ලංකාවේ හමුඋන පැරණිම නිවස

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113

    උඩරංචාමඩම පැරණි නිවාස (ක්‍රි.පූ 1129) වර්ෂ 3100 පෙර

    විජයගේ සංක්‍රමණයට පෙර (ක්‍රි.පු 544) මෙරට සිටි ස්වදේශීය ජනතාව ජීවත්වූ යුගය පොදුවේ ප්‍රාග් ඓතිහාසික යුගය නමින් හදුන්වයි. එම දිගු කාලයේදී සංක්‍රාන්තික වශයෙන් තාක්ෂණික දියුණුවක් ඇතිවූ අවධිය වන්නේ පුර්ව ඓතිහාසික යුගයයි. (ක්‍රි.පු 2400 -450) ඒ කාලයේදී ඔවුන් දඩයම් ජිවිතය අතහැර ස්ථීරවාසීතවයට යොමුවී ඇත.

    ප්‍රාග් ඓතිහාසික ජනතාව මුල් අවධින් තුළ පරිසරයේ ඇති දේශගුණික තත්වයන් අනුව ඊට ගැලපෙන ලෙස ස්වාභාවික ගල්ගුහා සහ එළිමහන් ස්ථානවල ජීවත් විය. එහෙත් පුර්ව ඓතිහාසික යුගයේදී ලාංකිකයා පෙර සිටි මිනිසුන්ට වඩා මොලය වෙහෙසා වාස්තුවිද්‍යා නිර්මාණකරණයට යොමුවී ඇත. ක්‍රි.පු 1129 කාලයට කාලනිර්ණය කර ඇති මෙම නිවාසය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි උඩරංචාමඩම නමින් හැදිවෙන ගම්මානයේ පිහිටා ඇත. එම නිවස සදහා යොදාගත් තාක්ෂණය අප මේ මෑතක් දක්වාම භාවිතයට ගෙන ඇති බව පෙනේ.

    නිවස මීටර 10.20 × 6.80 ප්‍රමාණයෙන් ආයත චතුරස්‍රාකාර හැඩයෙන් යුක්ත. නිවස අත්තිවාරමේ තැනීමේදි එහි කල්පැවැත්ම ගැන වැඩි සැලකිල්ලක් දක්වා ඇත. පොළව මත ගල් කැබලි අතුරා ශක්තිමත් පාදමක් සකසා ඒ මත මැටි අතුරා ගෙබිම සකසාගෙන ඇත. එය සිසිල් මෙන්ම සුවදායක ගෙබිමක් ලෙස සකසාගෙන තිබෙන්නට ඇත.
    නිවසේ බිත්ති බදින ලද්දේ වරිච්චි මැටි වලින්ය. ඒ අවට විසිරී තිබූ පිළිස්සී ගිය වරිච්චි මැටි කැබලිවලින් ඒ බව තහවුරු කරයි. මේ යුගයේ මිනිසා පොළවට ලම්බාකාරව බිත්ති බැදීම කළ බව ඔවුන්ගේ මැටි ඔරු සුසාන වලින් පෙනේ.(හල්දුම්මුල්, බෙරගල, රංචාමඩම මැටි ඔරු සුසාන) මේ ආකාරයටම නිවාසයේ බිත්ති තැනීමේදීද ඔවුන් මෙසේ පොළවට ලම්බාකාරව බිත්ති තැනීම කල බවට සිතිය හැක. යම්කිසි වස්තුවක් එලෙස පොළවට ලම්බකව ඉදිකිරීමෙන් එම වස්තුවෙන් පොළවට ඇතිකරන පීඩනය නිශ්ක්‍රීය වන බව ඔවුන් දැනසිටින්නට ඇත. එම දැනුම වර්තමානයටද උචිත බව ලඹය සහිත පෙදරේරුවා සාක්ෂි සපයයි.

