අනුරාධපුරෙන් උඩට යන්න එපා කියපු රජතුමා කවුද 🤡

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113


    ඊයේ අනුර කිව්වේ රටේ ජනාධිපති කෙනෙක් තබා මන්ත්‍රීවරයෙකු හෝ නොකිය යුතු අන්ත ජාතිවාදී, ආගම්වාදී, බෞද්ධ විරෝධි ප්‍රකාශයක්.

    කාලිංග මාඝගෙන් පසුව ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ තරම් මුග්ධ, තුච්ඡ, අධම කතාවක් කිසිඳු පාලකයෙක් කියලා නැහැ.

    මේ තමයි අනුරගේ ඇතුලාන්තය.

    අනුර ජාතිවාදය කියලා හඳුන්වන්නේ පැහැදිලිවම සිංහල බෞද්ධයා සම්බන්ධ කාරණා වලට පමණයි.

    ඔහු ජාතිවාදයට විරුද්ධ වීම කියලා හඳුන්වන්නේ සිංහල බෞද්ධ ප්‍රජාවගේ තටු කැපීමකට.

    රටේ ජනාධිපතිවරයාට තබා කිසිවෙකුටත් අනුරාධපුරයෙන් ඉහළ බෞද්ධ සිද්ධස්ථානයක් තහනම් කිරීමේ අයිතියක් නැහැ.

    සිංහල බෞද්ධයාටත් රටෙහි ඕනෑම තැනකට නිදහසේ සංචාරය කිරීමේ, ආගම ඇඳහීමේ මූලික අයිතිවාසිකම් හිමියි.

    මිනිසුන් ආගමික සිද්ධස්ථාන වන්දනා කරන්නේ ආසන්නතම ආගමික සිද්ධස්ථානය වන්දනා කිරීමේ අකමැත්තක් නිසා නෙවෙයි.

    එමෙන්ම ඒ සිද්ධස්ථානය අයිති භූමිය අයිති කිරීමේ අදහසකිනුත් නොවෙයි.

    ඒ පැහැදිලිව සංස්කෘතිය.

    ශ්‍රී ලාංකේය ඉස්ලාමීය බැතිමතුන් රටවල් ගණනාවක් පසුකරගෙන ගොස් මක්කම වන්දනා කරනවා.

    ඒ ජාතිවාදය නොවෙයි. සවුදි අරාබිය අල්ලා ගැනීමේ අරමුණකිනුත් නොවෙයි.

    ලාංකේය බෞද්ධයන් විහාර, චෛත්‍යය ගණනාවක් පසුකරමින් ඉන්දියාවේ සංචාරය කරනවා.

    ඒ ඉන්දියාව අල්ලා ගැනීමේ අරමුණකින් නොවෙයි.

    එක් පැත්තකින් දකුණේ ජනතාව උතුරේ බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගනිද්දී, එය රුපියලකින් හෝ උතුරේ ආර්ථිකයට දායකත්වයක්.

    අනුරගේ බෞද්ධ විරෝධයට ඒවා පෙනෙන්නේ නැහැ.

    මෙහිදී සිදුවන්නේ එක්තරා අන්දමකට ශ්‍රී ලංකාව ජාති, වර්ග අනුව භූමිය වෙන්කර දීමක්.

    උතුර සිංහල බෞද්ධයාට පා තැබීමට හෝ නුසුදුසුබව මේ හඟවන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා.

    අවාසනාව යනු ඔහුට මෙරට බෞද්ධයන්ගේත් ඡන්ද මිලියන ගණනක් ලැබීමයි.

    (ආසන්නයේ ඇහුණු පුවත් දෙකක්. ත්‍රීමලේ සිදුවීමට අදාලව ස්වාමීන් වහන්සේලා සිරගත වුණා.

    සරත් වීරසේකරගේ පුතා, ආනන්ද වීරසේකරගේ ඥාතී පුතා ඊයේ පොලිස් රෝහලෙන් එලවා දැම්මා.

    ඕවා ඔක්කොම එකම ලයින් එකේ වැඩ)


     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,202
    34,817
    113
    අපිලා නම් යාපනේ තියා අනුරාධපුරේවත් යන්නෑ. ඔය වියළි කලාපවල ගිහිං සිල් ගන්න තියා නිකං ඉඳගෙන ඉන්නවත් පුලුවන්ද දාඩිය වැක්කෙරනවා, අව්වට කරවෙනවා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    අපිලා නම් යාපනේ තියා අනුරාධපුරේවත් යන්නෑ. ඔය වියළි කලාපවල ගිහිං සිල් ගන්න තියා නිකං ඉඳගෙන ඉන්නවත් පුලුවන්ද දාඩිය වැක්කෙරනවා, අව්වට කරවෙනවා
    Mage ekaaa
     
    • Love
    Reactions: nalin0001

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113



    ජනාධිපති තුමා උතුරේ දෙමළ ජනතාව හමුවේ,කල ප්‍රකාශයක් මේ වන විට කතාබහට ලක් වෙනව. බෞද්ධ ජනතාවට අනුරාධපුරයෙන් උඩට වන්දනාව සඳහා ඒමේ බාධාවක් තිබෙනවාද..ඇවිත් වැඩක් තියෙනවද?...

    ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල බෞද්ධ උරුමය පිළිබඳව අප සොයා බලමු., මෙම ප්‍රදේශ අතීතයේ සිටම සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ ප්‍රධාන මධ්‍යස්ථාන ලෙස පැවති බවට පුරාවිද්‍යාත්මක හා සාහිත්‍යමය සාධක ඕනෑතරම් හමුවේ.

    ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් වර්තමානයේ එක් ජාතියකට හෝ ආගමකට සීමා වී ඇති බවක් පෙනෙන්නට තිබුණද, ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යන්නේ අනුරාධපුර සහ පොළොන්නරු යුගයන්හිදී මෙම ප්‍රදේශ රජරට සහ රුහුණු රට යන පාලන ඒකකයන්ට අයත් සශ්‍රීක බෞද්ධ පින්බිම්ව පැවති බවයි.

    1. ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථාන

    මෙම පළාත්වල පිහිටි විහාරස්ථාන බොහොමයක් බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය හෝ මුල්කාලීන රජවරුන්ගේ රාජ්‍ය අනුග්‍රහය හා සෘජුවම සම්බන්ධ වේ.

    උතුරු පළාත:
    නාගදීප පුරාණ විහාරය (යාපනය): බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූ ස්ථානය ලෙස සැලකේ. මහෝදර සහ චූලෝදර යන නා රජුන් දෙදෙනා අතර ඇතිවන්නට ගිය යුද්ධයක් සංසිඳුවීම සඳහා උන්වහන්සේ මෙහි වැඩම කළ බව මහා වංශය සඳහන් කරයි.

    කදුරුගොඩ (කන්දරෝඩෙයි) විහාරය: යාපනය අර්ධද්වීපයේ පිහිටි මෙම ස්ථානයේ කුඩා ප්‍රමාණයේ ස්තූප සමූහයක් දැකිය හැකිය. මෙය අතීතයේ විශාල බෞද්ධ මධ්‍යස්ථානයක්ව පැවති බව පුරාවිද්‍යාත්මකව තහවුරු වී ඇත.

    දඹකොළ පටුන: සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන ලංකාවට ගොඩබැසීම සිදුවූයේ මෙම ඓතිහාසික වරායටයි. දේවානම්පියතිස්ස රජු මෙහි සමුද්‍රාසන්න විහාරය කරවූ බව සඳහන් වේ.

    නැගෙනහිර පළාත:
    දීඝවාපී මහා සෑය (අම්පාර): බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනයේදී සමාධි සුවයෙන් වැඩසිටි ස්ථානයක් ලෙස සැලකෙන මෙය සොළොස්මස්ථානවලින් එකකි.

    ගිරිහඩු සෑය (තිරියාය): බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීම උන්වහන්සේගේ කේශ ධාතු තැන්පත් කර තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් ඉදිකළ ලොව ප්‍රථම ස්තූපය මෙය ලෙස පිළිගැනේ.
    සෙරුිවිල මංගල රජමහා විහාරය: බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කර කාවන්තිස්ස රජු විසින් කරවන ලද්දකි.

    2. ආක්‍රමණිකයන්ට පෙර බෞද්ධ උරුමය
    දකුණු ඉන්දියානු ආක්‍රමණ (විශේෂයෙන් චෝල, පාණ්ඩ්‍ය සහ මාඝ ආක්‍රමණ) ප්‍රබල වීමට පෙර, එනම් ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 10 වන සියවස දක්වා කාලය තුළ උතුරු සහ නැගෙනහිර පළාත් මුළුමනින්ම පාහේ බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වී තිබුණි.

    ජනාවාස ව්‍යාප්තිය: මහාවංශයට අනුව, විජය රජුගේ ඇමතිවරුන් මුලින්ම ජනාවාස පිහිටුවූයේ නැගෙනහිර සහ උතුරු වෙරළාසන්න ප්‍රදේශවලයි. (උදා: තම්බපණ්ණි, උපතිස්සගාම).

    රාජ්‍ය පාලනය: අනුරාධපුරයේ රජකම් කළ දේවානම්පියතිස්ස, දුටුගැමුණු, වසභ සහ මහාසේන වැනි රජවරුන් මෙම ප්‍රදේශ පුරා වෙහෙර විහාර සහ දැවැන්ත වැව් කර්මාන්ත ඉදිකළහ.

    සෙල්ලිපි සාධක: වවුනියාව, මුලතිව් සහ මඩකලපුව වැනි ප්‍රදේශවලින් හමුවන බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපි මගින් තහවුරු වන්නේ එකල එම ප්‍රදේශවල ප්‍රාදේශීය රජවරුන් (දස බෑ රජවරු වැනි) බුදුදහමට පූජා කළ ඉඩකඩම් සහ විහාර පිළිබඳ තොරතුරුයි.

