ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි
ලංකාවේ ගොඩක් අවන්හල් හොඳට කෑම හදනවා.. ඒ අතරේ තවත් සමහරක් කඩ අපිට පෙනුමට තිබුනට කෑම හදනකොට හදන්නේ එපා කරපු විදියට.ඉතින් මේ ත්‍රෙඩ් එකෙන් එහෙම ජරා විදියට කෑම හදන හැටි ටිකක් දන්නව.බහුතරය මෙහෙම නැති උනත් පෙලක් ඒවා මෙහෙමයි.
පෙලක් අවන්හල් වල වැසිකිලියයි කුස්සියයි එක ලඟ..මැස්සෝ මාරුවෙන් මාරුවට කැම වලයි වැසිකිලි පෝච්චි වලයි වහනවා..මෙන්න මේ වගේ හෝටල් වල හැදෙන කෑම ගැන පොඩි විස්තරයක් තමයි මේ..
මස් මාලු ඇතුලු හොදි වර්ග
ගොඩක් වෙලාවට මස් මාලු වර්ග ගොඩක් දවස් ශීතකරන වල තියාගෙන ඉන්නවා.පිසූ මාලුව වගේම අමු මස් මාලුත් එහෙමයි.කරන්ට් බිල අවම කරගන්න ගොඩක් වෙලාවට රාත්‍රියේ ශීතකරන විදුලි සම්බන්දයෙන් තොරයි.මේ වගේ වෙනකොට විශබීජ වර්ග වර්දනය වෙනවා.මස් මාලු හෝදන්නේ එකපාරක් දෙපාරක් විතරයි.මාලු වල ගොඩාක් වෙලාවට උනන්දුවෙන් කොරපොතු යවන්නේ නම් නෑ.කරමලත් හරියට සුද්ද වෙන්නේ නෑ.ඉතින් මාලු හොද්ද හොඳටම පිලී රහයි.ඒ වගෙම උදේ හදපු මිරිස් මාලු හොද්ද දවල් වෙනකොට කිරි මාලු හොන්ද්දක් කරන්න ඕනි නම් කරන්නේ පාන් පිටි හරි කඩල පිටි හරි හොද්දට දාලා රත් කරලා ගන්න එක.ඉතින් මේ මස් මාලු තමයි බාල වර්ගයේ තුන පහත් එක මිශ්‍ර වෙලා උකුවට හොද්දකුත් එක්ක මේසෙට එන්නේ.
ගොඩක් හොදි වර්ග උකුවට තියෙන්න පොල් කිරි අඩුවෙනුත් කෝන් පිටි ටිකක් වැඩියෙනුත් එකත් කරනවා.එහෙම උනාම ඕනි හොද්දක් පෙනුමට උකුවට තියනවා.
පපඩම්
පපඩම් වලට ගන්නේ ලූස් කිරලා ගන්න පුලුවන් පපඩම් වර්ගයක්. ඒ වගෙම මේකට ගන්න තෙල් වෙන දේවල් බදින්නත් දෙතුන් පාරක් පාවිච්චි කරපු තෙල් තමයි ගන්නේ.පෙලක් හෝටල් වල මේ බදින තෙල් තාච්චියට ප්ලාස්ටික් බෝතල්යක් දාල දියකරගන්නවා.එහෙම උනාම පපඩම් ටික වෙලාවක් එලියේ තිබුනා කියලා පෙගෙන්නේ නෑ .කර කර ගාල හැපෙනවා.
