ලංකාවේ සහ එංගලන්තයේ ඉන්ධන පෝලිම්

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    හේතුවත් ඵලයත් දෙකම වෙනස් ලංකාවේ සහ එංගලන්තයේ ඉන්ධන පෝලිම්

    සිත නිවන කතා පසෙක තබා ඇත්ත කතාව දැන ගනිමු. වසංගතය නිසා ඉන්ධන හිඟයක් ඇති වී එංගලන්තයට ඇඬී ඇති බව ඊයේ දිනයේ ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළේය. මේ අතර, ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන්ට සම්බන්ධ ඇතැම් චරිත ඒ පුවත්වලට සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ජයග්‍රාහී ප්‍රචාරයක් ද ලබාදීමට උත්සාහ කළේ, ‘එංගලන්තෙත් මෙහෙම වෙනව නම් අපි ගැන කවර කතාද‘ වැනි අදහසකිනි.

    එව්වා සහමුලින්ම පාහේ සිත නිවන කතා ය.

    එංගලන්තයේ ඇති වී තිබෙන්නේ ඉන්ධන හිඟයක් නොව, ඉන්ධන රියැදුරන්ගේ හිඟයකි.

    ලංකාවේ ඇති වී තිබෙන්නේ ඉන්ධන මිලදී ගන්නට ඩොලර් හිඟයකි. එනයින් එය කොහොම බැලුවත් ඉන්ධන හිඟයකි.

    එංගලන්තයේ ඉන්ධන ප්‍රවාහනය කරන්නේ HGV ලොරි රථ වල ය. ඒවා දැවැන්ත වාහන ය. ලොරියක බර කිලෝ 3500 - 7000 අතර විය හැකිය. පහත දැක්වෙන්නේ එවැනි වාහනයකි. මේ වාහන පදවන්නට full UK driving licence උවමනා ය. එම රියැදුරු බලපත්‍රය ද ඉතා පරීක්ෂාවෙන් ලබා දෙන්නකි.

    TruckDriverSmall-585x400.jpg

    එංගලන්තය මේ මොහොතේ මුහුණ පා ඇති අර්බුදය මේ ලොරි රථ පැදවීමට බලපත්‍ර ලබාඇති රියැදුරන්ගේ හිඟයයි.

    මේ වන විට එක්සත් රාජධානියේ HGV රියැදුරන් 90,000 සිට 100,000 කගේ හිඟයක් තිබේ. (මූලාශ්‍ර - Road Haulage Association, Trade body Logistics UK)

    එසේ රියැදුරු හිඟයක් ඇති වී තිබෙන්නේ කෝවිඩ්-19 නිසා පමණක් නොවේ. බ්‍රෙක්සිට් සහ වාණිජ ක්‍රමවල පැවති ගැටළු ද එයට ක්‍රමානුකූල ලෙස බලපා තිබිණි.

    වසංගතය සමය තුළ රියැදුරන් 70,000 ක් සිය රැකියාවෙන් ඉවත් වී ඇත්තේ හෝම් ඩිලිවරි වැනි වඩාත් ප්‍රායෝගික විකල්පවලට යොමුවෙමිනි. ඔවුන් අතරින් 12,500 දෙනෙක් පමණ යුරෝපා සංගම් වැසියන් ය (මූලාශ්‍රය-The Grocer).

    බොරිස් ජොන්සන්ලා විසින් ඉල්ලාගෙන කෑ බ්‍රෙක්සිට් නිසා යුරෝපා සංගමයට අයත් රටවල රියැදුරන්ට නව දේශසීමා නීතිවලට යටත් වන්නට සිදුවිය.

    ඒ අනුව මෙය ‘වසංගතේ තමයි ඔක්කොම කළේ‘ යන්න අදාළ වන තැනක් ද නොවේ.

    එපමණක් නොව මේ සති අන්තය වන විට මේ හිඟය වළක්වාලීම සඳහා තිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන්නට ද දැනටම එංගලන්තය පියවර ගෙන තිබේ. ඒ, තාවකාලික වීසා ක්‍රමයක් යටතේ HGV රියැදුරන් එංගලන්තයට කැඳවන්නට ය.

    PRI_201504069.jpg

    අනික එංගලන්තය මේ හදන්නේ, නත්තලේදී ඉන්ධන හිඟයක් ඇති වීම වළක්වා ගන්නට ය. ලංකාව දත කන්නේ තව සතියකින් රට විවෘත කළ හැකි පරිදි 1 වැනිදා වනවිට පෙට්‍රල් ඩීසල් හොයාගන්නට ය.

