ලංකාවේ හැදෙන සුපිරි අලුත් සින්දු

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,095
    1
    8,961
    113
    -~උලක් උඩ-~






    මේ සිංදු 3 අවුරුද්දක් දෙකක් විතර පරණයි. ඒත් අහලා නැති අය ඉන්නවා නම් අහන්න දැම්මේ. මේවට හිත් වෙනම ලෝකෙකට අරං යන්න පුළුවන්. :)
    mammalia just wow
     
  • Jan 25, 2019
    154
    131
    43
    සිරි ලංකා


    මල් නොපිපෙනා සමහර ඍතුවල..
    තනිකමෙන් බිම බලාගත්ත ගස්වල..
    පිපුනම අහඹුවෙන් තනිමල්
    මිනිසුන් කියන්නේ අමුතු කතන්දර//

    පවතින සිස්ටම් එකේ රාමුවලින් පිටතට
    සුද්ද බුද්ද දාගෙන ඔලුවට මනසට..
    නියමිත වයසක් තිබේද ආලෙට.. ආලෙට..

    සුරඟන ටීනෙජ ප්‍රේමයක්..
    විතරම තිබිය යුතුද මලකට..
    වසන්තයට පසු මගහැරුණු ගස්වල..
    මල් පිපුනම අමාරුවක් මොකද..
    ලෝකෙට ඔච්චර..//

    සකලංසරේගේයා..
    පිච්ච මලේ සුවඳ දන්නේ කඩාගත්තු දාට
    පාට පාට දේදුන්නක් එන්නේ අමුතු දාට
    රූප සොබා නැතිඋනාට තරුණ හිතේ යුද්ධ
    මුණ එක්ක තරහ වෙලා නහය කැපුම් කුමට
    ඇහුවා මගේ හිත - රැලි වැටුනත් හම
    කුමටද නුඹ බිය - ගලක් නෙවෙයි හිත
    රස්තියාදු ගහන හිතක් නැවතුනේ එක මලක
    හිත ඇත්නම් පත කුඩාද මිනිසුන්වන අපට?

    මල් නොපිපෙනා සමහර ඍතුවල..
    තනිකමෙන් බිම බලාගත්ත ගස්වල..
    පිපුනම අහඹුවෙන් තනිමල්
    මිනිසුන් කියන්නේ අමුතු කතන්දර//

    පැණිරස මොකටද තණකොළ කන ගවයන්ට
    හීවැල් මොකටද බිම හාරන ඌරන්ට
    ඉනිමං මොකටද ගස් උඩ යන වඳුරන්ට
    ඒත් ආදරේ ඕනේ මනසින් උසස් මිනිසුන්ට!
    පවතින සිස්ටම් එකේ - විසම සමාජේක
    ජිවිතේ.. කාලයේ.. - වෙනසට වෙනසට
    ජිවිතේ.. ආදරේ..

    මල් නොපිපෙනා සමහර ඍතුවල..
    තනිකමෙන් බිම බලාගත්ත ගස්වල..
    පිපුනම අහඹුවෙන් තනිමල්
    මිනිසුන් කියන්නේ අමුතු කතන්දර//
     
    • Like
    Reactions: willpower and IKL

    Core_x

    Member
    May 24, 2020
    21
    26
    3
    අනේ මංදා මට නං මේව මෙලෝ රහක් නෑ. රචනාවකට තනුවක් දාල කියවනව වගෙයි මටනං ඇහෙන්නෙ.
     
    • Like
    Reactions: sanjaya22

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    හොද වෙලාවට ගොඩ කාලෙක ඉදන් ඒ කියන්නේ දෙදාහෙන් පස්සේ වගේ ඉදන් අලුත් සිංහල සින්දු අහන් නැත්තේ
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Ma Nowe E Rawana - Akalanka Panapitiya & Sashika Nisansala



    මා නොවේ ඒ රාවණා...
    ප්‍රේමයෙන් මං නෑවුනා
    මිදුමක් සේ මීමුරෙන් මිදෙනා
    මා නොවේ ඒ රාවණා...

    හිත බින්ද දුනු දිය ඇද්දෙ නෑ මා
    ඔබ ලඟින් හිඳිනා මන්දෝදරී සැලුනා
    තාම නාඬා ඉන්නේ ඇයි මා...

    මා නොවේ ඒ රාවණා...

    ඔටුන්නෙන් ගිලිහී සැලෙනා මැණික් ගල් අහුලා
    සයනයට පිටදී බිසවුන් ඇස් පියා සිටියා
    දඬු මොණරෙ වැටුනා ඔබ වෙත කෝම එන්නද මා
    තාම නාඬා ඉන්නේ ඇයි ඈ...

    කප්පරක් දුක මා වැයුවේ මුදු සිනා සලලා
    ලග්ගලින් දලුලා ගිනිගෙන මා දැවී තිබුණා
    වේදනා දැනෙනා හැමතැන රාවණා සිටියා
    තාම නාඬා ඉන්නේ ඇයි මා...

    මා නොවේ ඒ රාවණා...
    ප්‍රේමයෙන් මං නෑවුනා
    මිදුමක් සේ මීමුරෙන් මිදෙනා...
    :love2:(y)
     
    • Like
    Reactions: TWishwadeepa