ඔබ සිංහලයෙක් විය හැකිය..නැතහොත් මුස්ලිම් අයෙක් විය හැකිය.ඔබ කවරෙක් වුවත් අලුත්ගම සිද්ධිය දෙස මිනිස් ඇසකින් බලන්න...සමාවන්න..මෙය මාගේ මතයයි....සිංහල වුවද දමිළ වුවද මුස්ලිම් වුවද ජාතිවාදය නම් ජාතිවාදයමය..මා එය පිළිකුල් කරන්නෙමි...සිංහල මුස්ලිම් පමණක් නොව දමිල මිතුරන්ද මට සිටී...නැවත වතාවක් රට අරාජික වනවාට අකැමැත්තෙමි..එනිසා ඒ සියල්ලන්ම මේ මොහොතේ ඉතා හොඳින් සිතා මතා කටයුතු කිරීම වටින්නේය....
අවසානයේ ඔබට සිතන්නට ඉතුරු කර මෙසේ ලියන්නට කැමැත්තෙමි....
මුස්ලිම් සහෝදරයිනි,,,,,,,,,,,
ඔබ දන්නා හඳුනන එනමුදු ආගන්තුකයෙක් වන අයෙක්ගේ නිවසකට ගිය විටක ඔබ හැසිරෙන්නේ කෙසේද?ඔබ ඒ අගන්තුකයාට පක්ෂපාතී ලෙස හැසිරේ..ඔහුගේ හිත නොරිදෙන සේ හැසිරෙයි..කිසිම විටක ඔහුව ඉක්මවා යන සේ කටයුතු නොකරයි..මක් නිසාද ඒ ඔහුගේ නිවස වන නිසාවෙනි....ඔබට ආගන්තුකයාව රිසි වන්නේ නැති නම් ඔබට ඔහුව නිවසින් එළවිය නොහැකිය...මන්ද ඒ නිවස ඔහු සතු එකකි...අවැසි නම් ඔබට නිවසින් එළියට බැසිය හැක්කේය...
මෙම දූපත සිංහල බෞද්ධයන්ගේ නිවහනය...ඔබ එහි ආගන්තුකයෙකි....මදක් සිතන්න...ඔබ ඔබේ සීමාව දැන වැඩ කටයුතු සිදු කරන්න....හොඳින් සමගියෙන් ඔබේ තරම දැන ජීවත් වන්න...එසේ කළ නොහේ නම් කරුණාකර මේ රටින් පිට වන්න....
සිංහල සහෝදරයිනි,,,,,,
නිවස ඔබට අයිති බැව් හැබෑවකි...නමුදු නිවසට එන අමුත්තෙක් අප කිසි විටක පන්නා දමන්නේ නැත...ඔහු හා සුහදව ගණුදෙනු කිරීම අපගේ සිරිතයි...හිත රිදවන වචනයක් කී පමණින් ඔබ අමුත්තෙකු නිවසින් පන්නා දමන්නේ නැත...නමුදු ඔබේ නිවසේ මද වේලාවක් ඉඳ ඔහු නිවසට අයිතිවාසිකම් කියන්නේ නම් ඔහුව එළවා දැමීමේ නිදහස අයිතිය ඔබ සතුය...
මිනිසෙකු ලෙස සිතන්න...එලෙස ජීවත් වන්න...එවිට මේ පුංචි දීපය චිරාත් කාලයක් සොඳින් වැජඹෙනු ඇත..
මම මනුෂ්යයෙක්මි.... ඔබ?
උපුටා ගැනීම ---------සිමෙත් කවීජ -----