ලංකාවේ Vitz පිස්සුව හා Toyota වන්දනාව..
වර්තමානයේ හතු පිපෙන්නාක් මෙන් ලංකාවේ හැම තැනම Toyota Vitz වාහන දක්නට ඇත. ප්‍රධාන මාර්ගයක ගමන් කළහොත් පාර දිගට (හරකුන් ගාල් කර ඇති සේ) විකුණන්නට තබා ඇති Vitz වාහන දැකගත හැක. මෙතරම් Vitz කාර් ජපානයේ වත් තිබේ දැයි සැක සහිතය.
පරිසරයට නම් මෙම කුඩා වාහන හිතකර බව කිව හැක. මාර්ගයේ අහුරාලන ඉඩකඩද කුඩාය. නමුත් මගේ ප්‍රශ්නය නම් මෙම වාහනය වෙනුවෙන් වැය කරන මුදල සාධාරණද යන්නයි.
බදු සහන ලැබුණු මුල් කාලයේ මෙම කාරයක් ලක්ෂ 26-27 වැනි මිල ගණන් වලටද අලෙවි විය. Hatchback වර්ගයේ කාරයක් මෙතරම් මිල අධික වීමට කිසිදු සාධාරණ හේතුවක් නැත.
පැහැදිළිවම මෙය වෙළඳපලින් "නිර්මාණය කළ" මිලක් බව පෙනෙන්නේ අද එම අගය ලක්ෂ 22-23 මට්ටමට පල්ලම් බැස ඇති නිසාය. මුල් කාලයේ මේවා ගත් අය දැන් කළ මෝඩකම ගැන පසුතැවෙනවා ඇත. වැඩිම පාඩුව වී ඇත්තේ හතර අතේ ණය වී Finance කර කාර් ගත් පිරිසයි.
මගේ මතය නම් මොවුන් වියදම් කළේ ප්‍රධාන වශයෙන් 1. “Toyota” හා 2. "ලියාපදිංචි නොකළ" යන "ලේබල්" දෙක වෙනුවෙනි.
1. Toyota ලේබලය - Toyota Vitz හා Mazda Demio යන කාර් දෙකම ධාවනය කර ඇති අය අවධාරණය කරන්නේ Demio කාරය වඩා හොඳ බවයි. සුවපහසුව අඩු වුවත් වියදම් කරන මුදලට සාපේක්ෂව Demio කාරයේ වටිනාකම වැඩිය. එහෙත් ලාංකිකයන් Toyota Vitz පස්සේ දුවන්නේ Toyota ලේබලය නිසාය. Toyota ලේබලය සඳහා බලපාන්නේ “ටොයෝටා වන්දනාව” නම් තත්වයයි.
ටොයෝටා වන්දනාව යනු ලංකාවේ වාහනයක් මිළදී ගැනීමට බලාපොරොත්තු වන බොහෝ දෙනාගේ තේරීමට බලපාන ප්‍රධාන සාධකයකි. මෙහිදී ජපානයේ Toyota යන ආයතනයෙන් නිෂ්පාදනය කරන වාහන එම රටේදීම නිෂ්පාදනය කරන වෙනත් වර්ගවල වාහනවලට වඩා අතිශයින් උසස් වන බව උපකල්පනය කෙරේ.
මොවුන් සිතා සිටින්නේ Toyota වාහන නිශ්පාදනය කරන්නේ මිනිසුන් නොව පිටසක්වළ ජීවීන් කියාය. කි.මී. ලක්ෂ ගණනක් ධාවනය කළ කබල් Toyota රථ වලට කි.මී. 60000 ධාවනය කළ Nissan රථ වලට වඩා වටිනාකමක් නියම කෙරේ. 1997-1998 කාළයේ නිශ්පාදනය කළ කි.මී. ලක්ෂ ගණනක් ධාවනය කළ කබල් Carina රථ වලට ලක්ෂ 22-23 වැනි ගණන් කියන විහිළුකරුවෝ අදද සිටිති.
ටොයෝටා වන්දනාව විහිළුවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. උදාහරණයක් ලෙස ගත්විට ඇමරිකාවේ සියලු ජපන් වාහන සාමන්‍යයෙන් එකම තත්වයේ ලා සැලකේ. Toyota වාහන වලට වඩා Honda ප්‍රසිද්ධ බවක්ද දැකිය හැකිය. මිල ගනන් වල එතරම් වෙනසක්ද දැකිය නොහැකිය. අනෙක් අතට ඕනෑම වාහනයක් භාවිතයත් සමඟ ගෙවී යයි.
ටොයෝටා වන්දනාව සමඟ බැදී ඇති අනෙක් කරුණ නම් Resale Value සංකල්පයයි. මෙහිදී කියන්නේ වාහනයක් මිලට ගැනීමේදී තමාගේ සැබෑ අවශ්‍යතාවය/ ආසාව/ කැමැත්ත නොසලකා හැර “වැඩි ගානකට දීගත හැකි”වාහනයක් ගත යුතුයි යන්නයි.
මෙම සංකල්පය ප්‍රයෝජනවත් එකකි. ඉන් කබල් ඉන්දියන් වාහන වලින් ලංකාව පිරී ඉතිරී යාම යම් තරමකට වැලකී ඇත.
එහෙත් හැම විටම මෙය නිවැරදි නොවේ. උදා - බදු සහන ලැබෙන්නට කළින් 2003 වර්ෂයේ Toyota Corolla 121 රථයක මිල ලක්ෂ 32-34 වැනි හාස්‍යජනක අගයක පැවතිණි. සමකාලීන Nissan Sunny (new face) රථයක මිල එයට වඩා ලක්ෂ 10 පමණ අඩු විය. (121 රථය වඩා හොඳ බව මමද සිතමි එහෙත් මෙතරම් වෙනසක් මිලෙහි පැවතිය නොහැක)
පැහැදිලිවම මෙය වෙළඳපළින් නිර්මාණය කරන ලද අගයක් බව සිහි බුද්ධිය ඇති කෙනෙකුට සිතා ගත හැක. නමුත් වාහනයෙන් තම තත්වය ප්‍රදර්ශණය කිරීමට සිතන බොහෝ දෙනා මෙය නොසළකා හතර අතේ ණය වී හෝ 121 රථයක් ගැනීමට සිතූහ. මොවුන් දැන් සම්පූර්ණයෙන් අනාථ වී ඇත. එකී රථයේ වර්තමාන මිල ලක්ෂ 24-26 පමණ වේ. (Resale Value නැති විය) සාපේක්ශව Nissan රථයේ මිල පහළ බැස ඇත්තේ මඳ වශයෙනි.
2. "ලියාපදිංචි නොකළ" ලේබලය - මෙය වාහනය ලියාපදිංචි කළ වහාම නැති වේ. ඉන්පසු එය second hand වාහනයකි.
දැන් ලක්ෂ 23 දී Toyota Vitz2008 කාරයක් ගත්තා යයි සිතමු. අවු. 4 කට පසු එය අවු. 7 ක් පරණ second hand කාරයකි. එහි වටිනාකම අලුත් වාහනයක් ඉදිරියේ අඩු අගයක් වීම් නොවැලැක්විය හැකිය. ලංකාව Toyota Vitz වලින් පිරී තිබෙන නිසා අස්ප ගණන් වලට විකිණීමද කළ නොහැක. Hybrid වර්ගයේ වාහන ජනප්‍රිය වන විට Vitz හැලී යාමටද ඉඩ ඇත.
මෙම කරුණු නිසා මා සිතන්නේ “අල්ලපු ගෙදර එකා ගත්ත පලියට” අපද වාහන වලට අනවශ්‍ය මිලක් වැය නොකළ යුතු බවයි.
මෙම කරුණු ගැන ඔබගේ අදහස් දක්වන්න. අලුතින් වාහනයක් ගන්න බලාපොරොත්තු වන අයට එය ප්‍රයෝජනවත් වනු ඇත.
මෙම ලිපිය කිසිදු නිශ්පාදනයක් වර්ණනා කිරීම හෝ හෙලා දැකීම සඳහා ලියූ එකක් නොවේ.

Last edited:

habai toyota spares wala nam gana godak adui.. out of colombo unath ona welawaka sadarana ganakata ganna puluwan... 