ලංකාව මෙතරම් සංවර්ධනය වන යුගයක් මීට පෙර තිබුණෙ නෑ..- අගමැති

hitter

Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    ලංකාව මෙතරම් සංවර්ධනය වන යුගයක් මීට පෙර තිබුණෙ නෑ..- අගමැති

    එක් ප්‍රදේශයකට පළාතකට සීමා නොවී මුළු ලංකාවම එක හා සමානව සංවර්ධනය වන මෙවන් යුගයක් මීට පෙර තිබුණෙ නැහැ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    කිරම – කටුවන ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය සහ කිරම බස් නැවතුම්පොළ ජනතා අයිතියට පත්කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

    සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ඔස්ට්‍රියානු රජයේ හා ශ්‍රී ලංකා රජයේ අරමුදල් යටතේ මෙම කිරම – කටුවන ජල යෝජනා ක්‍රමය ඉදිකර ඇත. මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාමසේවා වසම් 34කට පිරිසිදු පානීය ජලය බෙදාදීම සිදුවේ.

    වරාපිටියේ පිහිටි කිරම ජලාශයෙන් ජලය ලබාගෙන වෙළඳගොඩ නව ජල පවිත්‍රාගාරයක් ඉදිකරමින් ප්‍රදේශවාසීන් 26000ක පමණ පිරිසකට පිරිසිදු පානීය ජලය ලබා දීමට මෙමගින් පියවර ගෙන ඇති අතර වලස්මුල්ල, කිරම, කටුවන සහ මිද්දෙනිය මාර්ගයේ කිලෝමීටර් 24ක් දුරට ජල නල එලා පානීය ජල ගැටලුව වැඩි ප්‍රතිශතයකින් සපුරාලීමට සමත් වී ඇත.

    රුපියල් මිලියන 40ක් පමණ වැය කරමින් වැඩ නිම කළ කිරම බස් නැවතුම්පොළ මහින්ද චින්තන පුරනැගුම ව්‍යාපෘතියෙන් ආරම්භ කළ ව්‍යාපෘතියකි. පසුගිය යහපාලන රජය විසින් මුළුමනින්ම නවතා තිබූ මෙම බස් නැවතුම්පොළ කඩ කාමර හයකින් ද සමන්විතය.

    කිරම – කටුවන ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය සහ කිරම බස් නැවතුම්පොළ ජනතා අයිතියට පත්කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    හිතවත් සහෝදරවරුනි,

    මට මතක් වෙනවා එදා අසූ පහේ අතුරු මැතිවරණය වෙලාවේ අපි මෙහෙ ඇවිල්ලා මේ ප්‍රදේශයට ටිකක් දුරින් නැවතිලා කිරමේ ඉඳගෙන මැතිවරණ ව්‍යාපාරය කරපු විදිය. එදා ජෝර්ජ් රාජපක්ෂ ඇමතිතුමා ඉන්න යුගයේත් ඊට ඉස්සරවෙලාත් තමුන්නාන්සේලාගේ දෙමව්පියො, මේ තරුණයන්ගේ දෙමව්පියො ඇතුළු කණ්ඩායම් මේ ප්‍රදේශය තුළ අපට සහයෝගය ලබාදුන්නා.

    ඒවත් එක්ක අද මේ ප්‍රදේශයට නව සංවර්ධන යෝජනා ක්‍රම කිහිපයක් ඇවිල්ල තියෙනවා.

    විශේෂයෙන්ම අපි කාටත් ජලය උවමනා වෙනවා. අපේ වාසුදේව නානායක්කාර ඇමතිතුමා අද උදේ ඇඹිලිපිටිය ප්‍රදේශයටත් දැන් මේ ප්‍රදේශයේ ජනතාවටත් පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම ජනතාවට පිරිසිදු පානීය ජලය අත්‍යවශ්‍යයි. මොකද ඒකෙන් හැම පැත්තකටම ප්‍රතිඵල තියෙනවා. පිරිසිදු පානීය ජලය තිබෙන ප්‍රදේශවල අසනීප තත්ත්වයන් අඩුයි.

