මේ මහත්තයා. කරුණාකරල ඉතිහාසය කියවල එන්න. යක්ෂ ගෝත්රිකයෝ වුනේ වංශ චිහ්නය නිසා. නාග, රාක්ෂ,දේව ගෝත්රත් එහෙමයි. හෙළයන් කියන්නේ ඒ අයගෙන් පැවතගෙන එන අය. පස්සේ කලවං වෙලා තියනව, පිරිසිදු ජාතීන් ලොව දැන් නැහැ.
නමුත් මතක තියා ගන්න මේ රටේ ඉතිහාසය, සංස්කෘතිය ගොඩනැගුවේ ඔවුන්. මේ රටෙන් දෙමළ සෙල් ලිපි හමුවන්නේ අතලොස්සක්. ඒවත් වෙහෙර විහාර වලට කරපු පූජාවන් ගැන. අරාබි සෙල්ලිපි හමුවන්නේ නුදුරු ඉතිහාසයේ. ඒක නිසා මේක ශ්රීලාංකිකයන් ගේ රට කියල කියන්න එන්න එපා. මේක සිංහල රට. සිලෝන් කිව්වේ ඒ නිසා. නමුත් මේක සිංහල රට කියන්නේ අනික් ජාතින් මුහුද පැන්න යුතුයි කියන එක නෙවෙයි. ඔවුන් මේ රටේ මුල් උරුමක්කාරයන්ට ඒ තැන දිය යුතුයි කියන එක සහ අත යට කඩප්පුලි වැඩ වලින් මහා ජාතිය බවට පත්වීමේ කුමන්ත්රණයන් අත්හිටුවිය යුතුයි කියන එක. මේ රටේ නීති රීති වලට එකගව* ඔවුන්ට මේ රටේ ජීවත්වීමේ අයිතිය තියනවා. නමුත් අර කඩප්පුලි වැඩ නැවැත්විය යුතුයි.
[*මේ රටේ නීතිය ගැන මට ප්රශ්න කිරීම් තියනවා. මේ රටට නීති පද්ධති 4ක් තියනවා.රෝම-ලන්දේසි නීතිය, තේසවලාමේ නීතිය,ඉස්ලාමීය නීතිය සහ උඩරට නීතිය. (හොදට බලන්න මේ රටේ බහුතරය සිංහලයන් වුණත් සිංහල නීතිය කියල එකක් නෑ-ඒක හොදට ඔළුවට ගත්තොත් හොදයි!!)මෙහෙම වෙන්න බෑ. මේ රටට තියෙන්න ඕන එක නීති පද්ධතියක්. ඒක වාර්ගික හෝ ආගමිකත්වය මත පදනම් විය යුතු නෑ]