මෙන්න මේකයි සිද්ධිය.
අපේ පැත්තේ කොල්ලෙක්ගේ අක්ක කෙනෙක් මරදාන ඉස්ටේසමේ වැඩ කරනවා. එතන ස්ටාෆ් එකේ එක්කෙනෙක්ට කොරෝනා පොසිටිව් වෙලා කියල එතන එයා එක්ක වැඩ කරපු 50 දෙනෙක්ට PCR ටෙස්ට් කරන්න එන්න කියලා තිබ්බ. ඒ කියන්නේ අපි PCR දෙන්න යන්න ඕන මරදාන ඉස්ටෙසමට.
එතකොට කට්ටිය යන්නේ පොදු ප්‍රවාහනේ පාවිච්චි කරලා. ඒ අක්කත් ගිහින් තිබ්බේ කෝච්චියේ. එයාගේ තව එයත් එක්කම වැඩ කරන යාලුවෙක් එක්ක. PCR එක දීලා තියෙන්නෙත් එකටමයි. එනකොටත් එකම බස් එකේ ඇවිල්ල.
ඔන්න පහුවෙනිදා රිසල්ට් එක ඇවිල්ල. අක්කගේ කොරෝනා නෙගටිව්. හැබැයි අක්ක එක්ක ගිය යාලුවා කොරෝනා පොසිටිව්. අන්තිමේ අක්කටත් ගෙදරම කොරන්ටයින් වෙන්න වුනා.
ඒ විතරක්ද, කෝච්චියේ ගිය අනිත් මිනිස්සු? බස් එකේ හිටපු අනිත් මිනිස්සු. තව කොච්චර කියල ට්‍රෙස් කරන්නද. ඇයි බන් මුන්ට PCR ගන්න ලඟට එන්න බැරි. උඹල හිතනවද මෙහෙම PCR ගන්න එකෙන් මේ කොරෝනා ලෙඩ්ඩු ගාන අඩු වෙයි කියලා. මේකෙන් වෙන්නේ කොරෝනා නැති මිනිස්සුත් කොරෝනා ලෙඩ්ඩු වෙන එක නෙමෙයිද? ඇයි නිසි බලධාරීන්ට මේක නොතේරෙන්නේ?