මම දැනට බලල තියෙන සිංහල ටෙලිඩ්‍රාමා ටිකක් උඹලට කියාගෙන යන්නම්. උඹල ටෙලිඩ්‍රාමා බලන අයනම්, මේ ටෙලිඩ්‍රාමා ටික මම උඹලට රෙකමන්ඩ් කරනව බලන්න කියල. සමහර ඒවනම් ගොඩක් ජනප්‍රිය වුණා වගේම උඹල අනිවාර්යයෙන් බලල ඇති කියල හිතනවා. මේ අතර නැති හොඳ නිර්මාණ තියෙනවනම් මටත් බලන්න රෙකමන්ඩ් කරගෙන යන්න. ස්තූතියි මචංලා..
මට දැනුන විදියට ටෙලිනාට්‍යවල නිර්මාණාත්මක භාවය අනුව අංක පිළිවෙලට ඉදිරිපත් කර ඇත.
01. සහෝදරයා ★★★★★★★★★★
02. බොහිමියානුවා ★★★★★★★★★★
03. කූඹියෝ ★★★★★★★★★★
04. සුදු ඇඳගෙන කළු ඇවිදින් ★★★★★★★★★★
05. වීරයා ගෙදර ඇවිත් ★★★★★★★★★★
06. මාණික්කාවත ★★★★★★★★★★
07. තාත්තා ★★★★★★★★★★
08. බැද්දේ කුළවමිය ★★★★★★★★★☆
09. අහසින් වැටුනා ★★★★★★★★★☆
10. තණමල්විල කොල්ලෙක් ★★★★★★★★★☆
11. සත්‍යා ★★★★★★★★★☆
12. ලෝකා ★★★★★★★★★☆
13. කොඩි ගහ යට ★★★★★★★★★☆
14. ඉලන්දාරි හැන්දෑව ★★★★★★★★★☆
15. ගොළු තාත්තා ★★★★★★★★★☆
16. තාරා ★★★★★★★★☆☆
17. ඇබෑර්තු ඇත ★★★★★★★★☆☆
18. යශෝරාවය ★★★★★★★★★☆
19. විශ්මය ★★★★★★★★☆☆
20. පීතෲ ★★★★★★★★☆☆
21. ජීවිතයට ඉඩදෙන්න ★★★★★★★★☆☆
22. අමුතු මිනිස්සු ★★★★★★★★★☆
23. ගිරිදේවි ★★★★★★★★☆☆
24. ජීවිතයේ එක් දවසක් ★★★★★★★★☆☆
Updated on 27th Oct. 2024
Mae set dekama hondayi..ප්‍රාණ
නාඩගම්කරයෝ
ජීවිතයේ එක් දවසක්
ඔය සෙට් එක තමයි මතක් වුනේ උබ දාපු ඒවාට අමතරව
ගොඩක් අය දන්නෑ ඉතිං, අනුරුද්ධ ජයසිංහ ගේ(ගින්නෙන් උපන් සීතල කළේ) films කීපයක වගේ නයනතාරා හිටියා.හැබැයි සමහරු නිකං එයාව use කරනවා විතරයි නාට්‍ය up කරගන්න.ඒක දන්න නිසාම ඒකි ලේසියෙන් නිර්මාණවලට එන්නෑ.ඒකි නිර්මාණ කරනවාට වඩා කරන්නේ acting study කරන එක.ජීවිතය එක් දවසක් දැන් බලල ඉවරවුණේ. කොටස් 25ක කතාවක් නිසා දවසෙන් සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා. ඒකත් හොඳ කතාවක් බං. රේටින් අතින් ගත්තොත් හැමෝගෙම ඇක්ටින්වලට උපරිම පොයින්ට්ස් ටික දෙන්න පුළුවන්. සංගීතය උපරිම හොඳයි. හැබැයි පසුබිම් නිර්මාණය, තිර රචනය ටිකක් අවුල් වගේ දැනුනා. සම්පූර්ණ ඩ්‍රාමා එකම පසුතල කිහිපයක විතරයි ෂූට් කරල තිබුණෙ. ඒ පසුතල ටිකත් හරියට ඕගනයිස් කරල නෑ වගේ බං.
බිමල් රත්නායක, කළණි දොඩන්තැන්න, පුබුදු චතුරංග සහ සමනළී ෆොන්සේකා වගේ චරිත ගැන කතා කරන්න දෙයක් නෑනෙ. උන් කොහොමත් ලැබෙන චරිතවලට උපරිම සාධාරණය කරන මිනිස්සු. ඒත් නයනතාරාගෙ මේ දැකපු සාරධා චරිතෙ එයා උපරිමේටම කරල තියෙනව. එදිරිමුණිය නිසා බහුතරයක් මිනිස්සුන්ට නයනතාරා දැකල ඇති වුණාට මේ ඩ්‍රාමා එකේනම් නයනතාරාට ලැබිල තියෙන්නෙ ඇත්තටම මතක හිටින සහ ආදරේ හිතෙන චරිතයක්. එයත් ඒක හොඳටම කරල.
ස්ක්‍රිප්ට් එක ගැන බං වෙනම කතා කරන්න ඕනි. වෙනස් මාතෘකාවක්.
අනුරැද්ධ ඡයසිංහගේ උබ කියන්නෙ “එක දවසක අපි” එකනෙ..ගොඩක් අය දන්නෑ ඉතිං, අනුරුද්ධ ජයසිංහ ගේ(ගින්නෙන් උපන් සීතල කළේ) films කීපයක වගේ නයනතාරා හිටියා.හැබැයි සමහරු නිකං එයාව use කරනවා විතරයි නාට්‍ය up කරගන්න.ඒක දන්න නිසාම ඒකි ලේසියෙන් නිර්මාණවලට එන්නෑ.ඒකි නිර්මාණ කරනවාට වඩා කරන්නේ acting study කරන එක.