ලංකාවේ හමුදාවට එරෙහිව පරීක්ෂණයක් ඕන -මංග&#3517

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ලංකාවේ හමුදාවට එරෙහිව පරීක්ෂණයක් ඕන -මංග&#3517

    ලංකාවේ හමුදාවට එරෙහිව පරීක්ෂණයක් කරන්නැයි මංගල ජාත්‍යන්තරයෙන් ඉල්ලයි

    තහවුරු නොවූ එහෙත් ඉතා බරපතළ වූ යුද අපරාධ පිළිබඳ චෝදනා රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහිව එල්ල වී ඇති බවත් එය දශක ගණනාවක් තිස්සේ විනයගරුකව කටයුතු කළ සංග්‍රාමික හමුදාවන්ගේ ගරුත්වයට කැළැලක් බැවින් යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වන ලෙස පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කමලේශ් ෂර්මා මහතාගෙන් ඉල්ලා සිටින බවත් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

    එමෙන්ම 18 වැනි සංශෝධනය බල රහිත කර ස්වාධීන අධිකරණ, මැතිවරණ, පොලිස්, රාජ්‍ය සේවා සහ අල්ලස් කොමිෂන් සභා ස්ථාපිත කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කරන ලෙසත් දැනට පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත කඩිනමින් සම්මත කර ගැනීමට පෙලඹවීම් කරන ලෙසත් තමන් පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම්වරයා වෙත යැවූ ලිපියකින් ඉල්ලීමක් කළ බවත් මන්ත්‍රිවරයා සඳහන් කරයි.
    සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ (13දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළ සමරවීර මන්ත්‍රිවරයා මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ බරපතළ චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා ආණ්ඩුවේ නායකයා වශයෙන් පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවේ සභාපතිත්වය දැරීමට ජනාධිපතිවරයාට සදාචාරාත්මක අයිතියක් නොමැති බවද සඳහන් කෙළේය.

    වසර දෙකකට පොදු රාජ්‍ය නායකත්ව මණ්ඩලයේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට පැවැරීම බරපතළ වගකීමක් බවත් පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රඥප්තියේ අඩංගු කරුණු 18ක් ක්‍රියාත්මක කිරීමේ වගකීමට යටත්වීමට සිදුවීම ඊට හේතුව බවත් පෙන්වාදුන් මන්ත්‍රිවරයා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු නොවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත දිගන් දිගටම ලැබී ඇති චෝදනා නිවැරැදි කර ගැනීමට රාජපක්‍ෂ ආණ්ඩුව කිසිදු උත්සාහයක් දරා නොමැති බවද කීවේය.

    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් වාර්තාවේ අඩංගු නිර්දේශ අනුව අධිකරණයේ ස්වාධීනත්වය, ස්වාධීන කොමිෂන් සභා, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, මාධ්‍යවේදීන් පැහැරගෙන යෑම හා අතුරුදන් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම ඇතුළු කරුණු නොසලකා හරිමින් පවුල් කිහිපයක් වටා බලය ගොනු කරගත් රාජපක්‍ෂ රෙජීමය පුස් වෙඩි, පුරාජේරු මඟින් සෝබන සන්දර්ශන පවත්වමින් ජනතාව පීඩාවට පත්කර ඇතැයිද පෙන්වා දුන්නේය.

    රාජපක්‍ෂ රජයේ ප්‍රතිපත්තිය ජනතාවට සහන සැලසීම නොව රාජපක්‍ෂ සහෝදර සමාගම අධිපෝෂණය කිරීම බවත් සමරවීර මහතා කෝටි ප්‍රකෝටි ගණන් හිතුමතේ මහජන මුදල් වැයකර පැවැත්වීමට සූදානම් කරන පොදු රාජ්‍ය මණ්ඩල මංගල්‍යයට ඊයේ වන විට පැමිණ සිටියේ එක් රාජ්‍ය නායකයෙක් පමණක් බවද පැමිණ සිටින සෙසු අය එම රටවල නියෝජිතයන් බවද කීවේය.

    ජනතාව මර්දනය කිරීම පිණිස උතුරේ පමණක් නොව දකුණේද හමුදාකරණය බලගන්වා ඇති බව පැවැසූ මන්ත්‍රිවරයා රජයට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ජනතාවට අහිමි කර ඇති බවත් උතුරේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ සිරිකොත මූලස්ථානයේ ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා බස් හතරකින් කොළඹට පැමිණෙමින් සිටි උතුරේ ද්‍රවිඩ වැසියන් පිරිසක් මඩුපාර, මන්නාරම හා වවුනියාවේදී ඔවුන්ගේ ගමන වළක්වා රඳවාගෙන පොලිසිය විසින් පහරදී ඇති බවත් පැවැසුවේය.

