ලංකාව හදන්න බැරිද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    4,353
    2,675
    113
    පෘථිවිය
    70 දශකයේ ඉඳන් අදවෙනකල් රටේ විවිධ දේවල් සිද්ද වුනා නේ.
    71 කැරැල්ල, 77 දී විවුර්ත ආර්ථිකය, 78 සිවිල් යුද්දෙට මුල් අඩිතාලම වැටීම, 83 ජුලි කෝලාහල, 88-89 කැරැල්ල වගේ සිදුවීම් ගණනාවක් පසුකරනවා.

    යුද්ධෙන් වුන ජිවිත හානිය, ආර්ථික කඩාවැටීම ඉතා විශාලයි.

    ඉතින් ලංකාවේ පත්වුණු ආණ්ඩු අද වෙනකල් ලංකාවේ ඉස්සරහට කිසිම වැඩක් කලේ නැහැ නේද?

    තමන් ඊළඟ චන්දෙන් නැවත බලයට එන්නේ කොහොමද කියල අන්න ඒකට ප්ලැන් ගහන එක තමයි ඔක්කොම ආණ්ඩු කරේ.

    අද කිසිම ඇමතිවරයෙක් රටට වැඩක් කරනවා පෙන්න අඩුයි.

    ලංකාව නයවෙන්නේ මෙන්න මේ වැඩබැරි ආණ්ඩු සහ ඒවගේ ඉන්න ඇමති වරු නිසා.

    මම මේ රටේ ජනාධිපති කෙනෙක් විදිහට හිතුවොත් එහෙම නැත්නම් පත්වුනොත්.......

    අමාත්‍යංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යවරු 40ක් දැනට ඉන්නවා.

    මේ අමාත්‍යංශ වලින් බුද්ධ ශාසන, සංස්කෘතික, වතු යටිතල වගේ ඒවා ඇරුනම ඕනෑම අමාත්‍යංශයකින්ම ලාභ ලබන්න වැඩ කරන්න පුළුවන්.

    අපි බලමු එහෙම වැඩකරලා ලාභ ලබන්න පුළුවන් අමාත්‍යංශ..........


    01. ධිවර
    අපේ රටේ, රට වටේ තියෙන්නේ අනන්තයක් නැති මුහුද. තෝරු, මෝරු ඒවගේම තල්මසුන් සුලභව ඉන්නවා.
    මාළු ටින්කරන කර්මාන්ත ප්‍රධාන වරායවල්, සහ ධිවර නගර ආශ්‍රිතව ඇතිකරලා, දේශීය සහ විදේශීය වෙළඳපොල අල්ලගන්න එක අමාරු දෙයක් නෙමේ. ඒ වගේම ධිවර බෝට්ටු නිෂ්පාදනය කරන රජයේ ආයතන ඇතිකරලා දේශීයව සහ විදේශීය වෙළඳපොල සඳහා විකිණීම කරන්න පුළුවන්.
    ඒ වගේම ධිවර ගම්මාන ආශ්‍රිතව සංචාරක වියාපාර සහ විදේශිකයින්ට නැවුම් අත්දැකීමක් ලබාගැනීමට සැලැස්වීම මගින් මුදල් ඉපයීමේ ආයතන බිහි කිරීම. මේවා අමාරු දේවල් නෙමේ.


    02. සෞඛ්‍ය
    අපේ රටේ දක්ෂ දොස්තරලා ඉන්නවා, ලංකාවේ සංචාරක සෞඛ්‍ය කේන්ද්‍රස්ථානයක් කරන්න පුළුවන්. අවට රටවල රෝගීන් සඳහා වෙනම රෝහල් ඉදිකරලා විදේශකයින් ඒ සඳහා ගෙන්වාගැනීමට ක්‍රම හදන්න පුළුවන්.
    වෙනත් රටවල බෙහෙත් වර්ග සාදන ආයතන එක්ක එකතුවෙලා අපේ රටේ බෙහෙත් නිෂ්පාදනාගාර ඇතිකරලා රජයටද කොටස් සහිතව පවත්වාගෙන යාම. දේශීය වෙදකම හරහා විදේශකයින් සඳහා ආයුර්වේද රෝහල සංචාරක කේන්ද්‍ර ස්ථාන කරගෙන ඇතිකරගන්න පුළුවන්.
    රෝහල්වල දොස්තරවරුන්ට සහ සියලු කාර්යමණ්ඩල සඳහා වැටුප් ඒ මගින් සොයාගන්න පුළුවන්.