    සහෝදරවරුනි,

    පහුගිය ආණ්ඩුව කාලේ මේ පළාතේ තිබුණ සංවර්ධනය ව්‍යාපෘති ඇණහිටියා. මේ ප්‍රදේශයේ විතරක් නෙමෙයි මුළු රටේම සංවර්ධන කටයුතු ඇණහිටලයි තිබුණෙ. ඒ නිසා එදා අපි ආරම්භ කරපු සංවර්ධන ව්‍යාපෘති අතරමග නැවතුණා. ජාත්‍යන්තර වරාය හැදීම වේවා, ගුවන්තොටුපොළ වේවා, මේ සියල්ලක්ම මේ ප්‍රදේශවල දියුණුවට කරපු වැඩ කටයුතු එදා ඒ ආණ්ඩුව අපෙන් පළිගන්න හිතාගෙන නැවැත්තුවා. කිසිම දෙයක් කරේ නෑ. කාගෙන්ද ඒ අය පළිගත්තේ? මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගෙන්, මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවගෙන්, එහෙම නැත්නම් මේ ප්‍රදේශය විතරක් නෙමෙයි මේ රට පුරා විසිරී සිටි අපේ ජනතාවගෙන් පළිගැනීම තමයි අවසානයේදී සිදු වුණේ.

    ඒ නිසා සහෝදරවරුනි,

    අද ඔබ අප කෙරෙහි නැවත විශ්වාසය තියලා අපිව ජයග්‍රහණය කරලා ආණ්ඩුවක් පිහිටවලා තියෙනවා. අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අද ආණ්ඩුවක් පිහිටවලා කටයුතු කරගෙන යනවා. අද උදේ ඇඹිලිපිටියේ තිබුණ සංවර්ධන වැඩපිළිවෙළට වාසුදේව නානායක්කාර ඇමතිතුමාත් අපිත් සහභාගී වුණා. ඉතිං ඒ විදිහට හැම පළාතකම අලුත් සංවර්ධනයක් ඇති වෙනවා. මිනිස්සුන්ට බීමට ජලය ටික ලැබෙනවා. ඒ වගේම මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ලබාදීමේ වැඩපිළිවෙළක් අපි දැනට ක්‍රියාත්මක කරගෙන යනවා.

    ඒ නිසා තමුන්නාන්සේලාට රැකියා අවස්ථාවන් ලබා දීමේ වැඩපිළිවෙළට කර්මාන්ත සහ අලුත් යෝජනා ක්‍රම හඳුන්වාදීමේ වැඩපිළිවෙලවල් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ සමඟ තරුණ තරුණියන්ට රැකීරක්ෂා ලබා දීමේ වැඩපිළිවෙලත්, රටේ අනෙකුත් සංවර්ධන කටයුතුත් අපි ඉටුකරමින් සිටිනවා. ඒ තුළින් ජනතාවගේ ප්‍රශ්න රාශියකට පිළිතුරු දෙන්න අපට පුළුවන්කම තියෙනවා.

    සහෝදරවරුනි,

    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ ආණ්ඩුව ආව දවසේ ඉදලා මේ රටේ අලුත් නැම්මක් ඇති වුණා. රට සංවර්ධනය කරා ගමන් කෙරුවා. එක පළාතකට සීමා වෙන්නේ නැතුව එක ප්‍රදේශයකට සීමා වෙන්නේ නැතුව මුළු ලංකාවේම එක හා සමානව මේ සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා.

    උතුර වේවා දකුණ වේවා නැගෙනහිර වේවා බටහිර වේවා මේ සියලු පළාත්වල සංවර්ධනය ඒකාකාරීව සිදුවෙමින් පවතින යුගයක් අපිට මීට පෙර තිබුනෙ නෑ.

    ඒ නිසා අද අපි විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා වාසුදේව නානායක්කාර මැතිතුමාට මේ ප්‍රදේශයේ මේ ප්‍රශ්නය විසඳන්න පියවර ගැනීම සම්බන්ධව. ඒ වගේම අපි සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩනගන්න කටයුතු කරනවයි කියන එක අපි විශ්වාසයේ තියාගෙන ඉන්නවා. විශේෂයෙන් මේ රටේ තරුණ පරපුරට රැකීරක්ෂා අවස්ථා ඇති කරන්න නම් වහාම රට තුළ සංවර්ධනයක් ඇති වෙන්න ඕන. සංවර්ධනයක් නැතුව රැකියා අවස්ථාවන් ලබාදෙන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නෑ.

    එහෙමනම් අපි සංවර්ධනයට මුල්තැන දීලා කර්මාන්ත ඇති කරමින් ඉදිරියට ගමන් කරනවා. කියන පණිවුඩය අපි මේ ජනතාවට මතක් කරනවා. ඒ නිසා අද මේ විවෘත කරපු කටුවන – කිරම ජල යෝජනා ක්‍රමය තමුන්නාන්සේලාට ප්‍රයෝජනයක් වනු ඇතැයි අපි තදින් විශ්වාස කරනවා.

