ලංකාවේ සුන්දර මාර්ග
සිරිලක ස්වභාව සෞන්දර්යය අත්විඳින්න දවස් කීපයකින් නම් කොහොමටවත් බැරි බව ශ්‍රී ලංකාවට එන ඕනෑම සංචාරකයෙක්ගෙන් ඇහුවොත් කියන දෙයක්. හැබැයි අපි ජීවිත කාලෙම ලංකාව ඇතුලේ ඉඳලත් මේ සෞන්දර්යය අත්විඳින්න වෙලාවක් කලාවක්, වුවමනාවක් නැහැ. ඒකට ගොඩක් වෙලාවට එක හේතුවක් තමයි අපි හුරුවෙලා ඉන්නේ ට්‍රිප් එකක් යනව නං කාර් එකක, එහෙම නැත්තං ඒකටම හයර් එකට ගත්තු වාහනේක යන්න ඕන කියන සංකල්පෙට නිසා. හැබැයි අමතක කරන්න එපා, ලංකාවට එන සංචාරකයොත් බැක්පැක් එකක් එල්ලගෙන බස් එකකට නැගලා, එහෙම නැත්තං කෝච්චියේ පඩියේ වාඩි වෙලා නිදහසේ ලංකාවේ ඇවිදිනවා. මේ අපි කියන්න හදන්නේ බස් එකේ නැත්තං කෝච්චියේ යනකොට පහුවෙන ලංකාවේ සුන්දරතම ගමන් මාර්ග කීපයක්.
1. අගනුවරකින් අගනුවරකට: කොළඹ – නුවර
කොළඹ කියන්නේ රටේ වාණිජ අගනුවර කියලනේ සලකන්නේ. මහනුවර සැලකෙන්නේ ලංකාවේ සංස්කෘතික අගනගරය විදියට. කොහොම වුනත් ජනාකීර්ණ, දැඩි හිරු රැස් වලින් උණුසුම් වුණු කොළඹ ඉඳන් රට මැද ඈත කඳුකරයේ පිහිටි මහනුවරට යන එක ගොඩක් දෙනෙක්ට පුරුද්දක් බවට පත්වුණු සුන්දර අත්දැකීමක්. කොළඹ නගරයේ ජනාකීර්ණත්වය කිරිබත්ගොඩ හරියත් පහුවෙනකල් දැනෙනවා. ඉන් පස්සේ ටික ටික කොළ පාට වැඩි වෙන්න පටන් ගන්නවා. කළගෙඩිහේන පහුකරනකොට පාරේ වම් පැත්තේ රතුම රතුරඹුටන් සහ තවත් පළතුරු ගොඩගහලා තියෙන පොඩි කඩ පේලි එක්ක තමයි ඔබට හැබෑවටම මේ ගමනේ සුන්දරත්වය වැටහෙන්න පටන් ගන්නේ. බටලීයේ සුප්‍රසිද්ධ කජු ලඳුන්ගේ අතීත කතාවලින් තවමත් ශේෂමාත්රයන් ඉතුරු වෙලා තියෙනවා. ඉන් පස්සේ වේවැල්දෙනියට එනකොට පාර දෙපැත්තේම දකින්න තියෙන්නේ වේවැල් බඩු භාණ්ඩ පුරවපු කඩපිල්. ඇත්තටම මේ විදියට නුවර පාරේ විවිධ නගරවල තියෙන විශේෂීකරණය මේ ගමනට ලබාදෙන්නේ අපූරු හැඟීමක්. ඒ හැඟීම තීව්ර කරන්න එකතු වෙනවා මාවනැල්ලට පස්සේ එක් එක් තැන්වල මුණගැහෙන පරණ තාලේ කඩපිල් කීපයකින් සෙවණ වුණු ආදි පන්නයේ ටවුන්.