    ශ්‍රී ලංකාණ්ඩුවට එරෙහිව පොදු රාජ්‍ය මණ්ඩලය වෙත ලැබී ඇති අහිතකර වාර්තාවලට අනුව අපේ රටට පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ නායකත්වය පිරිනැමීම කිසිසේත් උචිත ක්‍රියාවක් නොවුවද පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම්වරයා එම වාර්තා යටපත් කර එහි නායකත්වය අපේ රටට ලබාදී ඇත්තේ රාජපක්‍ෂ රෙජීමයේ ‍ෙදාළදුක සංසිඳවීමට බවද මන්ත්‍රිවරයා සඳහන් කෙළේය.
    චැනල් 4 අධ්‍යක්‍ෂ කැලම් මැක්රේ ඇතුළු පිරිසට උතුරේ සංචාරය සඳහා ලබාදීමට තිබූ ගුවන් ගමන් පහසුකම් අහිමිකොට ඔවුන් දුම්රියෙන් යවා ඔවුනට එරෙහිව අනුරාධපුරයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත්තේද රාජපක්‍ෂ ආණ්ඩුව බවද හෙතෙම පෙන්වා දුන්නේය.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ඉතිහාසය පුරාම මේ වගේ දේවල් උන. ඇත්තටම අපිව ඉංග්‍රීසින් යටත් කල කියන එකට මට එකග වෙන්න අමාරුයි. අපේ උදවිය තමයි ලංකාව ඉංග්‍රීසින්ට පවා දුන්නේ. ඒ කතාව හොදට විස්තර ඇතුව ලියවිලා තියෙනවා. ඉංග්‍රීසින් කලේ අපිව උපයෝගී කර ගැනීමක් විතරයි. ගොඩක් ඉස්සර සොලී ආක්‍රමණ උනාමත් ඔය වගේ දේවල් ඕනේ තරම් උන. එක පාරක් අවුරුදු ගානක් සොලින් සමග සටන් කරලා (විජයබාහු හරි ගජබාහු හරි මට මතක නැහැ), සෙනවි වරු දෙදෙනෙක් එක පාරට සොලින් ගේ පැත්ත ගත්ත. එතනම ජබොක්. අපේ අයියල රජුරුවොත් එක්ක තරහ උනාම ඉන්දියාවට ගිහිල්ල, ඉන්දියාව ඉදන් ලංකාව ආක්‍රමණය කරලා රජ්ජුරුවෝ මරල තමුගේ වැඩේ කර ගන්නවා. මේක අපේ ලැබිල්ල.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්ලා මම පුද්ගලිකව පවතින ආණ්ඩුවෙන් කරන පිස්සු වැඩ මුදල් නාස්ති වලට මේ යන පිළිවෙලට අකමැතියි එකෙන්ම. මේ යනවිදිහට මේ ආණ්ඩුවෙන් රට ගොඩගන්නේ නැහැ. එත් මචන්ලා LTTE එක සහ යුද්දය සම්භන්ධයෙන් කව්රුහරි එකෙක් ලොක්කට හරි හමුදාවට හරි කෙලවන්න හදනවනම් එදාට මම පුද්ගලිකව ආණ්ඩුව පැත්තේ. හරි වැරැද්ද කතාකරන මිනිස්සු බහුතරයක් ආංඩුවේ පවතින ප්‍රතිපත්ති වලට විරුද්ධව කතා කරනකොට ගල් මංගලලා හිතන්නේ උන් කොටින්ට කඩේ යනකොට අපිත් හුරේ දමාවි කියල. එව්වා හඳේ බන්... මුන්ගේ දවල් හීන ...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,459

    :lol:
     
    Ashampoo_Snap_2013.11.14_09h32m38s_005_.jpg

    :lol::lol:

    මචෝ යුද්දේ තියෙන කාලෙත් උබ හිටියේ කැනඩාවේද?අපරාදේ ඒ කාලේ උබට හමුදාවට බැදෙන්න තිබ්බා රට බේරගන්න....:lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    මචන්ලා මම පුද්ගලිකව පවතින ආණ්ඩුවෙන් කරන පිස්සු වැඩ මුදල් නාස්ති වලට මේ යන පිළිවෙලට අකමැතියි එකෙන්ම. මේ යනවිදිහට මේ ආණ්ඩුවෙන් රට ගොඩගන්නේ නැහැ. එත් මචන්ලා LTTE එක සහ යුද්දය සම්භන්ධයෙන් කව්රුහරි එකෙක් ලොක්කට හරි හමුදාවට හරි කෙලවන්න හදනවනම් එදාට මම පුද්ගලිකව ආණ්ඩුව පැත්තේ. හරි වැරැද්ද කතාකරන මිනිස්සු බහුතරයක් ආංඩුවේ පවතින ප්‍රතිපත්ති වලට විරුද්ධව කතා කරනකොට ගල් මංගලලා හිතන්නේ උන් කොටින්ට කඩේ යනකොට අපිත් හුරේ දමාවි කියල. එව්වා හඳේ බන්... මුන්ගේ දවල් හීන ...