    03. කෘෂිකර්ම
    ලංකාවේ වැවෙන්න නැති දෙයක් නැහැ නේ.
    ආණ්ඩුවේ මධ්‍යස්ථාන හරහා විවිධ ප්‍රදේශවල හොඳින් වැවෙන භෝග හොයාගෙන ඒ පළාත්වල භෝග මධ්‍යස්ථාන ඇතිකරලා දේශීය සහ විදේශ වෙළඳපොළට එළවලු පලතුරු සහ බිජ සැපයීම කරන්න පුළුවන්.
    ඒ වගේම සංචාරකයින්ට කෘෂිකර්ම අමාත්‍යංශය හරහා හෝටල් සහ එම බෝග මධ්‍යස්ථාන ආශ්‍රිතව සේවා ඇතිකරලා ඒවායින්ද උපයන්න පුළුවන්.

    ආරක්ෂක, ප්‍රවාහන, පරිසර, වනජීවී වගේ මේ සියලු අමාත්‍යංශ වලින් තමන්ගේම දේවල් හදාගෙන සල්ලි හොයන්න බැරි නැහැ නේ.


    මේ වගේ ලංකාවේ ලාභ ලබමින් රටම ජයගන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන එක අමාරු දෙයක් නෙමේ.

    ලංකාවේ එකම අමාරු දේ, මිනිස්සු එකට හිතන එක.

    මට මුල් පුටුව ලබුනනනම්, මේ රටේ සියලු පක්ෂවල එකතුවෙන් රටට එක වැඩපිළිවෙලක් හදල ඒ වැඩපිළිවෙල විතරක් ඉදිරියට ගෙනියන්න කතාකරගන්නවා.
    අවුරුදු 5 ඉවරවෙනකොට බැරි වුනොත් ඊළඟ එන කෙනා ඉවරවුන තැනින් පටන් අරන් යන විදිහට.

    මේ වැඩපිළිවෙලින් බැංකුවලින් සල්ලි ඉල්ලන්නේ නැතුව තමන්ගේ අමාත්‍යංශ හරහා මුදල් හොයන්න ක්‍රම හදන්න වැඩකරන අයට පඩි ගෙවන්න, බෝනස් ගෙවන්නත් බැරිවෙන්නේ නැහැ.

    පාර්ලිමේන්තුවට ගෙනියන්න ඕන ආණ්ඩුවෙන් පඩි ඉල්ලන්නේ නැති, වාහන ඉල්ලන්නේ නැති අය, හීනයක් වෙයි හැබැයි අමාත්‍යංශ වලින් ලාභයක් අරන් පෙන්නන ඇමතිවරුන්ට ලාභ බෙදන්න සහ පඩි ගෙවන්න පුළුවන්.


    මට චන්දෙ දෙන්න....
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,523
    13,351
    113
    ලංකාව මේ තියෙන ආර්ථික අර්බුධය එක්ක ගොඩ එන්න තියෙන අවස්ථාව අඩුයි. ලෙඩ ඇඳේ ඉන්න ලෙඩෙක් බට දාලා අල්ලං ඉන්නවා වගේ මෙහෙම ඉදි දිගටම. අපේ ජිවිත කාලෙම.

    ඕක තමා සරලවම දෙන්න තියෙන උත්තරේ.

    ඔයා මේ ත්‍රෙඩ් එකේ ආරම්භයේ දාලා තියෙන දේවල් නං ප්‍රයෝගික දේවල් නෙමෙයි. මට හිනා ගියා දැක්ක ගමන්. වයස කීයද ඔයාට?

    කොහොම උනත් මේ කියන්නේ ලංකාව ලෝකේ දියුණු රටවල් එක්ක බලද්දී අනික් පැත්තටම වැටෙනවා කියන එක නෙමෙයි.