    නත්තලට සඳහා එංගලන්තයට තව මාස 3 ක් හරියටම තිබේ. ලංකාවට ඉලක්කගත කාලයට ඉන්ධන හිඟය වළක්වා ගන්නට තව තිබෙන්නේ දවස් කිහිපයකි.

    ඊයේ දිනයේ පැවති International Chamber of Commerce හෙවත් අන්තර්ජාතික වාණිජ මණ්ඩලයේ සාකච්ඡාවේදී ද හෙළි වූ පරිදි, ඔක්තෝබර් 1 වැනිදා වන විට ඉන්ධන මිලදී ගැනීමට නොහැකි වුවහොත් රට ඔක්තෝබර් මැද දක්වාම ලොක්ඩවුන් කිරීමේ අවදානමක් ද තිබේ.

    ලංකාවේ ඇත්ත කතාව ඕක ය.

    එංගලන්තය HGV රියැදුරන් හිඟ වන විට රට කලබල වීම ස්වභාවික ය.

    ඒ, එක්සත් රාජධානියේ නිෂ්පාදන සහ සිල්ලර ව්‍යාපාර ක්ෂේත්‍රයන් සහමුලින්ම රඳා පවතින්නේ ගොඩබිම් මාර්ග ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය කිරීම මත නිසා ය. (මූලාශ්‍රය - මෙට්‍රො)

    ඒ අනුව එය එංගලන්ත වෙළඳපොළ තුළ භාණ්ඩ හිඟයක් ඇති වීමට බලපානු ඇත. ඒ අනුව මෙය නිකංම නිකං පෙට්‍රල් කතාවක් පමණක් නොවේ. නත්තල ඉලක්ක කර ගනිමින් එයට ඔවුන් දැන්මම පිළියම් සොයන්නේ එනිසා ය.

    සරලව කියනවා නම් ලංකාවේ තෙල් හිඟය සහ එංගලන්තයේ පෙට්‍රල් හිඟය එකිනෙකට සපුරා වෙනස් ය.

    මේ දෙකේම තිබූ එකම සමාන කම වන්නේ දෙරටේම සිටින මොළය සාක්කුවේ දමාගත් අභිමානවත් පුරවැසියන් කඩපිල්වලට සහ පෙට්‍රල් ෂෙඩ්වලට කඩා වැදී ‘පැනික් බයිං‘ හෙවත් ‘කුලප්පු මිලදී ගැනීම්‘වල නිරත වීමයි. තිබෙන පෙට්‍රල් ටිකත් හිඟවෙන්නට නම් එය ෂෝට් කට් කපා දෙයි.

    PRI_201216836-533x400.jpg

    මේ අතර, ලංකාවේ ප්‍රවාහන අමාත්‍යවරයාට සමාන බලතල ඇති එංගලන්තයේ ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ෂාප්ස් කියන්නේ HGV රියැදුරු හිඟයට පිළියම් ලෙස දේශීය රියැදුරන් යොදවන්නටත් තීරණය කර ඇති බව ය. එසේම HGV රියැදුරු බලපත්‍ර ලබාදීම වේගවත් කරන්නටත් ඔවුන් ළඟ සැලසුම් තිබේ.

    ඕනෑ නම් මේ සිත නිවන කතා තව මාස ගණනක් වුවත් ඇදගෙන යන්නට ලංකාවට පුළුවන.

    එයට හේතුව, HGV රියැදුරන්ගේ හිඟය පෝලන්තය සහ ජර්මනිය වැනි රටවලින් ද වාර්තා වෙමින් තිබීමයි.

    මේ වන විට පෝලන්තයේ HGV රියැදුරන් 123,000 ක් හිඟ අතර, ජර්මනියේදී මෙම හිඟය 76,000 ක් පමණ වේ.

    එවිට පෝලන්තෙ එහෙම වුණත්- එංගලන්තෙ එහෙම වුණත්- ජර්මනියෙ එහෙම වුණත් යනාදී වශයෙන් අපට දිගටම හිත හදාගත හැකි ය.

    ඇයි දන්නෑ එහෙ හදිසි නීතිය දාන්නැත්තෙ!

    skynews-petrol-shortage-supply-crisis_5524429-600x338.jpg

    ලංකාවේදී පෙට්‍රල් නෑ කියන්නේ එක්කෝ පෙට්‍රල් හංගා තිබෙන විට ය. නැතිනම් පෙට්‍රල් සංචිතත් හිඳී තිබෙන විට ය.

    නමුත් එංගලන්තයේ එවැනි හිඟයක් නැත. සංචිතවල පෙට්‍රල් තිබේ.

