ඊයේ අනුර කිව්වේ රටේ ජනාධිපති කෙනෙක් තබා මන්ත්‍රීවරයෙකු හෝ නොකිය යුතු අන්ත ජාතිවාදී, ආගම්වාදී, බෞද්ධ විරෝධි ප්‍රකාශයක්.
කාලිංග මාඝගෙන් පසුව ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ තරම් මුග්ධ, තුච්ඡ, අධම කතාවක් කිසිඳු පාලකයෙක් කියලා නැහැ.
මේ තමයි අනුරගේ ඇතුලාන්තය.
අනුර ජාතිවාදය කියලා හඳුන්වන්නේ පැහැදිලිවම සිංහල බෞද්ධයා සම්බන්ධ කාරණා වලට පමණයි.
ඔහු ජාතිවාදයට විරුද්ධ වීම කියලා හඳුන්වන්නේ සිංහල බෞද්ධ ප්‍රජාවගේ තටු කැපීමකට.
රටේ ජනාධිපතිවරයාට තබා කිසිවෙකුටත් අනුරාධපුරයෙන් ඉහළ බෞද්ධ සිද්ධස්ථානයක් තහනම් කිරීමේ අයිතියක් නැහැ.
සිංහල බෞද්ධයාටත් රටෙහි ඕනෑම තැනකට නිදහසේ සංචාරය කිරීමේ, ආගම ඇඳහීමේ මූලික අයිතිවාසිකම් හිමියි.
මිනිසුන් ආගමික සිද්ධස්ථාන වන්දනා කරන්නේ ආසන්නතම ආගමික සිද්ධස්ථානය වන්දනා කිරීමේ අකමැත්තක් නිසා නෙවෙයි.
එමෙන්ම ඒ සිද්ධස්ථානය අයිති භූමිය අයිති කිරීමේ අදහසකිනුත් නොවෙයි.
ඒ පැහැදිලිව සංස්කෘතිය.
ශ්‍රී ලාංකේය ඉස්ලාමීය බැතිමතුන් රටවල් ගණනාවක් පසුකරගෙන ගොස් මක්කම වන්දනා කරනවා.
ඒ ජාතිවාදය නොවෙයි. සවුදි අරාබිය අල්ලා ගැනීමේ අරමුණකිනුත් නොවෙයි.
ලාංකේය බෞද්ධයන් විහාර, චෛත්‍යය ගණනාවක් පසුකරමින් ඉන්දියාවේ සංචාරය කරනවා.
ඒ ඉන්දියාව අල්ලා ගැනීමේ අරමුණකින් නොවෙයි.
එක් පැත්තකින් දකුණේ ජනතාව උතුරේ බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගනිද්දී, එය රුපියලකින් හෝ උතුරේ ආර්ථිකයට දායකත්වයක්.
අනුරගේ බෞද්ධ විරෝධයට ඒවා පෙනෙන්නේ නැහැ.
මෙහිදී සිදුවන්නේ එක්තරා අන්දමකට ශ්‍රී ලංකාව ජාති, වර්ග අනුව භූමිය වෙන්කර දීමක්.
උතුර සිංහල බෞද්ධයාට පා තැබීමට හෝ නුසුදුසුබව මේ හඟවන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා.
අවාසනාව යනු ඔහුට මෙරට බෞද්ධයන්ගේත් ඡන්ද මිලියන ගණනක් ලැබීමයි.
(ආසන්නයේ ඇහුණු පුවත් දෙකක්. ත්‍රීමලේ සිදුවීමට අදාලව ස්වාමීන් වහන්සේලා සිරගත වුණා.
සරත් වීරසේකරගේ පුතා, ආනන්ද වීරසේකරගේ ඥාතී පුතා ඊයේ පොලිස් රෝහලෙන් එලවා දැම්මා.
ඕවා ඔක්කොම එකම ලයින් එකේ වැඩ)