මචං මෙහෙමයි ඔක්කොම රදා පවතින්නේ දේවල් දෙකක් මත.
1. ඔයාට මාසෙකට හෝ අවුරුද්දකට උපරිම වශයෙන් කීයක් ඉතුරු කරන්න පුලුවන්ද කියන එක.
ඔයා මාසයකට හම්බ කරන ගාන දන්න නිසා මේක ඔයාගේ වියදම් මත තීරණය වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ කෑමට,transport වලට,rent එකට ඇරෙන්න ඔයාගේ loan සහ repeating expenses අඩු කරාම ඔයාට මේ ගාන දැනගන්න පුළුවන්.
මේක හරියට හොයා ගන්න ඔයා වියදම් කරන හැම සතයක් ලියාගන්න පුරුදුවෙන්න. එතකොට ඔයාට අනවශ්‍ය වියදම් අඩු කරන්න පුළුවන්.
2. savings and investment
ඔයාගේ සල්ලි හැම සතයක්ම එක දෙයක ඉන්වෙස්ට් කරන්න එපා. ඔයාගේ හදිසි අවශ්‍යතාවයකට ඕනේ වෙන මුදලක් විතරක් savings account එකේ තියා ගන්න (මොකද interest අඩු නිසා)
ඉතුරු සල්ලි දෙකට බෙදලා high risk සහ low risk විදිහට ඉන්වෙස්ට් කරන්න
low risk ඒවා තමයි fixed deposit,money market accounts, reputed investment කොම්පැනි වල wealth funds, gold වගේ දේවල්
high risk ඒවා තමයි stock market, crypto වගේ දේවල්
මම personally savings කරනකොට බලන්නේ මගේ total savings and investment (high risk and low risk) වලට අවුරුද්දකට target කරන total interest එකයි. මේක මම හැම අවුරුද්දක මුල plan කරනවා. ඒක reasonable විදිහට target කරාම අනවශ්‍ය risk ගැනෙන්නේ නැහැ.
මචං දැන් ඔයාට මිලියන දහය ලොකු ගානක් විදිහට පෙනුනට ඔයා මේ විදිහට plan කරලා වැඩ කලොත් ඔයාට ටික කාලෙකින් මේක හොයන්න පුළුවන්. මම පටං ගන්නකොට මගේ පඩිය රුපියල් 25,000/-. පඩිය අඩුයි කියලා ඔයා demotivate වෙන්න එපා.