    :yes::yes::yes:
    ඔය මොන්ගලයම මට මතකයි ශ්‍රිපති සූරියාරච්චිත් එක්ක එකතු වෙලා අපේ හමුදා නැගෙනහිර අල්ලන්න යුද්ද කරද්දි කිව්ව ඔය ආන්ඩුව කොටිත් එක්ක එකතු වෙලා බොරු සන්දර්ශනයක් කරන්නෙ පුලුවන්නම් වන්නියෙන් එක කිලෝමීටරයක් අල්ලල පෙන්නන්න කිව්ව...අපෙ කොල්ලො ටික ඒක අල්ලල පෙන්නන්න ඉස්සර වෙලා එකෙක්නම් එලොව ගියා....අනික තාම ගියනැති එක තමා මට තියෙන දුක...අනික ලන්කාවෙ හමුදාව යුද අපරාද කරල තියෙනවය කියල අපි හිතමුකො...ඒත් අපෙ උන් ඇමෙරිකාව මැදපෙරදිගදිත්,ඉන්දියාව කාශ්මීරයෙදිත්,ඉන්දියන් හමුදාව ලන්කාවෙදිත් කරපු ඒව ගැන මුන් එකෙක්වත් කතා කරන්නෙ නෑ...:no::no:
     
    :yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මචන්ලා මම පුද්ගලිකව පවතින ආණ්ඩුවෙන් කරන පිස්සු වැඩ මුදල් නාස්ති වලට මේ යන පිළිවෙලට අකමැතියි එකෙන්ම. මේ යනවිදිහට මේ ආණ්ඩුවෙන් රට ගොඩගන්නේ නැහැ. එත් මචන්ලා LTTE එක සහ යුද්දය සම්භන්ධයෙන් කව්රුහරි එකෙක් ලොක්කට හරි හමුදාවට හරි කෙලවන්න හදනවනම් එදාට මම පුද්ගලිකව ආණ්ඩුව පැත්තේ. හරි වැරැද්ද කතාකරන මිනිස්සු බහුතරයක් ආංඩුවේ පවතින ප්‍රතිපත්ති වලට විරුද්ධව කතා කරනකොට ගල් මංගලලා හිතන්නේ උන් කොටින්ට කඩේ යනකොට අපිත් හුරේ දමාවි කියල. එව්වා හඳේ බන්... මුන්ගේ දවල් හීන ...

    :yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දේශපාලන පලිගැනීම ,ඊර්ශ්‍යාව,ක්‍රෝධය පැහැදිලියිනේ මේ මිනිහාගේ.මේ මෝඩයා මේ දඟලන්නේ රැවුලයි කැඳයි දෙකම බේරගන්න වුනාට මේ බූරුවම දන්නේ නැහැ මේ මිනිහට වෙලා තියෙන හානිය මේ ගොන් කතා නිසා.ආණ්ඩුවට විරුද්ධවලු යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කරන්නේ.සංග්‍රාමික හමුදාවට එරෙහිව නෙමෙයිලු.මේකට පිස්සුද ?හැටිද ?මන්දා.ඇයි දෙයියනේ ආණ්ඩුව සහ හමුදාව එකතු වෙලා නෙමෙයිද එතකොට යුද්ධ කලේ?ඒකෙන්ම පේනවනේ මේ මිනිහගෙ යටි අරමුණ මොකද්ද කියලා.යුධ අධිකරණයට මහින්ද මහත්තයව ගෙන්නනවා කියන්නේ ඒ පස්සෙන් හමුදාවෙ ඉහල නිලධාරීන් ගෙන්නන එක.ඊට පස්සෙ ක්‍රමක්ක්‍රමයෙන් පහලම රෑන්ක් එකේ හිටපු සොල්දාදුවෝ .අනේ අච්චර අහිංසක හමුදාවෙයි දකුණෙ මිනිස්සුයි මැරිච්ච එකේ මේකට බෝම්බයක් ගහන්න කෙනෙක් හිටියේ නෑනේ. :(
     
    Similar threads