කෑගල්ල, මාවනැල්ල නගර පහු කරනකොට නුවර යන අපිට දැනෙන්න ගන්නවා ඇත්තටම නුවර යනවා කියලා. ඇත්තටම දේශගුණයේ ඇඟට දැනෙන වෙනසක්, සිසිලසක් මේ හරිය පහුවෙනකොට දැනෙන්න ගන්නවා. එතනින් එහාට කඳු වටේ දඟර ගැහෙමින් නුවරට සේන්දු වෙනකල් යන ගමනේ සුන්දරත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
2. දිවයිනේ සැපදායකම දේශගුණය අතරින් :කොළඹ සිට බදුල්ල බලා
කොළඹ ඉඳන් බදුල්ල දක්වා යන්න සෑහෙන්න දෙනෙක් රෙකමන්ඩ් කරන්නේ කෝච්චියේ ගමන. අපි ඒකට විරුද්ධ වෙන්නේ නෑ, මොකද ඒ තරමටම ඒ ගමන සුන්දර නිසා. හැබැයි කොළඹ ඉඳන් බදුල්ල බලා යන බස් ගමනත් සුන්දරත්වයෙන් අඩුවක් නැහැ.
කොළඹ ඉඳන් හයිලෙවල් පාරේ බදුල්ල පැත්තට යනකොට හිතට දැනෙන වෙනසක් අහුවෙන්නේ ඇත්තටම අවිස්සාවේල්ල හරියෙදි තමයි. ඊට කලින් අතරමග ඝන කැලෑ සහිත ප්‍රදේශ එහෙමත් මුණගැහෙනවා. ඒත් අවිස්සාවේල්ල නගරයට කලින් තියෙන පරණ තාලේ දුම්රිය ස්ථානය දකිනකොට ඇඟට දැනෙන්න ගන්නවා අපි මේ යන්නේ බදුල්ල කරා සුන්දර ගමනක් කියන එක. එතනින් පස්සේ තැනින් තැන ආයෙමත් මුණගැහෙනවා පරණ බව පේන කඩපිල් කීපයක් විතරක් තියෙන පොඩි පොඩි ටවුන්. ඉන් පස්සේ ආයෙමත් රත්නපුරේ නගරයේ ජනාකීර්ණ බවට මුහුණ දෙන්න වෙනවා.
මෙතැනින් එහාටත් ඔබට දේශගුණය වෙනස් වෙන අපූරුව ඇඟට දැනෙන්න පටන් ගනී. බලංගොඩ, බෙලිහුල් ඔය එහෙම පහුකරගෙන හපුතලේට එනකොට පොඩ්ඩක් නතර වුනොත් ඔබට දකින්න පුලුවන් ඔබව විස්මයෙන් විස්මයට පත් කරවන දර්ශනයක්. හපුතලේ මහපාරත් එක්ක යාබදව දකුණෙන් තියෙන්නේ මහා හෙලක්. ඒ කියන්නේ ඈත හම්බන්තොට සූරිය වැව හරිය දක්වා දැකගන්න පුලුවන් තරමේ හෙලක්. මේ ශ්‍රී ලංකාව ඇතුලේ ඔබව විස්මයෙන් විස්මයට පත් කරවන සුන්දර, දුර්ලභ දර්ශනයන්ගෙන් එකක්. ඉන් පස්සෙ දියතලාවට එනකොට කඳුකරයේ තියෙන සුන්දරත්වය දැනෙන්න පටන් අරගෙන. දියතලාවේ කඳු බෑවුම් වලට පහලට පහලට පේන ගෙවල් වල පියසි සහ තේ වතු අපූරු අත්දැකීමක්. ඉන් පස්සේ එතනින් පස්සේ දිය ඇළි වලින් ආඩ්‍ය වුණු බදුල්ල බලා යන ගමන අතරමග සුන්දරත්වය මම අමුතුවෙන් වර්ණනා කරන්න ඕන නැහැනේ.