    ඒ බව එංගලන්තයේ අගමැති කාර්යාලයේ ප්‍රකාශක ද සහතික කරයි.

    ඒ රටේ උසස් නිලධාරීන් ‘කියන කතා‘ ලංකාවේ කියවාරු කතා වගේ නොවේ. කියන කතාවලට ඔවුහු වගවෙති. තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලුවත් එවිට දැනගන්නට ලැබෙන්නේ ඒ කතා කියන්නේ, එසේ කතා කියන්නට පුළුවන් සාධක සහ කරුණු මත පදනම් වී බව ය.

    ලංකාවේ සහල් හිඟයක් ඇති වූ විට කළේ හදිසි නීතිය දැමීමයි! ආහාර හදිසි තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා හදිසි නීතිය ලහි ලහියේ සම්මත කළ ලෝකයේ ප්‍රථම රට ලංකාව විය යුතුය.

    ඒ අනුව පොළොන්නරුවේ සහල් මෝල් හිමියන් හාල් හංගන විට හදිසි නීතිය දැම්මා සේ, ලංකාවේ පෙට්‍රල් ෂෙඩ් හිමියන් පෙට්‍රල් හංගන්නේ නම් හදිසි නීතිය දමනු ඇත. ඒ අනුව ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් ණයට ඉල්ලීමට අපට සිදුවීමෙන් පෙනී යන්නේ හංගන්නටවත් ඉන්ධන නැති බව ය.

    නමුත් එංගලන්තය ලංකාව වගෙ නොවේ. ඉන්ධන සංචිතවලින් ඉන්ධන ගෙන්වා ගැනීමට හදිසි නීතිය තබා, හමුදාවවත් ඔවුන් යොදවන්නේ නැත.

    එංගලන්තය HGV රියැදුරු හිඟය වළක්වා ගැනීමට හමුදා සහාය නම් නොපතන බව කුමන හෝ හේතුවක් නිසා විදෙස් වාර්තාවල විශේෂයෙන් සඳහන් වේ!

    https://www.lankanewsweb.net/sinhala/127-general-news/93649-හේතුවත්-ඵලයත්-දෙකම-වෙනස්-ලංකාවේ-සහ-එංගලන්තයේ-ඉන්ධන-පෝලිම්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    Let's hope at least SL GOV can provide electricity because lots of people working from home and bring money this time.
    and it's time to stand against all the Politicians in SL. Because not all Sri Lankans can migrate. think about thousands of poor people and their starving children. so this can be started with SL people in Foreign countries and slowly migrate to the inland.
     
    • Like
    Reactions: Oli_Vili

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    හරියට වැක්සීන් ටිකවත් දුන්නෙ නැති පර සුද්දගෙ රටක්නේ යකෝ ඕක..අපේ රටවල් හූරං කාලා කලවම් හැත්ත බිහිකරලා රටම කාලා උන්ගෙ රටවල් පෝසත් කරගත්තට වැඩක් තියෙනවද බලපංකෝ කිසිම කළමනාකරණයක් නැති රටක් වෙලානේ..හම්බයො ඵහෙන් අරිනව සුද්ද ඔහේ දීගෙන ඉන්නව..ලන්ඩන් වලට ගියහම හම්බ රටකට ගියා වගේ..අපේ රටවල් වලට කෙලවපු සාපේ තමා ඔය ඕකුන්ට වැදිලා තියෙන්නෙ..
     
    • Like
    Reactions: erozan

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේවා තමා අවස්ථා රජයවල් හොයලා බලන්න ඕනේ

    පැතුමට උවමනාවක් තියෙනවා නම් රට ගොඩ දාන්න ඕනනං මේ අවස්තාව ප්‍රයෝජනයට ගන්න පුළුවන් 1000ක් ගොඩ දැම්මොත් විදේශ විනිමය තමා

    රජයට සංචාරක ක්ෂේශ්ත්‍රයේ හා වෙනත් අය ලග ඇති මේ ඉන්ටනැෂනල් වාහන පැදවීමේ බලපත්‍ර ඒ අය 10000ක් ඔය රටවල් ටිකට යවාගන්න සෑහෙන ගානක් රටට ගේන්න ගන්න පුළුවන්

    මම දන්නා අයියා කෙනෙක් හෙට යනවා ඔය රස්සාවට එයා පුද්ගලිකව දන්නා කෙනෙක් මාර්ගයෙන් තමා ඒ අවස්තාව ලබා ගත්තේ එයා කැමති උනොත් තව අයට චාන්ස් එකක් අරන් දෙන්න මම බලන්නම්
     
    • Like
    Reactions: Oli_Vili