    වරාය නගර: අතීතයේ "ගෝකණ්ණ" ලෙස හැඳින්වූ ත්‍රිකුණාමලය සහ "ජම්බුකෝළ පටුන" (දඹකොළ පටුන) බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ධර්ම දූතයන් නිතර ගමන් ගත් ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථාන විය.

    දකුණු ඉන්දියානු ආක්‍රමණ නිසා පසුකාලීනව මෙම ප්‍රදේශවල ජනගහන සංයුතිය වෙනස් වුවද, පොළොව යට වැළලී ඇති නටබුන් සහ ඉපැරණි ශිලා ලේඛන සාක්ෂි දරන්නේ මෙම පළාත් සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ තොටිල්ලක්ව පැවති බවයි. එම උරුමය රැකගැනීම ජාතික වගකීමකි.

    ⛔ජනාධිපති තුමා මෙම කරුණු නොදැනද මෙවන් ප්‍රකාශයක් කෙලේ. නැත්නම් දෙමළ ජන්ද වෙනුවෙන්ද, එසේත් නැතිනම් වෙනත් කාරණාවක් ගැනද? ඔබේ අදහසත් comment එකකින් දක්වන්න..
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    ජනාධිපතිය රට ගොනා කියපු කතාව උතුරෙ දකුණෙ දෙපැත්තෙම ජාති වාදියොන්ට හම්බුන හොඳ චාන්ස් එකක්. ගොං හුට්ට බූරු කතා කියල දැන් තිබ්බට වඩා ජාතිවාදී වැඩ වලට අත වැනුව.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,766
    16,985
    113
    6194-A882-6-BB6-4-D40-BDC2-46881-F08-AB24.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,500
    14,516
    113
    35
    Spain
    සරත් වීරසේකරගේ පුතා, ආනන්ද වීරසේකරගේ ඥාතී පුතා ඊයේ පොලිස් රෝහලෙන් එලවා දැම්මා.

    මේ මොකක්ද බන්? ආනන්ද වීරසේකර කියන්නේ අර ආමි නිළධාරිය නේ? ජේවීපී පිස්සන්ගේ රට කාපු කාලේ අනුරාධපුර කෑම්ප් එකක කමාන්ඩර් කෙනෙක් විදියට හිටිය කියල තිබ්බ. එකේ තරහටද?
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    සරත් වීරසේකරගේ පුතා, ආනන්ද වීරසේකරගේ ඥාතී පුතා ඊයේ පොලිස් රෝහලෙන් එලවා දැම්මා.

    මේ මොකක්ද බන්? ආනන්ද වීරසේකර කියන්නේ අර ආමි නිළධාරිය නේ? ජේවීපී පිස්සන්ගේ රට කාපු කාලේ අනුරාධපුර කෑම්ප් එකක කමාන්ඩර් කෙනෙක් විදියට හිටිය කියල තිබ්බ. එකේ තරහටද?
    බ්‍රිගේඩිර් ආනන්ද වීරසේකර තමයි 88/89 න් පස්සේ අල්ලපු හා බාරවුණ ජෙප්පන්ව පුනුරුත්ථාපනය කිරීමට බාරව හිටියේ. සරත් වීරසේකරගේ අය්යා. පසුව මහණ වුණා. ඊට පස්සේ මෑතකදී මිය ගියා.
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    ජනාධිපතිය රට ගොනා කියපු කතාව උතුරෙ දකුණෙ දෙපැත්තෙම ජාති වාදියොන්ට හම්බුන හොඳ චාන්ස් එකක්. ගොං හුට්ට බූරු කතා කියල දැන් තිබ්බට වඩා ජාතිවාදී වැඩ වලට අත වැනුව.
    ඔයා මුලු කතාව බලලාද මචන් අපේ තරුන නායකයාට බනින්නෙ :yes: :yes:
     
    • Haha
    Reactions: ozykolla

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේ බුරුව මේවා කියල දෙමල චන්ද බලාපොරොත්තු වෙනවද???
    කලෙගාන එපා ඔයා කසිප්පු බොන්න
    එම මුදලින් හොදට ඉදුණු රට ඉඳි කන්න
    රට ඉඳි කා උණු කරගත් ඔටු කිරි බොන්න
    පකිස්තානු අඟනුන් හට සුර සැප දෙන්න
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කලෙගාන එපා ඔයා කසිප්පු බොන්න
    එම මුදලින් හොදට ඉදුණු රට ඉඳි කන්න
    රට ඉඳි කා උණු කරගත් ඔටු කිරි බොන්න
    පකිස්තානු අඟනුන් හට සුර සැප දෙන්න
    දැන් වැඩිය බොන්නේ නෑ...

    නියම කවිය හැබැයි..
     
    • Like
    Reactions: Janatha Jhon