ඉස්ලාම්වල අනිවාර්යයිනේ. ඒක හංගන්න දෙයක් නෑ.
කතෝලික ආගමෙත් සමහර ඒවා අනිවාර්යයි. පල්ලියෙන් බන්දවන එක. ඉරිදට පල්ලි යන එක වගේ ඒවා. හැබැයි ඉරිදට පල්ලි යන එක දැන් නම් අනිවා ර්ය නෑ. ඒත් කාලයක් ඒක අනිවාර්යවෙලා වගේ තිබුනා. හැබැයි සල්ලි දීලා ආගමට බදව ගන්න බයිබල් ආගම්වල අයට නම් පල්ලි එන එක අනිවා ර්යයි. ඒවගේම එයාලගේ සගරා විකුණන ඒවත් කරන එක අනිවාර්යයි. හැබැයි ඒ මිනිස්සු එහෙම මහන්සි උනා කියලා පාඩුවකුත් නෑ. මොකද එයාලට සල්ලි ප්රශ්න ආවම පල්ලියෙන් උදව් කරනවා. ළමයින්ට ඉගෙන ගන්න උදව් කරනවා. මේ හේතුව නිසා සමහර කතෝලික අයත්, බෞද්ධ සහ අනිත් ආගම්වල සමහර අයත් මේ ආගමත බැදෙනවා. ලංකාවේ නීතියේ හැටියට කැමති ආගමක් අදහන්න පුළුවන්. අපිට මේවට මොකුත් කියන්න බෑ
මේවගේම බෞද්ධ සමහර පන්සල්වලත් සමහර දේවල් අනිවාර්යයි. පන්සලට දානේ ගෙන්නෙ නැති අයගේ දානෙට, බණට, මරණෙට වඩීන්නෙ නැති හාමුදුරුවරුත් ඉන්නවා. අරාබිය ඉස්ලාම් ආගමික රටක් වගේ, ලංකාව බෞද්ධ ආගම මුල් වෙච්ච බහු ආගමික රටක්.