝ කෘෂිකර්ම ඇමැති මේ අදහස්‌ ප්‍රතික්‍ෂේප නොකරන නිසා අපට පිළිගන්න වෙනවා. මේක ආණ්‌ඩුවේ ප්‍රකාශයක්‌. ඒ විතරක්‌ නෙමේ දුමින්ද දිසානායක කෘෂිකර්ම ඇමැතිවරයා මේ ප්‍රකාශය ක්‍රියාවට නංවනවා. ඉඩම් අක්‌කර ලක්‍ෂ දෙකහමාරක්‌ වගා කරන්නේ නැහැ කිව්වා. ඉබ්බන්කටුqqව ජලාශයේ හෙක්‌ටයාර් 5570 කට ජලය දුන්නේ සියයට පනහයි. උඩවලව ජලාශයෙන් සියයට පනහකට ජලය දුන්නේ ජලාශ වාන් දමද්දී. ඒ තුළ පොහොර මුදල් රුපියල් කෝටි 125 ක්‌ කප්පාදු කරලා. දැන් වී අක්‌කරයක අස්‌වනු නෙළා ගන්න ගොවියාට රුපියල් හැටදහසක්‌ යනවා. උඩරට ගොවියාටත් එළවළු සඳහා රුපියල් තුන් දහසට වඩා පොහොර යනවා.

    නව පරපුර ගොවිතැනට එන්නේ නැහැ. ආණ්‌ඩුව විශ්වාස කරනවා පරණ ගොවි පරපුරෙන් පස්‌සේ පොඩි පොඩි ගොවි බිම් සහ ලොකු ගොවි බිමක්‌ ලෙස සමාගම්වලට දීලා ඒ බදු මුදලින් රජය නඩත්තු කිරීමට. ඒ ගොවි බිමේ ගොවියා කුලීකරුවෙකු කිරීමට. ඒ සඳහා සමාගම්වලට ඉඩම් ගැනීමට සීමාවන් ඉවත් කරලා. දැන් විදේශිකයන්ට ඕන තරම් මෙහේ ඉඩම් මිලදී ගන්න පුළුවන්.

    මේක ආණ්‌ඩුව හිතා මතා කරන දෙයක්‌. මේ වැඩපිළිවෙළ නැවැත්විය යුතුයි. අපි ආණ්‌ඩුවට කියනවා ගොවීන්ගේ පොහොර ගිණුමට මුදල් දාන්න. මේ වැඩපිළිවෙළට විරුද්ධව දැනටමත් චන්ද්‍රිකා වැව, මොනරගල ගොවීන් නැගිටිමින් සිටිනවා. අපි ආණ්‌ඩුවට කියනවා මේ තත්ත්වය වෙනස්‌ කරන්න නැත්නම් ගොවි සටන්වලට මුහුණ දෙන්න සූදානම් වෙන්න.

    මෙහිදී සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සුසන්ත කුමාර නරවත්න, ලේකම් ටී. බී. සරත් සහ ජාතික කමිටු සාමාජික සුනිල් රණවීර යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.


    http://www.colombotoday.com/78954528798412-2/
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනේ මන්දා බං..රටින් ගෙනාවහම ඔක්කොම වියදම් අරයගේ මෙයාගේ ලාභ ඔක්කොම ඇරලත් රු 55-60 ට හාල් ගෙන්න පුළුවන්.... ලූණුත් එහෙමයි.....
    එත් එහෙම කියල රටින් ගේන්න පුළුවන්ද ?
    එතකොට රටේ නිෂ්පාදනය :(
     

    Similar threads