    ලෝකේ ඕනිම රටක ආර්ථික වශයෙන් ගන්න තියෙන දෙයක් ලංකාවෙත් ගන්න බැරි කමක් නැහැනේ.
     
    Last edited:
    • Like
    Reactions: Venux

    icepack

    Well-known member
  • Jun 5, 2008
    2,487
    1,214
    113
    02. සෞඛ්‍ය
    අපේ රටේ දක්ෂ දොස්තරලා ඉන්නවා, ලංකාවේ සංචාරක සෞඛ්‍ය කේන්ද්‍රස්ථානයක් කරන්න පුළුවන්. අවට රටවල රෝගීන් සඳහා වෙනම රෝහල් ඉදිකරලා විදේශකයින් ඒ සඳහා ගෙන්වාගැනීමට ක්‍රම හදන්න පුළුවන්.
    Your arguments are good, but this cannot be done in Sri Lanka . The opposition ( whoever in opposition at the time) will brainwash the public saying the gov is treating foreigners better than Sri Lankan citizens.
    I have seen the same argument when some organizations setup foreigner only toilets with a higher fee.
    Even now the public doesn't feel it is good to have LPL like events, Travel bubbles or running garment factories within travel restricted periods
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    4,353
    2,675
    113
    පෘථිවිය
    Your arguments are good, but this cannot be done in Sri Lanka . The opposition ( whoever in opposition at the time) will brainwash the public saying the gov is treating foreigners better than Sri Lankan citizens.
    I have seen the same argument when some organizations setup foreigner only toilets with a higher fee.
    Even now the public doesn't feel it is good to have LPL like events, Travel bubbles or running garment factories within travel restricted periods
    Certain things we cannot do in normal circumstances, those are against has to be taken out.

    It's not only foreigners, we can introduce things to locals as well who are willing to do certain things in a different way.
    Even if locals can pay higher rates for public toilets that's no harm. The issue in SL is those places cant access by locals even they are willing to pay.

    We have to go to a better world with the correct attitude of people, whoever comes against us has to stay back or need to forcefully pull out.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    1,590
    3,558
    113
    මේ කියන දේවල් ප්‍රායෝගික නෑ කියල තුන් හතර දෙනෙක්ම කියල තියෙනවා.ඒත් ඒ ඇයි කියල කියල නෑනෙ.ඒකත් කියන්නකෝ.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    3,460
    4,630
    113
    මේ කියන දේවල් ප්‍රායෝගික නෑ කියල තුන් හතර දෙනෙක්ම කියල තියෙනවා.ඒත් ඒ ඇයි කියල කියල නෑනෙ.ඒකත් කියන්නකෝ.
    ekkenk ta chande deela ekkenek amathi janadipathi karala ratak hadanna ba

    me ratey prashne deshapalakayo newey...

    onna okai hethuwa
     
    • Love
    Reactions: Sathira529

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    23,060
    16,802
    113
    KY
    ලංකාව දියුනුයි කරන්න නම් මුලින් කරන්න ඔන. රටෙ ණය ගත්ත ඒවා යොදවපු විදිහ බලල විගනනය කරන්න ඕන මුලින්. හිගන්නු වගේ දේශපාලනයට ඇවිල්ලා පෝසත් උන උන්ගෙ දෙපොල රජයට පවර ගන්න ඕන. මුක්තිය නැති කරලා හිරේ දාල දඩුවම් දෙන්න ඔන 1948 ඉදං විගනනය කරන්න ඕන නැතිව බෑ.