    ඒ නිසා මේ සඳහා සහයෝගය දැක්වූ වාසුදේව නානායක්කාර මැතිතුමා ඇතුළු එම අමාත්‍යවරුන්ටත් අපගේ ස්තුතිය පුද කරනවා. ඔබ සියලු දෙනාටම සුභ අනාගතයක් වේවා! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා

    කිරම – කටුවන මේ ඒකාබද්ධ ජලයෝජනා ක්‍රමය තුළින් වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත්, කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත් නිවාස වලට ජලය සැපයීමේ හැකියාව ලැබී තිබෙනවා.

    මේ යෝජනා ක්‍රමය මෙපමණ කාලයක් පමාවී තිබෙන්නේ පසුගිය කාලයේ එම ක්‍රියාදාමයන් සියල්ලම ඇණහිටවා තිබූ නිසයි. මෙය නැවත පණගන්වා කිරම – කටුවන ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය සංවිධානය කරලා එයට උවමනා ජලය අලුත් ජලමුලාශ්‍රයක් ඇසුරු කරගෙන ලබාගෙන අද අපට පවුල් 6000කට පමණ ජලය ලබා දීමේ හැකියාවක් ලැබී තියෙනවා.

    අපේ ගරු අග්‍රාමාත්‍යතුමා මේ වෙනුවෙන් දැක්වූ අනුග්‍රහය, ලබාදුන් නායකත්වය වගේම ගරු චමල් රාජපක්ෂ අමාත්‍යතුමා එතුමාගේ වාරි ජලයේ කොටහා අපට පානීය ජලය සඳහා අපේ පාරිභෝගිකයන් වෙනුවෙන් ලබාදීමට දුන් එකඟත්වය ගැන අපේ කෘතවේදීත්වය පල කළ යුතුයි.

    අපි ඉතා දුෂ්කර කාලයක් හරහා යන්නේ. වසංගතය ගිලගෙන තිබූ කාලය නිසා මුළු ලෝකයේම අද විශාල උද්ධමනයක්, නැත්නම් මිල අධික වීමක් සිද්ධ වෙලා තියෙනවා.

    අපි කළ යුතුව තිබුනේ පසුගිය දීර්ඝ කාලයේ අපේ ගරු අගමැතිතුමා මග පෙන්වූ ආකාරයට ආනයනය අඩු කර දේශීය නිශ්පාදන ඉහළ දැමීමයි. අපට මේ වෙනුවෙන් කිසිවක් පටන් ගන්නට බැරි ආකාරයට මේ වසංගතය උද්ගතවුණා. නමුත් අපි ඒ අභියෝගය ජයගත්‍තා. මුළු ලෝකයෙන්ම මේ අභියෝගයට මුහුණ දීලා ජයගත් රටවල් අතර එක රටක් හැටියට ලංකාවේ නම අද බබලමින් තියෙනවා. ඒකට හේතුව ඊට දුන් නායකත්වය. ඒවගේම ලංකාව පුරා පැතිරී තිබෙන අපේ සෞඛ්‍ය ජාලය.

    මෙවැනි සෞඛ්‍ය ජාලයක් දියුණු රටවල පවතින තත්ත්වයක්. ලබා දුන් දේශපාලන නායකත්වයට අතිරේකව අපිට අඩු ආදායම් තත්ත්වයක් තිබෙද්දී අපි වැඩි වියදමකින් සෞඛ්‍ය සේවයට යෙදවීමේ ප්‍රතිඵලය තමයි අපිට මේ වසංගතයෙන් ලේසියෙන් ගැලවීමට පුලුවන් වීමේ රහස.

    දුෂ්කර කාලයක් ගෙවෙමින් සිටින අපට ඉදිරියේදී එළැබෙන්නේ වඩාත් පහසු කාලයක් හැටියට අපට සළකන්න පුළුවන්. අමාරු කාලයේ අපි කළ යුතුම දේවල් මේ ආකාරයට ඉටු කරමින් මේ අපි ඉදිරියට යන්නේ වඩාත් වසනාවන්ත වූ අනාගතයකට එළැබෙන්න. යැයි අමාත්‍යතුමා පැවසීය.

    වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා

    එදා ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ මුලපුරලා පසුගිය රජයෙන් අතරමග නතර කළ මෙම බස් නැවතුම්පොළ නැවත අංගසම්පුර්ණ කරලා විවෘත කරන්න අපට හැකියාව ලැබිලා තියෙනවා.

