ලංකාවේ සුපිරි ටෙලිඩ්‍රාමා

virajqs

Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මම දැනට බලල තියෙන සිංහල ටෙලිඩ්‍රාමා ටිකක් උඹලට කියාගෙන යන්නම්. උඹල ටෙලිඩ්‍රාමා බලන අයනම්, මේ ටෙලිඩ්‍රාමා ටික මම උඹලට රෙකමන්ඩ් කරනව බලන්න කියල. සමහර ඒවනම් ගොඩක් ජනප්‍රිය වුණා වගේම උඹල අනිවාර්යයෙන් බලල ඇති කියල හිතනවා. මේ අතර නැති හොඳ නිර්මාණ තියෙනවනම් මටත් බලන්න රෙකමන්ඩ් කරගෙන යන්න. ස්තූතියි මචංලා..
    මට දැනුන විදියට ටෙලිනාට්‍යවල නිර්මාණාත්මක භාවය අනුව අංක පිළිවෙලට ඉදිරිපත් කර ඇත.
    01. සහෝදරයා ★★★★★★★★★★
    02. බොහිමියානුවා ★★★★★★★★★★
    03. කූඹියෝ ★★★★★★★★★★
    04. සුදු ඇඳගෙන කළු ඇවිදින් ★★★★★★★★★★
    05. වීරයා ගෙදර ඇවිත් ★★★★★★★★★★
    06. මාණික්කාවත ★★★★★★★★★★
    07. තාත්තා ★★★★★★★★★★
    08. බැද්දේ කුළවමිය ★★★★★★★★★☆
    09. අහසින් වැටුනා ★★★★★★★★★☆
    10. තණමල්විල කොල්ලෙක් ★★★★★★★★★☆
    11. සත්‍යා ★★★★★★★★★☆
    12. ⁠ලෝකා ★★★★★★★★★☆
    13. කොඩි ගහ යට ★★★★★★★★★☆
    14. ඉලන්දාරි හැන්දෑව ★★★★★★★★★☆
    15. ගොළු තාත්තා ★★★★★★★★★☆
    16. තාරා ★★★★★★★★☆☆
    17. ⁠ඇබෑර්තු ඇත ★★★★★★★★☆☆
    18. ⁠යශෝරාවය ★★★★★★★★★☆
    19. ⁠විශ්මය ★★★★★★★★☆☆
    20. ⁠පීතෲ ★★★★★★★★☆☆
    21. ⁠ජීවිතයට ඉඩදෙන්න ★★★★★★★★☆☆
    22. ⁠අමුතු මිනිස්සු ★★★★★★★★★☆
    23. ⁠ගිරිදේවි ★★★★★★★★☆☆
    24. ජීවිතයේ එක් දවසක් ★★★★★★★★☆☆

    Updated on 27th Oct. 2024

    ප්‍රාණ
    නාඩගම්කරයෝ
    ජීවිතයේ එක් දවසක්

    ඔය සෙට් එක තමයි මතක් වුනේ උබ දාපු ඒවාට අමතරව
    Mae set dekama hondayi..
    Owata amatharawa “Kolam Kuttama” mul kale nam hondayi..Habayi eka too much adinna gihin and araki drama eka dala giyata passe goo wuna
     
    • Like
    Reactions: cmtwap

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,224
    113
    Mother Earth
    දැන් වියළි කියලා කතාවක් යනවා saturday and sunday වල රෑ 8:30ට රුපවාහිනියේ. ඒකත් මරු ගමේ කතාවක්. මාර ලස්සනයි කතාව. ❤️
     
    • Love
    Reactions: cmtwap

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඉසුරු යෝගය
    සඳගල තැන්න
    සුසීමා
    තාරාදේවි
    බෝගල සවුන්දිරිස්
    ගිරය
    කඩවර
    රුපියල් සත
    මනුකාකපුර
    (සුමින්ද සිරිසේන මහත්මය රඟපාන නාට්‍ය කීපයක් තියෙනව-මතක් කරන්න ඔ්න )
     
