ලංකාවේ හෝලි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හෝලි උත්සවය යනු කුමක්ද ? හින්දු බැතුමතුන් විසින් වාර්ශිකව එක් වරක් පමණක් පවත්වන වර්ණවත් විනෝදමත් සාම්ප්‍රාදායික අංගයක් ලෙස හෝලි උත්සවය හැඳින්විය හැකිය.. ගිණි මැලයක් ගසා හෝලිකා නම් යක්ශණියක් පුලුස්සා සාම්ප්‍රදායිකව ආරම්භ කරන හෝලි උත්සවයේදී ඖශදීය ශාක වලින් සාදාගත් වර්ණ ගැන්වූ කුඩු වලින් එකිනෙකාට ගසමින් හෝලි කුඩු ඇගේ මූණේ තවරමින් විනෝදමත් වීම දක්නට ලැබෙති
    ..


    12278943_564546253723871_3954794673425684398_n.jpg

    බාල මහලු වයස් බේදයකින් තොරව හින්දු භක්තිකයන් පවුල් පිටින් ඉන්දියාවේ නේපාලයේ වැනි රටවල පැවැත්වෙන හෝලි උත්සව වලට සහභාගි වෙති.. මහා කවි කාලිදාසයන්ගේ නිර්මාණ වලද හෝලි වර්ණනා කර ඇත.. මුලින්ම අවධාරණය කළ යුතු කාරණාව වනුයේ හෝලි කුණුහරපයක් නොවන බවයි..
    නමුත් ලංකාවේ ඊනියා ආත්මාර්ථකාමී ව්‍යාපාරික කොට්ඨාසයක් මෙම හෝලි සංස්කෘතිය කුණුහරපයක් කරගෙන ඇත.. හෝලි යන්න කුමක්දැයි වත් නොදැන හෝලී සමරන්නට යන යථෝක්ත වත්මත් තරුණ ප්‍රජාව හෝලී යනු සුපිරි ආතල් එකක් යන්න පමණක් දනී..
    අරුම පුදුම හෝලී සංවිධායකන්ගේ මාර්කටින් ගැන කියන්නට වදන් නැත.. කොල්ලෙක්ට ප්‍රවේශපත්‍රය රුපියල් 1000කි.. නැත්නම් 500කි.. කෙල්ලන්ට walking free ය.. ඒ කියන්නේ හෝලි භූමියට නොමිලේ ඇතුල්වීමට කෙල්ලන්ට පුලුවන්ය.. කණ්ඩායම් වශයෙන් හෝ කපල් වශයෙන් හෝ තනි තනිව හෝලි උත්සව වලට එන තරුණ තරුණියන් ඇතුළට ආ පසු සම්පූර්ණයෙන්ම නිදහස්ය..
    තරුණයන් මද්‍යසාර වල සිට ගංජා දක්වා සඟවාගෙන පැමිණියත් කිසිදු පරීක්ශා කිරීමකට සංවිධාකයන් ලක් නොකරන බව කියන්නේ වගකීමෙනි.. එයට හේතුව මොණර කොළ එකතු කරගත් පසුව හෝලී වලට එන අය ගැන ඔවුන්ගේ වගකීමක් නැති වීමයි..
    සාමාන්‍ය පෙළ උසස් පෙළ සිසුන් කේන්ද්‍ර කර ගනිමින් සිත් ළඟන්නාසුලු ප්‍රචාරණයන් කර ඕනෑම අරුමෝසම් දෙයකට කුණාටු සමයේ නව යොවුන් වියේ තරුණ තරුණියන්ව අල්ලා ගත හැකි බව හෝලි බිස්නස් එකක් වශයෙන් කරන ඈයෝ දනිති..
    හෝලි නාමයෙන් එයට දැනුවත්ව හෝ නොදැනුවත්ව පැමිණෙන තරුණියන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා සමහරක් කිව නොහැකි තරම්‍ ය. කලින් කීවාක් සේ හෝලි යනු වර්ණවත් කුඩු සහ ආලේපන ඇගේ සහ හැමතැනම තවරමින් විනෝද වන ක්‍රීඩාවකි.. එය වාසියට ගනිමින් තරුණියන්ගේ ඇල්ලිය යුතු සෑම තැනක්ම හෝලි චාරිත්‍ර වලට පින් සිදු වන්නට ස්පර්ශ කරන්නට බාධාවක් නැත.. රුපියල් 1000ක් දී එන්නේ යමක් බලාපොරොත්තුවෙනි.. එමෙන්ම කෙල්ලන්ව නොමිලේ ඇතුළට දමන්නේ ප්‍රයෝජනයක් සඳහාය..
