ලංකාවේ looting

inspiron

Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    දැන් ඔය ඇමරිකාවේ වෙනවා වගේ looting සීන් එකක් ලංකාවේ උනා නම් බොහෝ දුරට වෙන්නේ මෙහෙමයි.


    90



    මුලින්ම loot කරන උං සෙට් එකක් සෙට් වෙනවා. බොහොමයක් වෙලාවට හොඳම යාලුවෝ සහ එහෙම කියාගන්න උං තමයි සෙට් වෙන්නේ. පොඩි පොඩි කණ්ඩායම් හැදෙනවා ඔහොම.

    ඊට පස්සේ ඒකේ ඉන්න අර ඕන වැඩකට කියපු ගමන් හා කියාගෙන යන උං ටික යවනවා කඩ ටික කඩලා loot කරන්න. ඉතිං අර loot කරන්න ගිය උංගේ කර පිටින් ගොඩ යන්න බලාගෙන අර අලියගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකේ ගිය ගමයා වගේ ඩෑල් ටික බලං ඉන්නවා මග රැකලා අරුං loot කරං එනකන්.

    ඒ ආවට පස්සේ වෙන සිද්ධි දෙකක් තියෙනවා.

    එකක් තමයි අර looting ගිහිං ආපු එකාලට ගහල උං loot කරපුවා ටික අරං යන එක.

    අනිත් එක තමයි ගෙනාපුවා බෙදා ගන්න බැරුව loot කරපු එකෙක් දෙන්නෙක් ඔය සෙට් එකකින් ගැලවිලා යන එක. ඊට පස්සේ අනේ එයාලා ගියා ඔයාල අපිත් එක්ක ඉන්න කියල කියල අනිත් උංට කියල අරූං හරියට loot කරල නෑ අරකය මේකය කියල කියල වෙනම කණ්ඩායමක් හදන එක. දැන් අවුලක් නෑනේ. අර loot කරං ආවම ගහල අරං යන ටයිප් එකේ උංනුත් අර පැත්තට සෙට් වෙලා ඉන්නවා.

    ඊට පස්සේ අරුං සෙට් එක වෙනම සද්ද නැතුව loot කරනවා. අර සෙට් එක පප්පා ගමේ අරිශ්ඨෙත් නැතුව වගේ කෑකෝගගහ ඉන්නවා. මොකද ලොකු ලොකු කඩ ටික කඩන හැටි දන්නෑනේ.
    FACE_WITH_COLON_THREE.png
    :3

    ඊට පස්සේ ඔන්න පේස්බුක් සෙටෙක බහිනවා වැඩේට. Loot කරන්නන්ගේ සංසදය, Loot කරං එන උංට ගහල reloot කරන උංගේ සංසදය, බෞද්ධ loot කරන්නන්ගේ සංසදය, ඉස්ලාම් loot කරන්නන්ගේ සංසදය ඔහොම එක එක ඒවා හද හද උං එක එක ආතල් ගන්නවා.

    ඊට පස්සේ එනවා ඉන්න handsomeම looterගේ නම දාල උට ක්‍රශ් එකේ ඉන්න කෙල්ලන්ගේ සංගමය කියල ඒවා.

    ඔය අස්සේ මග රැකලා උගේ loot එකට කෙලියම එකෙක් එනවා facebook live. ඇවිත් කියවනවා මරු විකල්ලෙන්. අරකය මේකය කියල.

    දැන් ඔය ලයිව් එක දකිනවා youtube එකේ වීඩියෝ වලට බෑක් ග්‍රවුන්ඩ් හඬ කවලා චැනල් එකට දාන එකෙක්. ඌ සෙනික ඕක අරං "Loot කරන්න ගිය මහ මොල කාරයාට මගදී උනේ මොකද?, Loot කරන්න ගිය මහ මොල කාරයාට කිව්ව දුක හිතෙන කතාව" වගේ ටයිට්ල් ගහල වීඩියෝ දානවා.

    ඊට පසේ ඔන්න යනවා උණු කැවුම් වගේ.

    ඔන්න අපේ youtube interviewersලා ගන්නවා උංගේ බඩු කරට. ඒ ටිකත් අරං අමුඩෙත් පුකේ ගහං යනවා අරූව ඉන්ටර්වීව් කරන්න.

    අන්තිමට තමයි සෝටල් මීඩියා ගෝඩ් ෆාදර් බහින්නේ. "ප"රාජ් යනවා, ගිහිං Zilent TV එකෙන් interview එකක් කරල පොර වෙලා එනවා.

    ඔය සේරමත් වෙලා ඉවර උනාට පස්සේ නිවේදයක් එනවා,

    එයාලට හැදෙන්න බැරි නම් මං හදලා ගන්නම් කියල.
    FACE_WITH_COLON_THREE.png
    :3

    දැන් සේරම ඉවරයි, අපි ජාතියක් විදිහට යනවා ඊලඟ වැඩේට

    - එස්බී
     
    • Haha
    Reactions: Challenger SRT8