    • Love
    Reactions: animation

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ජීවිතය එක් දවසක් දැන් බලල ඉවරවුණේ. කොටස් 25ක කතාවක් නිසා දවසෙන් සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා. ඒකත් හොඳ කතාවක් බං. රේටින් අතින් ගත්තොත් හැමෝගෙම ඇක්ටින්වලට උපරිම පොයින්ට්ස් ටික දෙන්න පුළුවන්. සංගීතය උපරිම හොඳයි. හැබැයි පසුබිම් නිර්මාණය, තිර රචනය ටිකක් අවුල් වගේ දැනුනා. සම්පූර්ණ ඩ්‍රාමා එකම පසුතල කිහිපයක විතරයි ෂූට් කරල තිබුණෙ. ඒ පසුතල ටිකත් හරියට ඕගනයිස් කරල නෑ වගේ බං.
    බිමල් රත්නායක, කළණි දොඩන්තැන්න, පුබුදු චතුරංග සහ සමනළී ෆොන්සේකා වගේ චරිත ගැන කතා කරන්න දෙයක් නෑනෙ. උන් කොහොමත් ලැබෙන චරිතවලට උපරිම සාධාරණය කරන මිනිස්සු. ඒත් නයනතාරාගෙ මේ දැකපු සාරධා චරිතෙ එයා උපරිමේටම කරල තියෙනව. එදිරිමුණිය නිසා බහුතරයක් මිනිස්සුන්ට නයනතාරා දැකල ඇති වුණාට මේ ඩ්‍රාමා එකේනම් නයනතාරාට ලැබිල තියෙන්නෙ ඇත්තටම මතක හිටින සහ ආදරේ හිතෙන චරිතයක්. එයත් ඒක හොඳටම කරල.
    ස්ක්‍රිප්ට් එක ගැන බං වෙනම කතා කරන්න ඕනි. වෙනස් මාතෘකාවක්.
    ගොඩක් අය දන්නෑ ඉතිං, අනුරුද්ධ ජයසිංහ ගේ(ගින්නෙන් උපන් සීතල කළේ) films කීපයක වගේ නයනතාරා හිටියා.හැබැයි සමහරු නිකං එයාව use කරනවා විතරයි නාට්‍ය up කරගන්න.ඒක දන්න නිසාම ඒකි ලේසියෙන් නිර්මාණවලට එන්නෑ.ඒකි නිර්මාණ කරනවාට වඩා කරන්නේ acting study කරන එක.

    PS:- අරකෙ පසුතල seen එක නං ඇත්ත.Main reason එක තමයි ඕක කළේ අර තෙල් පෝලිම් & අරගල කාලේ.Director දාලත් තිබ්බද කොහෙද සල්ලි ප්‍රශ්න ගැන.හැබැයි කට්ටිය එකතුවෙලා වැඩේ උපරිමයෙන් කරලා තිබ්බා.Bimal interview එකක කිව්වා එයාගේ ජීවිතයට ඉඩදෙන්න drama එකේ මුලින්ම best actor nominate වෙලා 20 years වලට පස්සේ one day in life nominate වෙද්දී ඒ කාලෙ එක්ක හෙන nostalgic feelings ටිකක් ආවලු.
     
    Last edited:

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    ගොඩක් අය දන්නෑ ඉතිං, අනුරුද්ධ ජයසිංහ ගේ(ගින්නෙන් උපන් සීතල කළේ) films කීපයක වගේ නයනතාරා හිටියා.හැබැයි සමහරු නිකං එයාව use කරනවා විතරයි නාට්‍ය up කරගන්න.ඒක දන්න නිසාම ඒකි ලේසියෙන් නිර්මාණවලට එන්නෑ.ඒකි නිර්මාණ කරනවාට වඩා කරන්නේ acting study කරන එක.
    අනුරැද්ධ ඡයසිංහගේ උබ කියන්නෙ “එක දවසක අපි” එකනෙ..

    IMG-2501.jpg


    නයනතාරා act කරපු පිල්ම්ස් වලින් තවම release වුනේ ඕකයි, “සිනේමා” කියන එකයි , දැන් යන “Passport” එකයි විතරයිනෙ..
    ඒවායිනුත් “ සිනේමා” එක මෙයා field එකට ආපුම කාලෙ (2016-2107) කරපු එකක් වුනාට release වුනේ Sep 2022.. ඒකෙ බිමල් ඡයකොඩි , ශ්‍යාම් ප්‍රනාන්දු වගේ cast එකකුත් හිටියා..ඉතිං ඒ වගේ release වෙන්න ගොඩාක් පරක්කු වෙන එකෙන් ඒ පිල්ම් එක expected level එකට ආවේ නෑ.අඩුම ගානෙ ඒකෙ director and producer නාකි පප්පලා දෙන්නා ඒක DvD, PEO TV වලට වත් දුන්නෙ නෑ.
    ඊලගට දැන් යන Passport” එක ගත්තත් ඒකත් 2018 වගේ shoot කරලා release වෙන්නෙ දැන්.. ඔන්න ඕකයි තත්වේ..
    තව මෙයා කරපු “ Marine Drive “ කියලා එකක් තියෙනවා ඒකත් බාලගිරි දෝෂය..

    මේ තියෙන්නෙ බඩු
    https://elakiri.com/threads/නයනතාරා-වික්‍රමාරච්චි-films-that-have-not-yet-been-released.2153830/
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    අකාල සන්ධ්‍යා
    දඬුබස්නාමානය


    සඳගලතැන්න
    ඉසිවර අසපුව

    ගම්පෙරළිය
    කඩුල්ල

    දුන්හිද අද්දර
    සින්තටික් සිහිනය

    ධවල කඬුල්ල

    ඔය set එකේ තියන සමානතා තමා වැඩි අනවශ්‍ය දෙබස් නැති වීම.....
    ඉඩ තියල තියෙන්නෙ වැදුන හැටියට..
     
    Last edited:
    • Love
    Reactions: cmtwap