3. නුවර සිට ඇල්ල දක්වා: ලෝකයේ සුන්දරම ගමන් වලින් එකක්
නුවර ඉඳන් ඇල්ල දක්වා වෙන දුම්රිය ගමන සංචාරකයින් බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ලෝකයේ තියෙන සුන්දරම ගමන් පථයන්ගෙන් එකක් විදියට. ඉතින් නුවර ඉඳන් ඇල්ල දක්වා බස් රථයකින් යනකොටත් ඒ සුන්දරත්වයම ඔබට අත්විඳින්න ලැබෙන එකක් නැති වෙයිද? හැබැයි අපි අනිවා රෙකමන්ඩ් කරන දෙයක් තමයි මේ ට්‍රිප් එක යන්න වසරේ හරිම කාලගුණය තෝරගන්න කියලා. ඒ කියන්නේ අප්‍රේල් වලින් පස්සේ. ලාවට වැහි ඇල්ලකුත් වැටුනට පස්සේ ජූනි හෝ ජූලි මාසයක මේ ගමන යොදාගන්න පුලුවන් නම් උපරිමයි. මොකද එතකොට පාර දෙපැත්තේ හැම ඉඩකින්ම හිස් ඔසවගෙන ඉන්න එක එක පාට මල් සහ ගස්වල හරිත වර්ණයෙන් මේ ගමනේ නියමම හැඟීම ඔබට ලබාදෙනු ඇති නිසා.
කඳුකරයේ අසිරිය ඔබට සැබෑ ලෙසින්ම විඳගන්න ලැබෙනා ගමනක් විදියට මේ ගමන හඳුන්වන එක වැරදි නැහැ. නුවර තියෙන සංස්කෘතික ප්‍රෞඩත්වය සහ සමෘද්ධිමත් භාවය එක්ක නැවුම් හැඟීමකින් පිරිලා තියෙන ඔබේ හිත වෙනස්ම ලෝකයකට ගෙනියන්න සමත් වෙනවා ඇල්ල දක්වා යන ගමනේ ඔබට මුණගැහෙන පැරණි පන්නයේ කඩපිල්, නිමක් නැතිව විහිදුනු තේ වතු, මග දෙපස ඉඩක් ලැබෙන තැනකින් සිහින් හඬ නවංවමින් ගලා බහින කුඩා දියපාරවල් වගේම තාමත් බ්‍රිතාන්‍ය යුගයේ ඉන්නේ කියලා මොහොතකට ඔබේ හිත රවට්ටන්නට සූදානම් වුනු පුංචි පුංචි දුම්රිය ස්ථානයන් වගේ දේවල්. එතකොට වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ රක්ෂිතය මැදින් යන මේ ගමන එක්ක ඔබට කඳුකරයේ සුන්දර වනගහනය දැකබලාගන්නත් අවස්ථාවක් ලැබේවි.
ඇල්ල කියන්නෙත් බොහොම සැපදායක දේශගුණයකින් සමන්විත වුණු සුන්දර නගරයක්. ඉතින් ඒ සුන්දරත්වය විඳ ගැනීමේ අපේක්ෂාව මේ ගමන අතරමග මුණගැහෙන හැම දේකින්ම වැඩි කරනවා නියතයි.
4. කොළඹ සිට මාතර දක්වා: සුන්දර මුහුදු තීරය ඔස්සේ
ලංකාවේ ඉන්න අපි අතරින් කීයෙන් කීයද සුන්දර මුහුදු තීරයක චමත්කාරය, මුහුදු රැළි පිසගෙන එන සුවඳ විඳින්න අකැමැති වෙන්නේ? කොහොම වුනත් මේ ගමන ඉතාම ඉක්මනින් කරගන්න පුලුවන් විදියට හයිවේ හදලා තිබුණත්, අපි රෙකමන්ඩ් කරන්නේ හදිසියක් නැතිනම් පරණ ගාළු පාරේ යන්න කියලා තමයි. වෙලාව වැඩිපුර යනවා තමයි. හැබැයි මේ ගමනේ තියෙන චමත්කාරය හයිවේ එකේ ගිහින් ලබාගන්න බෑ කියලා බය නැතුව කියන්න පුලුවන්.