    හෝලි නාමයෙන් තරුණියන්ට මේවා ඉවසන්නට සිදු වෙයි.. ඒවාට විරුද්ධව හඩ නැවුවොත් වන්නේ "මේ ගොඩේ ගෑනුන්ව අපි බුලත් දීලා ගෙන්නගෙන නෑ.. ඉන්න බැරි නම් යන්න" වැනි ලොරි ටෝක් අසා ගැනීමටය.. කාන්තා හිංසනය, මානව හිමිකම් අදාළම නැත..
    අනික් අතට හෝලි උත්සව වලට යන අපෙ තරුණියන් බොහෝ විට ඉහළ යැයි සම්මත බටහිරකරණය වූ පිරිස්ය.. විලි බිය නැති වීම ඔවුන්ට සාමාන්‍ය දෙයක් වුවත් හෝලි ජාවාරම නම් එන්න එන්නම සමාජ ව්‍යසනයක් බවට පත්වෙමින් තිබේ..
    ශ්‍රී ලංකාව යනු ඕනෑම රටක ඕනෑම දෙයක් වැරදි කෝණයෙන් අල්ලාගෙන එය වැරදි ලෙස සමාජගත කර හම්බ කරන නොමිනිසුන් සිටිනා රටකි..
    " අපෝ මේවට විරුද්ධ වෙන්නෙ ගොඩයො.. ලංකාව ඒකනෙ හැමදාම එකතැන පල් වෙන්නෙ" වැනි තමන් හෙන පොශ් යැයි පෙන්වීමට තැත් කරනා දූපත්වාසීන් අප අතර සිටිති.. අප ඉහළට යා යුත්තේ හෙලුවෙන් නැටීමෙන් වත් සංස්කෘතික විශමාචාරිත්වයෙන් නොවෙයි.. ලංකාවේ ව්‍යවසායකත්වය ඉතා පහළය.. තාක්ශණික නිපුනත්වය සාපේක්ෂව අඩුය.. මානව ප්‍රාග්ධනය පිටරට වලට ගලාගෙන යන්නෙ අපෙ රටේ ඌණ භෞතික සම්පත් නිසාය..
    රටකට අන්‍ය වූ සංස්කෘතියක් වේ නම් එය එම රටට අභිමානයකි.. නමුත් අපේ මිනිසා අවශ්‍ය දේදී සංස්කෘතිය බල්ලට දමා අනවශ්‍ය අවස්ථාවලදි තමන්ගේ පෞද්ගලික වාසි තකා සංස්කෘතිය ආගම ජාතිය වැනි දේ බිල්ලට දීම සාමාන්‍යයෙන් මේ රටේ සිදුවන දෙයයි..
    ලංකාවේ හෝලි උත්සව යනු එවන් සංස්කෘතිය විශමාචාරයේ උච්චතම පැතිකඩක් ලෙස හැදින්වුවහොත් මා නිවැරදිය.. ඔබේ දියණිය, සහෝදරිය, පෙම්වතිය, බිරිඳ තවත් අයෙකුගේ පහත් ආශාවන් වල ගොදුරක් වීමට මත්තෙන් අවධානයෙන් ඉන්න..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔනා රට කුනුගොඩක් ලන්කාවේ උන් දැත බදලා පිලිගන්න්නේ. වැලන්ටයින්, හොලි, හැලොවීන් මේ ඔක්කොම එකයි. එකක්වත් සන්ස්කෘතියට ගැලපීමකුත් නැ, තෙරුමකුත් නැ. ඔක්කොම කරන්නේ කඩ කාරයො තමා..
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    FB danna puluwanann ona ekak karai.Dan ara A4 selfie kiyala magalkuth ewilla neda tama mehe nan ne wage.mehe kohe karannada jol badawal ekka.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ම්ම් කොලබට ආවෙ ලගදි ඒත් දෙමල පලාත් වල ඔක සමරනව මම දන්න විදිහට විශේශයෙන් වතුවල දෙමල මිනිස්සු,
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    FB danna puluwanann ona ekak karai.Dan ara A4 selfie kiyala magalkuth ewilla neda tama mehe nan ne wage.mehe kohe karannada jol badawal ekka.


    ඔව් නැත්නම් මෙලහකට පටන් අරගෙන අපේ එවුනුත්. මතකනේ ice bucket challenge එක කරපු හැටි ඒකෙ තේරුම වත් දන්නේ නැතුව. :rofl::rofl: