ලංකාවේ Vitz පිස්සුව හා Toyota වන්දනාව..

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
වර්තමානයේ හතු පිපෙන්නාක් මෙන් ලංකාවේ හැම තැනම Toyota Vitz වාහන දක්නට ඇත. ප්‍රධාන මාර්ගයක ගමන් කළහොත් පාර දිගට (හරකුන් ගාල් කර ඇති සේ) විකුණන්නට තබා ඇති Vitz වාහන දැකගත හැක. මෙතරම් Vitz කාර් ජපානයේ වත් තිබේ දැයි සැක සහිතය.

පරිසරයට නම් මෙම කුඩා වාහන හිතකර බව කිව හැක. මාර්ගයේ අහුරාලන ඉඩකඩද කුඩාය. නමුත් මගේ ප්‍රශ්නය නම් මෙම වාහනය වෙනුවෙන් වැය කරන මුදල සාධාරණද යන්නයි.

බදු සහන ලැබුණු මුල් කාලයේ මෙම කාරයක් ලක්ෂ 26-27 වැනි මිල ගණන් වලටද අලෙවි විය. Hatchback වර්ගයේ කාරයක් මෙතරම් මිල අධික වීමට කිසිදු සාධාරණ හේතුවක් නැත.

පැහැදිළිවම මෙය වෙළඳපලින් "නිර්මාණය කළ" මිලක් බව පෙනෙන්නේ අද එම අගය ලක්ෂ 22-23 මට්ටමට පල්ලම් බැස ඇති නිසාය. මුල් කාලයේ මේවා ගත් අය දැන් කළ මෝඩකම ගැන පසුතැවෙනවා ඇත. වැඩිම පාඩුව වී ඇත්තේ හතර අතේ ණය වී Finance කර කාර් ගත් පිරිසයි.

මගේ මතය නම් මොවුන් වියදම් කළේ ප්‍රධාන වශයෙන් 1. “Toyota” හා 2. "ලියාපදිංචි නොකළ" යන "ලේබල්" දෙක වෙනුවෙනි.

1. Toyota
ලේබලය - Toyota Vitz හා Mazda Demio යන කාර් දෙකම ධාවනය කර ඇති අය අවධාරණය කරන්නේ Demio කාරය වඩා හොඳ බවයි. සුවපහසුව අඩු වුවත් වියදම් කරන මුදලට සාපේක්ෂව Demio කාරයේ වටිනාකම වැඩිය. එහෙත් ලාංකිකයන් Toyota Vitz පස්සේ දුවන්නේ Toyota ලේබලය නිසාය. Toyota ලේබලය සඳහා බලපාන්නේ ටොයෝටා වන්දනාවනම් තත්වයයි.

ටොයෝටා වන්දනාව යනු ලංකාවේ වාහනයක් මිළදී ගැනීමට බලාපොරොත්තු වන බොහෝ දෙනාගේ තේරීමට බලපාන ප්‍රධාන සාධකයකි. මෙහිදී ජපානයේ Toyota යන ආයතනයෙන් නිෂ්පාදනය කරන වාහන එම රටේදීම නිෂ්පාදනය කරන වෙනත් වර්ගවල වාහනවලට වඩා අතිශයින් උසස් වන බව උපකල්පනය කෙරේ.

මොවුන් සිතා සිටින්නේ
Toyota වාහන නිශ්පාදනය කරන්නේ මිනිසුන් නොව පිටසක්වළ ජීවීන් කියාය. කි.මී. ලක්ෂ ගණනක් ධාවනය කළ කබල් Toyota රථ වලට කි.මී. 60000 ධාවනය කළ Nissan රථ වලට වඩා වටිනාකමක් නියම කෙරේ. 1997-1998 කාළයේ නිශ්පාදනය කළ කි.මී. ලක්ෂ ගණනක් ධාවනය කළ කබල් Carina රථ වලට ලක්ෂ 22-23 වැනි ගණන් කියන විහිළුකරුවෝ අදද සිටිති.

ටොයෝටා වන්දනාව විහිළුවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. උදාහරණයක් ලෙස ගත්විට ඇමරිකාවේ සියලු ජපන් වාහන සාමන්‍යයෙන් එකම තත්වයේ ලා සැලකේ. Toyota වාහන වලට වඩා Honda ප්‍රසිද්ධ බවක්ද දැකිය හැකිය. මිල ගනන් වල එතරම් වෙනසක්ද දැකිය නොහැකිය. අනෙක් අතට ඕනෑම වාහනයක් භාවිතයත් සමඟ ගෙවී යයි.

ටොයෝටා වන්දනාව සමඟ බැදී ඇති අනෙක් කරුණ නම් Resale Value සංකල්පයයි. මෙහිදී කියන්නේ වාහනයක් මිලට ගැනීමේදී තමාගේ සැබෑ අවශ්‍යතාවය/ ආසාව/ කැමැත්ත නොසලකා හැර වැඩි ගානකට දීගත හැකිවාහනයක් ගත යුතුයි යන්නයි.

මෙම සංකල්පය ප්‍රයෝජනවත් එකකි. ඉන් කබල් ඉන්දියන් වාහන වලින් ලංකාව පිරී ඉතිරී යාම යම් තරමකට වැලකී ඇත.

එහෙත් හැම විටම මෙය නිවැරදි නොවේ. උදා - බදු සහන ලැබෙන්නට කළින්
2003 වර්ෂයේ Toyota Corolla 121 රථයක මිල ලක්ෂ 32-34 වැනි හාස්‍යජනක අගයක පැවතිණි. සමකාලීන Nissan Sunny (new face) රථයක මිල එයට වඩා ලක්ෂ 10 පමණ අඩු විය. (121 රථය වඩා හොඳ බව මමද සිතමි එහෙත් මෙතරම් වෙනසක් මිලෙහි පැවතිය නොහැක)

පැහැදිලිවම මෙය වෙළඳපළින් නිර්මාණය කරන ලද අගයක් බව සිහි බුද්ධිය ඇති කෙනෙකුට සිතා ගත හැක. නමුත් වාහනයෙන් තම තත්වය ප්‍රදර්ශණය කිරීමට සිතන බොහෝ දෙනා මෙය නොසළකා හතර අතේ ණය වී හෝ
121 රථයක් ගැනීමට සිතූහ. මොවුන් දැන් සම්පූර්ණයෙන් අනාථ වී ඇත. එකී රථයේ වර්තමාන මිල ලක්ෂ 24-26 පමණ වේ. (Resale Value නැති විය) සාපේක්ශව Nissan රථයේ මිල පහළ බැස ඇත්තේ මඳ වශයෙනි.

2. "
ලියාපදිංචි නොකළ" ලේබලය - මෙය වාහනය ලියාපදිංචි කළ වහාම නැති වේ. ඉන්පසු එය second hand වාහනයකි.

දැන් ලක්ෂ
23 දී Toyota Vitz2008 කාරයක් ගත්තා යයි සිතමු. අවු. 4 කට පසු එය අවු. 7 ක් පරණ second hand කාරයකි. එහි වටිනාකම අලුත් වාහනයක් ඉදිරියේ අඩු අගයක් වීම් නොවැලැක්විය හැකිය. ලංකාව Toyota Vitz වලින් පිරී තිබෙන නිසා අස්ප ගණන් වලට විකිණීමද කළ නොහැක. Hybrid වර්ගයේ වාහන ජනප්‍රිය වන විට Vitz හැලී යාමටද ඉඩ ඇත.

මෙම කරුණු නිසා මා සිතන්නේ අල්ලපු ගෙදර එකා ගත්ත පලියට අපද වාහන වලට අනවශ්‍ය මිලක් වැය නොකළ යුතු බවයි.

මෙම කරුණු ගැන ඔබගේ අදහස් දක්වන්න. අලුතින් වාහනයක් ගන්න බලාපොරොත්තු වන අයට එය ප්‍රයෝජනවත් වනු ඇත.

මෙම ලිපිය කිසිදු නිශ්පාදනයක් වර්ණනා කිරීම හෝ හෙලා දැකීම සඳහා ලියූ එකක් නොවේ.



ඇමරිකාවෙත් Toyota වලට හොද පිළිගැනීමක් තියෙනවා.. Honda වාහන වලටත් වඩා..
 

nadman

Well-known member
  • Nov 29, 2006
    3,827
    553
    113
    Humm machan mehema kiyana eka nam lesi.Habai minissu wahana ganne athe thiyena gaana saha 2nd hand value balalai.(podi toyota wahana ganne loku wahana walata akamathi nisa nevei)
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    machan mekai okata hethuwa lankawe wahanayak salli deela ganna puluwan thathwe inne mudalalila saha business karayone. Lankawe job ekak kalla lesiyen honda wahanayak ganna bane thatha amma hamba karala ithuru kalla giya deyak naththan.
    Company ekakin wahanayak gannakota eke resale value ekata wada pawichchi karana kaledi wiyadam karanna wena total cost ekane balanne. Enisa resale value eka sampurnenma randa pawathinne me mudalalila saha business karana kattiya matha.

    Mama danna boho denek business kalla salli hoyanna witharai danne egollange subject ekata adalawa. Wahana gana ho ewala thiyana technology eka gana kisima danumak na. Ithin me aya kawru hari kiyana de ahala thama wahana miladee ganne. Lankawe wahanayak ganna puluwan tharam salli gawasenne me nodanuwath pirisa athe nisa thama wahana mila saha nawatha wikineme mila me wage thathwekata path wela thiyenne.

    Anik hethuwa thama Toyota samagama kalayak thisse lankawe wahana wikunala labagena thiyana keerthi namaya. lankawe toyota agent lama godak innwane. Anik brand walata inne 1 agent kenai ne.

    aththa kathawa! :yes::yes::yes::yes::yes:
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Which of these is the best car to buy?
    (all prizes without shipping cost, without adding taxes, 2010/2011 model --- newest ones)

    1. Toyota NZE141 (axio-fielder) --- US$ 19,700
    2. Toyota prius 3rd generation (hybrid) ----- US$ 28,500
    3. Honda civic type-R ---- US$ 32,000
    4. Honda fit hybrid ---- 24,000
    5. Mitsubishi lancer ---- 17,700
    6.Toyota NZE141 (axio) --- 21,700

    Note: Hybrid duty taxes are dropped (15%) and we have a permit allowing total tax to be reduced to 55%. Our buying capacity is US$ 28,000
     
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල
    2005_Toyota_Vitz_03.jpg


    2008_toyota_vitz-pic-65093.jpeg
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ඇමරිකාවෙත් Toyota වලට හොද පිළිගැනීමක් තියෙනවා.. Honda වාහන වලටත් වඩා..
    :yes::yes:
    Honda popular තමා. හැබැයි මම හිතනවා Camry එක ඊට වඩා popular . ඒ range එකේ ගොඩක් car (Chevy, Hyundai, etc) advertise කරද්දී කියන්නේ එක Camry එකට වඩා හොඳයි කියල.
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    :yes::yes:
    Honda popular තමා. හැබැයි මම හිතනවා Camry එක ඊට වඩා popular . ඒ range එකේ ගොඩක් car (Chevy, Hyundai, etc) advertise කරද්දී කියන්නේ එක Camry එකට වඩා හොඳයි කියල.
    ඔව් ඔව්.. camry තමා ගොඩක්ම popular. hybrid ඒවගෙන් Toyota prius
     
    • Like
    Reactions: Gouken

    sam2044

    Member
    Sep 1, 2007
    146
    5
    0
    හොඳ පොස්ට් එකෙක් මචන්. සම්පුර්න ඇත්ත. මේ පොඩි Vitz එකට 26-27 දීල ගන්න පිස්සු තියෙන්නම ඕන. 121 ගැනත් එච්චරම තමයි කියන්න තියෙන්නේ. ඕව වටින්නේ 20-25 හැබැයි අපේ අය තාම 30-35 කියනවා. හැබැයි දැන් Priuz 30ට-35ට එනවා. ඒ කියන්නේ 121 ගාන බහීවි ඉක්මනටම.
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,867
    1,553
    113
    TOYOTA WALATA WADA HODA BRAND KOTCHARA THIYENAWADA
    LANKAWE AYATA THAMAI TOYOTA LOKU
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඈත්ත කතාව. ලංකාවේ තමයි වාහන මොඩ්ල් කීපයක් ලොකු කරගෙන ඉන්නෙ:angry::angry::angry:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Humm machan mehema kiyana eka nam lesi.Habai minissu wahana ganne athe thiyena gaana saha 2nd hand value balalai.(podi toyota wahana ganne loku wahana walata akamathi nisa nevei)

    ඒක ඇත්ත මචන්, ඒත් අතේ තියන ගාන හා 2nd hand value එක බලනකොට Vitz වලට ලක්. 24-26 වියදම් කරන එක විහිළුවක් නේද?

    2010 දී ආනයනය කරන්නේ 2007-2008 කාලයේ Vitz කාර් නම් 2015 දී ආනයනය කරන්නේ 2012-2013 කාලයේ එන Vitz කියලා හිතමු.

    දැන් මම 2007
    Vitz එකක් අරගෙන 2015 වෙනකම් පාවිච්චි කරලා 75000km විතර දිව්වට පස්සේ විකුනන්න බැලුවොත් ඒ කාර් එක සංසන්දනය වෙන්නේ ඒ කාලයෙ ගෙන්නන 2012-2013 Vitz කාර් එක්කයි.

    එතකොට මම කොහොමද අර වියදම් කළ ගානේ අහලකටවත් යන්නේ? අනික මේක hatchback කාර් එකක්.

    මෙහෙම දෙයකුත් තියනවා. මිනිස්සුන්ට "අළුත්" වාහනයකුත් ඕන... ඒ නිසා ණය වෙලා හරි මෑත කාලයේ හදපු වාහනයක් ගන්න බලනවා.

    මට හොදටම විශ්වාසයි කවදා හරි මේ
    Vitz තොගය විකුණන්න වෙන්නේ සෑහෙන අඩු ගානකට...
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,827
    553
    113
    ඒක ඇත්ත මචන්, ඒත් අතේ තියන ගාන හා 2nd hand value එක බලනකොට Vitz වලට ලක්. 24-26 වියදම් කරන එක විහිළුවක් නේද?

    2010 දී ආනයනය කරන්නේ 2007-2008 කාලයේ Vitz කාර් නම් 2015 දී ආනයනය කරන්නේ 2012-2013 කාලයේ එන Vitz කියලා හිතමු.

    දැන් මම 2007
    Vitz එකක් අරගෙන 2015 වෙනකම් පාවිච්චි කරලා 75000km විතර දිව්වට පස්සේ විකුනන්න බැලුවොත් ඒ කාර් එක සංසන්දනය වෙන්නේ ඒ කාලයෙ ගෙන්නන 2012-2013 Vitz කාර් එක්කයි.

    එතකොට මම කොහොමද අර වියදම් කළ ගානේ අහලකටවත් යන්නේ? අනික මේක hatchback කාර් එකක්.

    මෙහෙම දෙයකුත් තියනවා. මිනිස්සුන්ට "අළුත්" වාහනයකුත් ඕන... ඒ නිසා ණය වෙලා හරි මෑත කාලයේ හදපු වාහනයක් ගන්න බලනවා.

    මට හොදටම විශ්වාසයි කවදා හරි මේ
    Vitz තොගය විකුණන්න වෙන්නේ සෑහෙන අඩු ගානකට...
    Mehmai machan wahana market eka gana sure karala kiyanna baa.Mokada hybrid wahana nagala giyoth parana petrol wahana wikunanna godak amaru wenawa.Habai machan athama kiyanawa nam toyota wala 2nd hand value lesiyen aduwenne naa.Apita issara toyota starlet ekak tibba(ekath vitz wage podi toyota hatch back ekakne)api eka awurudu 3 withara pawichi karala ae gaanatam wikka:)
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ලංකාවෙ මෙ වාහන ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ ගොඩක් durability , petrol consumption හින්දා
    benz, BMW, audi හොද වුනාට පෙට්‍රල් ගහන්න ගියම තරු පෙනවා........
    අනිත් එක තමා ගාන. bmw, benz වල ගාන ගැන කියන්න ඔන නෑනෙ.
    අනිත් එක නැවත විකුනන්න ගියාම අපිට ගන්න පුලුවන් ගාන.
    සමහර වෙලාවට කෝටි ගනන් දිලා ගන්න bmw විකුනන්න වෙන්නෙ මිලියන 2 ,3 වගෙ........
    එතකොට කොටියක් විතර පඩුයි..