කොළඹින් පිටත් වුණු වෙලාවේ ඉඳන් ගාලු පාරේ හරියටම මූද පේන්න පටන් ගන්න නං මොරටුවැල්ල, කොරල වැල්ල හරියටම එන්න ඕන. මේ මුහුදු හුළං කෙලින්ම ඇවිත් මුහුණේ වදින, මුහුදු රළ පැහැදිලිව ඇහෙන, රළ පෙරළෙනවා ඈතින් හරි පේන මේ මොහොත එනකල් හිතේ තියෙන නොඉවසිල්ල තේරෙන්නේ මේ ගමනට ඇලුම් කරන කෙනෙක්ට විතරයි. වෙරළ දිගේ සමාන්තරව දිව යන කෝච්චි පාරත්, වෙරළේ හදලා තියෙන තාවකාලික පැල්පත් වුනත් මේ දසුනට වෙනස්ම වර්ණයක් එකතු කරනවා.
ඉන්පස්සේ කළුතර බෝධිය, කටුකුරුන්ද පහුකරලා පයාගල හරියට එනකොට ඔන්න පලපුරුදුකාරයින්ගේ නාස් වලට පිරිසිදු පොල් රා සුවඳ දැනෙන්න පටන් ගන්නවා. මේ වෙනකොට පාර දෙපැත්තේ තියෙන පොල් ගස් වැටි වල දිගින් දිගට බැඳලා තියෙන හැර පට වගේම, මුහුදු වෙරළ දිගේ නවත්තලා තියෙන ඔරු, මෝටර් බෝට්ටු, ට්‍රෝලර් බෝට්ටු කියන්නේත් හුරුපුරුදු දසුන් බවට පත්වෙන්න පටන් අරගෙන.
මේ එක්කම අම්බලන්ගොඩ, හික්කඩුව පහුවෙනකොට ඔබ දකුණු පලාතට හුරුපුරුදු කෙනෙක් නෙවෙයිනම් ඔබට දැනෙන දෙයක් තමයි වෙනස්ම ආකාරයක වර්ණවත් ජීවන රටාවක්, සංස්කෘතියක් සංචාරක ව්‍යාපාරයත් එක්ක මේ දකුණු මුහුදු තීරය දිගේ දිගින් දිගට ඇතිවෙලා තියෙනවා කියන එක. සැහැල්ලුවෙන් ෆුට් සයිකල් වල නැත්නම් ස්කූටි වල නැත්නම් පයින් ගමන් කරන විදේශිකයින්, හක් බෙල්ලෝ, විවිධාකාරයේ සුන්දර ආභරණ, හිපි තාලයේ ඇඳුම් පැළඳුම් විකුණන්නට තියෙන පුංචි පුංචි කඩපිල් වගේම අර මුල ගමන් වල කිව්ව වගේම පැරණි තාලේ කඩපිල් කීපයකින් සැදුණු පරණ පෙනුම තියෙන පොඩි ටවුන් එහෙමත් මේ ගමනේදී මුණගැහෙනවා. මේ හැමදේටම එපිටින් නිරන්තරයෙන් ආකූල වෙමින් ඉන්දියන් සාගරයත් විහිදිලා තියෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
කොහොම වුනත් ගාල්ල වගේ දැවැන්ත නගරත්, කොග්ගල වගේ සුන්දර පුංචි නගරත් පහුකරගෙන මාතරට ලඟා වෙනකොට ඔබ මේ චමත්කාරජනක දකුණු වෙරළ තීරයත්, ඊට සමාන්තරව බැඳුනු ජන ජීවිතයත් අත අරින්න බැරි විදියට හිතේ තැන්පත් කරගෙන කියන එක බොරුවක් වෙන්නේ නැහැ!
http://www.aniwa.lk/2016/10/18/1610181-the-most-scenic-bus-routes-in-srilanka/