    තමුන්නාන්සේලාගේ ප්‍රදේශය කිරම එක පැත්තකින් වලස්මුල්ල නගරය අනෙක් පැත්තෙන් කටුවන නගරය. මේ දෙක අතරේ තිබෙන උප නගරයක් කිරම. මේ නගරයටත් අවශ්‍යතාවයන් තිබෙනවා. මට මතකයි එක පාරක් රන්මලේ කන්දේ ඉඳලා අපි වලස්මුල්ල දක්වාම නළ ජලය ගෙනිච්චා. වලස්මුල්ලේ රෝහලට එදා වතුර තිබුනේ නෑ. විවිධ ආණ්ඩු කාලේ විවිධ යෝජනා ක්‍රම මගින් ළිං හාරන්න පවා කටයුතු කරලා තිබුනත් විශේෂයෙන් රෝහලට වතුර දෙන්න බැරිවුණා.

    ඒ නිසා අපට පුළුවන්කම ලැබුණා රන්මලේ ඉඳලා වතුර බට එලලා ඉස්පිරිතාලෙට අවශ්‍ය ජලය සම්පාදනය කරන්න. අද ඊටත් වඩා ජලය පානීය ජලය තමුන්නාන්සේලාගේ ගෙවල් වලට ඉල්ලනවා. එය ලබා දීම රජයක යුතුකමක් හා වගකීමක්.

    වාමාංශික නැත්නම් ප්‍රගතිශීලි පක්ෂ ආණ්ඩු කරන විට තමයි තමුන්නාන්සේලාගේ ප්‍රශ්න එකිනෙකට විසදුම් ලබා දෙන්නේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු තිබුණ වේලාවන් වලදී තමුන්නාන්සේලාගේ යටිතල පහසුකම් ලබා දීම සඳහා ඒ තරම් කටයුතු කරලා නෑ.

    පහුගිය අවුරුදු පහේ මේ රටේ කිසිම දෙයක් සිදු වුණේ නෑ. තමුන්නාන්සේලාගේ මෙතන ඉන්න අයගේ දරුවෝ හැමදාම රැකියාවල් බලපොරොත්තුවෙන් ඉන්නවා . ඒ රැකියා ලබා දෙන්න නම් රැකියා උත්පාදනය කරන්න නිෂ්පාදනය කරන්න අවශ්‍ය පිළිවෙලට ආණ්ඩු කරන්න ඕන.

    ඒ නිසා තමයි අපේ යුගයේ ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මග පෙන්වීම යටතේ අපි හම්බන්තොට ජාත්‍යන්තර වරායක් හැදුවේ. ගුවන්තොටු පොළක් හැදුවේ. එදා අපි කර්මාන්ත ශාලා ආරම්භ කරන්න පටන් ගත්තා. නමුත් අවාසනාවකට තමුන්නාන්සේලා 2015 දී අලුත් යහපාලන ආණ්ඩුවක් පත් කර ගත්තා.

    අපි රටේ හැමතැනම අනන්තවත් වී ගබඩාවල් හදල තියෙද්දි, ඒ ආණ්ඩුව ඇවිල්ලා වී ගබඩා කරන්න තැනක් නැතුව ගුවන් තෙටුපලේ වී ගබඩා කළා. තරුණයන්ට රැකියාවල් ලැබෙමින් තිබියදී තමයි ඒ කඩාකප්පල්කාරී වැඩේ සිද්ද වුණේ. එදා වරායට නැව් එන්න පටන් ගත්තා. අපි තෙල් දෙන්න පටන් ගත්තා. 2015 ජනවාරි මාසයේ අලුතින් පත්වුණු ඇමතිවරයා සම්පුර්ණයෙන්ම හම්බන්තොට වරායට නැව් එන එක නැවැත්තුවා.

    ඒ වගේම අපට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සංවර්ධනය අරඹපු කොළඹ නැගෙනහිර පර්යන්තයේ වැඩ ඒ ආණ්ඩුවේ ඇමතිවරයා සම්පුර්ණයෙන්ම නතර කළා.

    ඉතින් මේ වගේ ආණ්ඩු මාරු වෙන කොට ජනතාවගේ සුභ සිද්ධිය සඳහා රටේ සුභ සිද්ධිය සඳහා ඔබේ සහ ඔබේ අනාගත දරුවන්ගේ සුභ සිද්ධිය සඳහා කරපු හැම වැඩක්ම දේශපාලන පලිගැනීම් තුළ නතර කරලා තිබෙනවා. ඒ දේශපාලන පලිගැනීම් කරන්නේ අපෙන් නෙමෙයි ඔබෙන්. මේ සම්පත් ඔබේ. මේවා කරන්නේ ඔබ වෙනුවෙන්. ඔබේ දරුවන්ගෙ අනාගතය වෙනුවෙන්. අපි පිළිගන්නවා. ප්‍රශ්න තිබෙනවා මේ ප්‍රශ්න වලින් ගැලවිලා යන්න අපි සුදානම් නෑ. ඒ නිසා ඔබේ අවශ්‍යතාවය සම්පුර්ණ කරන්න අපි කැප වෙනවා. යැයි අමාත්‍යතුමා පැවසීය.‍

