ලංකාවේ හමුදාවට එරෙහිව පරීක්ෂණයක් ඕන -මංගල
ලංකාවේ හමුදාවට එරෙහිව පරීක්ෂණයක් කරන්නැයි මංගල ජාත්‍යන්තරයෙන් ඉල්ලයි
තහවුරු නොවූ එහෙත් ඉතා බරපතළ වූ යුද අපරාධ පිළිබඳ චෝදනා රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහිව එල්ල වී ඇති බවත් එය දශක ගණනාවක් තිස්සේ විනයගරුකව කටයුතු කළ සංග්‍රාමික හමුදාවන්ගේ ගරුත්වයට කැළැලක් බැවින් යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වන ලෙස පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කමලේශ් ෂර්මා මහතාගෙන් ඉල්ලා සිටින බවත් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
එමෙන්ම 18 වැනි සංශෝධනය බල රහිත කර ස්වාධීන අධිකරණ, මැතිවරණ, පොලිස්, රාජ්‍ය සේවා සහ අල්ලස් කොමිෂන් සභා ස්ථාපිත කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කරන ලෙසත් දැනට පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත කඩිනමින් සම්මත කර ගැනීමට පෙලඹවීම් කරන ලෙසත් තමන් පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම්වරයා වෙත යැවූ ලිපියකින් ඉල්ලීමක් කළ බවත් මන්ත්‍රිවරයා සඳහන් කරයි.
සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ (13දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළ සමරවීර මන්ත්‍රිවරයා මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ බරපතළ චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා ආණ්ඩුවේ නායකයා වශයෙන් පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවේ සභාපතිත්වය දැරීමට ජනාධිපතිවරයාට සදාචාරාත්මක අයිතියක් නොමැති බවද සඳහන් කෙළේය.
වසර දෙකකට පොදු රාජ්‍ය නායකත්ව මණ්ඩලයේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට පැවැරීම බරපතළ වගකීමක් බවත් පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රඥප්තියේ අඩංගු කරුණු 18ක් ක්‍රියාත්මක කිරීමේ වගකීමට යටත්වීමට සිදුවීම ඊට හේතුව බවත් පෙන්වාදුන් මන්ත්‍රිවරයා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු නොවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත දිගන් දිගටම ලැබී ඇති චෝදනා නිවැරැදි කර ගැනීමට රාජපක්‍ෂ ආණ්ඩුව කිසිදු උත්සාහයක් දරා නොමැති බවද කීවේය.
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් වාර්තාවේ අඩංගු නිර්දේශ අනුව අධිකරණයේ ස්වාධීනත්වය, ස්වාධීන කොමිෂන් සභා, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, මාධ්‍යවේදීන් පැහැරගෙන යෑම හා අතුරුදන් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම ඇතුළු කරුණු නොසලකා හරිමින් පවුල් කිහිපයක් වටා බලය ගොනු කරගත් රාජපක්‍ෂ රෙජීමය පුස් වෙඩි, පුරාජේරු මඟින් සෝබන සන්දර්ශන පවත්වමින් ජනතාව පීඩාවට පත්කර ඇතැයිද පෙන්වා දුන්නේය.
රාජපක්‍ෂ රජයේ ප්‍රතිපත්තිය ජනතාවට සහන සැලසීම නොව රාජපක්‍ෂ සහෝදර සමාගම අධිපෝෂණය කිරීම බවත් සමරවීර මහතා කෝටි ප්‍රකෝටි ගණන් හිතුමතේ මහජන මුදල් වැයකර පැවැත්වීමට සූදානම් කරන පොදු රාජ්‍ය මණ්ඩල මංගල්‍යයට ඊයේ වන විට පැමිණ සිටියේ එක් රාජ්‍ය නායකයෙක් පමණක් බවද පැමිණ සිටින සෙසු අය එම රටවල නියෝජිතයන් බවද කීවේය.
ජනතාව මර්දනය කිරීම පිණිස උතුරේ පමණක් නොව දකුණේද හමුදාකරණය බලගන්වා ඇති බව පැවැසූ මන්ත්‍රිවරයා රජයට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ජනතාවට අහිමි කර ඇති බවත් උතුරේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ සිරිකොත මූලස්ථානයේ ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා බස් හතරකින් කොළඹට පැමිණෙමින් සිටි උතුරේ ද්‍රවිඩ වැසියන් පිරිසක් මඩුපාර, මන්නාරම හා වවුනියාවේදී ඔවුන්ගේ ගමන වළක්වා රඳවාගෙන පොලිසිය විසින් පහරදී ඇති බවත් පැවැසුවේය.
ශ්‍රී ලංකාණ්ඩුවට එරෙහිව පොදු රාජ්‍ය මණ්ඩලය වෙත ලැබී ඇති අහිතකර වාර්තාවලට අනුව අපේ රටට පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ නායකත්වය පිරිනැමීම කිසිසේත් උචිත ක්‍රියාවක් නොවුවද පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම්වරයා එම වාර්තා යටපත් කර එහි නායකත්වය අපේ රටට ලබාදී ඇත්තේ රාජපක්‍ෂ රෙජීමයේ ෙදාළදුක සංසිඳවීමට බවද මන්ත්‍රිවරයා සඳහන් කෙළේය.
චැනල් 4 අධ්‍යක්‍ෂ කැලම් මැක්රේ ඇතුළු පිරිසට උතුරේ සංචාරය සඳහා ලබාදීමට තිබූ ගුවන් ගමන් පහසුකම් අහිමිකොට ඔවුන් දුම්රියෙන් යවා ඔවුනට එරෙහිව අනුරාධපුරයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත්තේද රාජපක්‍ෂ ආණ්ඩුව බවද හෙතෙම පෙන්වා දුන්නේය.