ලංකාවේ Food Delivery සේවාවල් ගැන

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,152
    12,063
    113
    ලංකාවේ ප්‍රසිද්ධ ෆුඩ් ඩිලිවර් සේවාවල් ස්ටාටර් ගැන ..පට්ට අප්‍රසන්නනයි

    හරියට නිල අැදුමක් නෑ..කොට කලිසම් ගහලා ..හිපියෝ වගේ ඩිලිවර් දෙන්නේ .. රැකියාවේ නම්බුවක් නෑ..වෘත්තිය බාවයක් නෑ

    උන් කෑම අරන් එන්නේ සීට් එක යට සමහරු...
    සමහරු ගේන බැක් පැක් පට්ට අවුල් ... මාසෙකින් විතර හෝදල නෑ

    ඇප් එකේ දාලා තියන මැසේජ් කියවන්නේ නෑ..
    කොහේ හරි නන්නාදුනන තැනකට ගිහින් බලන් ඉන්නවා

    අපි බලන් ඉන්නවා ඉන්නවා
    උන් යනවා ලෝකේ වටේ..එද්දි
    කැම එක පට්ට සීතලයි..

    පව් එක අතකට..උනුත් දුක් විදිනවා
    හැබැයි සමහර උන්ගේ ඇගට දාන
    ජැකට් එකේ ඉදන් අපිරිසිදුයි..

    සමහර බයික් වල පිටිපස්සේ තියනේ කැම දාන පෙට්ටිය
    ජිවිතේට හෝදලා නෑ..

    මම ඇස් දෙකටම දැකපු සිද්දි මේවා..

    මොකද මම ඉන්න තැන
    ඩිලිවරි සේවා දෙන කෑම කඩයක් තියනවා