    ඊට පස්සෙ පුලුවන් ණය පියවන්න. ඊලගට තමා දියුනු කරන විදිහ හිතන්න ඔන. හරියට විගනනයක් කරොත් රටේ බාගෙකටත් වඩා ණය පියවන්න පුලුවන් වෙයි
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    2,487
    1,214
    113
    මේ කියන දේවල් ප්‍රායෝගික නෑ කියල තුන් හතර දෙනෙක්ම කියල තියෙනවා.ඒත් ඒ ඇයි කියල කියල නෑනෙ.ඒකත් කියන්නකෝ.
    Prayogika nemei, mewa karanna patan gatta gaman maha janathawa athare janapriyathawaya adu wenawa. E nisa kawrut owa karanne ne. Wishama chakrayak tamai itin. Kawru hari oka kadanna one
     
    • Love
    Reactions: Sathira529

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    13,484
    11,093
    113
    thread eka kiyawanna kammal, habai heading eka anuwa lankawa hadanna rajapakshala nathi wenna ona, nathuwa be
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,882
    13,573
    113
    Malabe
    තල්මසුන් බලනව මිසක් මරනව කියල නම් අහල නැ,
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    751
    815
    93
    doha
    IMG-20210612-WA0116.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    4,353
    2,675
    113
    පෘථිවිය
    සියලු දෙනාගේම කමෙන්ට් වලට තුති!

    එක උදාහරණයක් කියන්නම්, ලංකාවේ ආණ්ඩුවේ ඉස්කෝලෙට ගිහින් ඉගෙනගෙන, විශ්වවිද්‍යාලෙට ගිහින්, මහපොළ ශිෂත්වෙත් අරං, ආණ්ඩුවේ හොස්ටල් එකත් පාවිච්චිකරලා, උපාධියත් අරගෙන, පාරට බැහැල රස්සාවත් දියන් කියන සෙට් එකක් ඉන්න ලස්සන වාසනාවන්ත මිනිස්සු ඉන්න රටක් මේ.
    ඉතින් කවර කතාද?
    තමන්ගේ කතිරේ කැමති කෙනෙක්ට ගහල අවුරුදු 4ක් 5ක් ඒකට බැන බැන ඉන්න රටක් මේ.

    රටේ කරන වෙන හැම දෙයකම අනිත් පැත්ත දකින, එහෙම නැත්නම් රටින් පිට ඉඳන් වෙන රටවල දියුණුවට වැඩකරලා වෙන රටවල් ගොඩදාමින් තමන්ගේ ඉපදුනරටට බැන බැන ඉන්න සෙට් එකකුත් ඉන්නවා.
    ඒ වගේම රට ඉඳන් හම්බකරන කීයක් හරි ලංකාවට එවල ලංකාවේ දුප්පත් අසරණ පවුලක් ගොඩදාන ඉගෙනගන්න ළමයෙකුට අතදෙන අයත් ඉන්නවා.

    ලංකාවේ ඉස්සෙල්ලම හදන්න ඕන මින්ස්සුන්ගේ භූත මනස.

    මේ ගමන යන්න බැරි, හැම දේකම කුණු දකින අය කුමන මාර්ගයකින් හරි අයින් කරන් ගමනක් යන්න බැරි නැහැ.

    ත්‍රෙඩ් එකේ උත්තර දීපු සමහර අයත් මේ කොටසට අයිති වෙනවා. පුළුවන් වුනොත් තමන්ගේ දෙමාපියන් ඇයි තමන්ව හැදුවේ කියල අහන්න පුළුවන් මානසිකත්වයෙන් ඉන්න අයත් ඉන්නවා.
    තමන්ගේ දියුණුව තමන්ම සලසගන්නේ නැතුව අනුන් මොකක් හරි කරලා දෙනකල් බලන් ඉන්න අයත් ඉන්නවා.
    තමන්ගේ මට්ටම නොදැන, අනුන්ගේ මට්ටමට වියදම් කරලා පුක බිම ඇනගන්න බලන් ඉන්න අයත් ඉන්නවා.

    රටේ වැඩක් කරන්න පුළුවන් අය එකතු කරගෙන කෙලින් යන්න කිසිම අමාරුවක් දැනටත් නැහැ.

    හරි නායකත්වයක් සහ ඒ නායකත්වයට අවශ්‍ය වටාපිටාව ඒ කියන්නේ එකට ගැලපෙන මිනිස්සු එක්ක ඉදිරියට යන්න පුළුවන්.

    මාධ්‍ය හසුරුවන අය තමයි ලංකාව මුලින්ම කන්නේ.