    නිවසේ වාස්තුවිද්‍යා සැලැස්ම අනුව නිවස ඉදිපස හා පසුපස වශයෙන් කොටස් දෙකක් දැකිය හැක. ඉදිරිපස හා පසුප වෙන්කිරීමට නිවසේ මදින් බිත්තියක් ඉදිකර එතුළට යාමට උළුවස්සක් සහිත දොරක් සවිකර තිබී ඇත. නිවසේ පසුපස කොටස නිවස ඇතුළත කමරයක් ලෙසත් ඉදිරිපස කොටස ඉස්තෝප්පුවක් (ගෙපිල) ලෙස ඉදිකිරීමටත් සැළකිලිමත් වී ඇත. නිවසේ වහලය නිර්මාණය කිරීමේදී ඉලුක්, මානා,පොල් අතු වැනි දෙයකින් සෙවිලි කර තිබෙන්නට ඇත. මේ අයුරින් ලංකිකයා ක්‍රි.පු 1129 වැනි ඉතා ඈත අතීතයකදී කාලයක් පවතින අයුරින් ස්ථීර නිවාස ඉදිකිරීමට දැනුමක්, නිර්මාණශීලිත්වයක් තිබී ඇත
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432

    ඕක ඔය රුපයේ පෙන විදිහේ ගෙයක් නෙමේ මේවගේ ගෙයක් architecture ඔකේ බෙස්මට් සලකුණු වලින් ඕක ප්‍රතිනිර්මාණය කරා ..
    traditional-houses-huts-village-eticoga-island-orango-guinea-bissau-west-agrica-130558455.jpg
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අවුරුදු 3100 පරන කටුමැටි ගෙයක බිම??
    යකෝ අච්චර හයියට හදපු මාලිගා එහෙනම් කොහොම තියෙන්න ඕනද.
    ඔච්චර පරනයි කියලනම් හිතන්න බෑ තියන තැන අනුව. 1950 ගනන්වල හදලා කඩාවැටිච්ච එකක් වෙන්නැති
    රිසච් කියලා කෝටි ගනන් පාස් කරගෙන වමට ගහලා මේවගේ මගුල් පෙන්නන එක තමයි ලංකාවෙ ගොඩක් මහාචාර්ය වරු කරන්නෙ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    අවුරුදු 3100 පරන කටුමැටි ගෙයක බිම??
    යකෝ අච්චර හයියට හදපු මාලිගා එහෙනම් කොහොම තියෙන්න ඕනද.
    ඔච්චර පරනයි කියලනම් හිතන්න බෑ තියන තැන අනුව. 1950 ගනන්වල හදලා කඩාවැටිච්ච එකක් වෙන්නැති
    රිසච් කියලා කෝටි ගනන් පාස් කරගෙන වමට ගහලා මේවගේ මගුල් පෙන්නන එක තමයි ලංකාවෙ ගොඩක් මහාචාර්ය වරු කරන්නෙ.
    ලංකාවේ කාලගුණයත් එක්ක මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. අනික ආක්‍රමණ අපුවාදි ඔක්කොම බිමට සමතලා කලා. ලංකාවේ ඉතිරි උනේ නුවර රජ මාලිගාව විතරයි.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ලංකාවේ කාලගුණයත් එක්ක මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. අනික ආක්‍රමණ අපුවාදි ඔක්කොම බිමට සමතලා කලා. ලංකාවේ ඉතිරි උනේ නුවර රජ මාලිගාව විතරයි.
    ඒකනෙ බන් මේවා හොදයි බයියො චූන් කරන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,284
    113
    අවුරුදු 3100 පරන කටුමැටි ගෙයක බිම??
    යකෝ අච්චර හයියට හදපු මාලිගා එහෙනම් කොහොම තියෙන්න ඕනද.
    ඔච්චර පරනයි කියලනම් හිතන්න බෑ තියන තැන අනුව. 1950 ගනන්වල හදලා කඩාවැටිච්ච එකක් වෙන්නැති
    රිසච් කියලා කෝටි ගනන් පාස් කරගෙන වමට ගහලා මේවගේ මගුල් පෙන්නන එක තමයි ලංකාවෙ ගොඩක් මහාචාර්ය වරු කරන්නෙ.
    හෙහ් හෙහ් මොළේ තමා මොළේ