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ, වාසුදේව නානායක්කාර, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන උපුල් ගලප්පත්ති,අජිත් රාජපක්ෂ, ගයාෂාන් නවනන්ද, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහත්වරු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් හා කටුවන ප්‍රාදේශිය සභාවේ සභාපති මහින්ද ගමාච්චි මහතා ඇතුළු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    වතුර දෙන කතාවනම්. අනිත් ඒවා නම් කොහොමද දන්නේ නැහැ
    අපි ඉන්න පැත්තට ඇති වෙනකම් ළිං තියෙන නිසා tap line ඕන වුණේ නෑ මෙච්චර කාලේට
    අන්න දැන් ඇවිල්ලා දෙනවා.
    2023 වෙද්දී project එක complete.
     
    • Like
    Reactions: hitter

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඕකට සුදු කොඩි පෙන්න අරගෙන මොලේ මැන්ටල් වෙලාද කොහිද
    උබ මේක ජෝක් එකකට කිව්වta මේක තමා බන් ඇත්ත. මේකාගේ මයින්ඩ් එක හරියට වැඩ කරන්නේ නැ. සුදුසු කල හැම දේම කරන්න ඕනේ කියන්නේ මෙන්න මේකට බන්. කාලකන්නි හැතිකරේ
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    ඔව් කැරි මයිනට දැන් පම්පස් අන්දලානේ තියෙන්නේ,ඉස්සර වගේ මයිල් ටික බාල ක්ලින් එකට නැති නිසා හොරි දාල පනුවෝ එහෙම හොදට සංවර්දනය වෙලා ඇති.
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    උබ මේක ජෝක් එකකට කිව්වta මේක තමා බන් ඇත්ත. මේකාගේ මයින්ඩ් එක හරියට වැඩ කරන්නේ නැ. සුදුසු කල හැම දේම කරන්න ඕනේ කියන්නේ මෙන්න මේකට බන්. කාලකන්නි හැතිකරේ
    ඔව් බන්, අපේ තාත්තාටත් අවුරුදු 70ක්‌ වෙනවා හිටපු ගමන් මේ කියන එක මේ මතක නැ, ඔවා වයසත් එක්ක සාමාන්‍ය සිද්දි, පිනක් දහමක් කරගන්න ඕනේ කාලේ මුන් බලයට කෑදර කමේ නහිනවා, මැරෙනකොට ගෙනියන්න වගේ,
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔව් බන්, අපේ තාත්තාටත් අවුරුදු 70ක්‌ වෙනවා හිටපු ගමන් මේ කියන එක මේ මතක නැ, ඔවා වයසත් එක්ක සාමාන්‍ය සිද්දි, පිනක් දහමක් කරගන්න ඕනේ කාලේ මුන් බලයට කෑදර කමේ නහිනවා, මැරෙනකොට ගෙනියන්න වගේ,
    Ape thaththa 69 thama. budu dahama ekka full time inna nisa hoda mind ekak thiyanawa. but eyage pawa mind eka poddak awl yanawa samahara welawata.
    ithin ban me api katha karanne PM kenek gana. minissu danuwath nathi eke warada
     
    • Like
    Reactions: akildila

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,367
    113
    Very true yalu... minissunta vahana ehema nothing dan. Vehicles epaa wela fuel station wala park karala gihin.. 👌👌👌
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,911
    1
    15,286
    113
    Cracking Up Lol GIF by HULU
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පිනක් දහමක් කර ගන්න ඔනෙ කාලෙ බොරු කියල පව් පුරව ගන්නවනෙ 😶😞

    ඇගට බද්ද වෙච්ච පුරුදු එහෙම එකපාරටම නැතිකරගන්න එක හිතන තරම් ලේසි නෑ 😁😁
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,317
    4,677
    113
    sanwardane wadi wela iha wahaagihin bros. danwat podi break ekak ganin mahansit athi ne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බොහොම හොදයි, ගුපිය්නට වතුර දෙන්ඩ අඩුමගානෙ ලිදක්වත් කපා ගන්ඩ පූලුවන් උනාද ,නැනෙ නැනෙ..මහින්දල වැඩ කරනව ඒක තමයි ඇත්ත..
     
    • Haha
    Reactions: Maui_15