පිස්සු මන්ද මානසිකයෝ ටිකක් බන්...ගොඩක් උන්ගේ වීඩියෝ වල පෙනුමෙන් නම් දුර බැහැර පැති වල දුප්පත් අම්මල තාත්තලාගේ දරුවෝ බන්...මට දුක ඒ අම්මල ගැන...ඒ අම්මලට මේවා දැක්කම මොනවා හිතෙයිද සිරාවටම...මුන් හරි ලොකු දෙයක් කරනවා කියල ගෙවල් වලින් හිතන් ඇති සමහර විට....එක්කෝ ඒ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැතුව ඇති...අනේ අපේ පුතා වීඩියෝ හදල, සින්දු හදල ඉන්ටර්නෙට් එකට දානවා කියල හිතනවා ඇති...මිනිස්සු ඒවා බලනවා ඇති..එහෙම කියල හිතනවා ඇති...
මුන් කරන්නේ තමන්ගේ දෙමව්පියෝ රැවටීමක් වගේ දෙයක්..පව් ඒ අම්මල තාත්තල...![]()
දැන් කාලේ සමහර පොඩි එවුන්ට පුදුම උණක් බන් තියෙන්නේ. ඊයේ එකෙක් මට කියනවා ඌට බයික් එකක 70ට අඩුවෙන් යන්නම බැරිලු. කලින් දවසේ යාලුවෙක්ගෙ ගෙදර ගිහින් 140 ට ආවලු බයික් එකේ. තාම license ඇත්තෙත් නෑ. බයික් එකට නැගලා start කරලා ගේට්ටුව ගාවින් ගද්දි 3,4 පාරක් නවතිනවා clutch balance නැති නිසා. ඒ වුණාට යන්නේ 140 ට.









හයියෙන් යනකොට අත් හිටන් රිදෙනවා..පාරම බලන් යන්න ඕනේ..කොයි වෙලේ මොකේ අනියිද, මොකා හරවයිද කියල බල බල යන්නේපයි බන්...එකෙක් කරුමෙට දැම්මොත් එත් කරන්න දෙයක් නැහැ...ගිහින් අනිනවා හැර වෙන කරන්න දේකුත් නැහැ මොකෝ බයික් එකේ බ්රේක් ගැන අපි නොදන්නවාද...ඇරත් එහෙම විදගෙන ගිහින් බ්රේක් ගහපු ගමන් කන්ට්රෝල් නැති වෙනවා..