ආප්ප
ආප්ප පිටි හදන භාජනේ කවදාවත් හෝදන භාජනයක් නෙවෙයි.ඔය භාජනේට කැරපොත්තෝ හූනෝ කුරුමිනියෝ වැටෙන්න තියන ඉඩ කඩ වැඩියි.මේ මිශ්‍රනේ දවස් ගනන් පල් වෙනවා.පල් වෙනකොට රසත් වැඩියි.ඒ වගෙම ලස්සනට ආප්පේ රවුම එන්න ප්ලාස්ටර් ඔෆ් පැරිස් හරි ඒ වගේ වෙන ආදේශකයක් හරි පාවිච්චි කරනවා.ගොඩක් වෙලාවට බිත්තර ආප්ප හදනවා නම් බිත්තරේ පිටින් හේදීමක් වෙන්නේ නෑ.බිත්තරේ වටේ තියන කුනුත් එක්කම කඩලා දානාවා ආපෙට.බිත්තර කටුත් මෙහෙම කඩලා දානකොට බිත්තර ආප්පෙට එකතු වෙනවා.ඒ වගෙමයි බිත්තරේ වටේ තියන කුනු ටිකත්.පෙලක් අවන්හල් වල එක බිත්තරේකින් බිත්තර ආප්ප දෙකක් හදන වෙලාවලුත් තියනවා.
කොත්තු
දවස් ගනන් ඉතුරු වෙච්ච මස් මාලු තිබුනොත් ඒ වා බැදලා හදා ගන්නවා.ඒ වගෙම ගෝදම්බා රොටී පරාට ඉතුරු උනොත් ඒ වත් කපලා කොත්තුවට ගන්නවා.කොත්තු වල පිටි වලින් හදන රොටිය එක දිගට ශීතකරනයේ දවස් ගනන් තියාගත්තු ඒවා තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ.නරක් වෙන්න ලංවෙච්ච එලවලුත් එක්ක ඇති තරමට කරපිංචයි සුදු ලූනුයි එකතු වෙනවා.එතකොට සුවදින් කටට කෙල උනනවා.රසය වැඩි කරන්න ඔයාලා දැකලා ඇති අර ලගින් තියාගෙන හැංදෙන් එකතු කරන ලුනු කුඩු වගේ තියන අජිනමොටෝ එකතු කරනවා.ඒකෙන් රසට කොත්තුව හැදෙනවා.ඒත් ගුන ගැන නම් ප්‍රශ්නයක්.
ෆ්‍රයිඩ් රයිස්
ගොඩ දෙනෙක් හෝටල් වලින් කන කෑම් බවට ෆ්‍රයිඩ් රයිස් පත් වෙලා.ෆ්‍රයිඩ් රයිස් නැති කඩයක් හොයාගන්නත් නෑ.උයපු හාල් තියනවා නම් හෝටලේ රයිස් දාන කෙනාට අඩුම කාලයකින් හදන්න පුලුවන් කෑම තමයි ෆ්‍රයිඩ් රයිස් කියන්නේ..ගොඩක් වෙලාවට මේ බත් හෝටලේම ඉතුරු වෙන බත්.ඔක්කොම ශොපින් කවර වලට දාලා හෝදලා ශීතකරනයේ තියාගෙන ෆ්‍රයිඩ් රයිස් හදන්න ගන්නවා.ගොඩක් ෆ්‍රයිඩ් රයිස් හදපු ගමන් කෑවොත් හොඳයි ඒත් නිවුනු ගමන් අප්‍රසන්න සුවදක් එන්නෙ මේ කල් තියාගන්න බත් පාවිච්චියෙන් හදපු රයිස් වල.ගොඩක් වෙලාවට රයිස් වලට අජිනමොටෝ ඇති තරමින් එකත් වෙනවා.ඒ වගේම එලවලු කියලා නරක් වෙන්න ගිය කැරට් සහ ලීක්ස් විතරක් පෙනෙන්න එකත් කරනවා.උනුවට මස් කෑල්ලක් එක්ක හම්බෙනකොට කටට කෙල ඉනුවත් ෆයිඩ් රයිස් කියන්නේ හොඳම නැති කෑමක්.
ඔන්න ඔහොමයි ඒ කතන්දරේ..උපුටා ගත්තේ මගේ බඩජාරි ඩොට් කොම් සයිට් එකෙං..තවත් කෑම වල ජරාවට උයන හැටිත් ඒකේ තව ඇති..එහෙනං ආයෙත් කෑම බීම ගැන හෝ ආහාර මාර්ගය පිලිබඳ ත්‍රෙඩ් එකකිං හමුවෙමු

Jaya !!!