70 දශකයේ ඉඳන් අදවෙනකල් රටේ විවිධ දේවල් සිද්ද වුනා නේ.
71 කැරැල්ල, 77 දී විවුර්ත ආර්ථිකය, 78 සිවිල් යුද්දෙට මුල් අඩිතාලම වැටීම, 83 ජුලි කෝලාහල, 88-89 කැරැල්ල වගේ සිදුවීම් ගණනාවක් පසුකරනවා.
යුද්ධෙන් වුන ජිවිත හානිය, ආර්ථික කඩාවැටීම ඉතා විශාලයි.
ඉතින් ලංකාවේ පත්වුණු ආණ්ඩු අද වෙනකල් ලංකාවේ ඉස්සරහට කිසිම වැඩක් කලේ නැහැ නේද?
තමන් ඊළඟ චන්දෙන් නැවත බලයට එන්නේ කොහොමද කියල අන්න ඒකට ප්ලැන් ගහන එක තමයි ඔක්කොම ආණ්ඩු කරේ.
අද කිසිම ඇමතිවරයෙක් රටට වැඩක් කරනවා පෙන්න අඩුයි.
ලංකාව නයවෙන්නේ මෙන්න මේ වැඩබැරි ආණ්ඩු සහ ඒවගේ ඉන්න ඇමති වරු නිසා.
මම මේ රටේ ජනාධිපති කෙනෙක් විදිහට හිතුවොත් එහෙම නැත්නම් පත්වුනොත්.......
අමාත්‍යංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යවරු 40ක් දැනට ඉන්නවා.
මේ අමාත්‍යංශ වලින් බුද්ධ ශාසන, සංස්කෘතික, වතු යටිතල වගේ ඒවා ඇරුනම ඕනෑම අමාත්‍යංශයකින්ම ලාභ ලබන්න වැඩ කරන්න පුළුවන්.
අපි බලමු එහෙම වැඩකරලා ලාභ ලබන්න පුළුවන් අමාත්‍යංශ..........
01. ධිවර
අපේ රටේ, රට වටේ තියෙන්නේ අනන්තයක් නැති මුහුද. තෝරු, මෝරු ඒවගේම තල්මසුන් සුලභව ඉන්නවා.
මාළු ටින්කරන කර්මාන්ත ප්‍රධාන වරායවල්, සහ ධිවර නගර ආශ්‍රිතව ඇතිකරලා, දේශීය සහ විදේශීය වෙළඳපොල අල්ලගන්න එක අමාරු දෙයක් නෙමේ. ඒ වගේම ධිවර බෝට්ටු නිෂ්පාදනය කරන රජයේ ආයතන ඇතිකරලා දේශීයව සහ විදේශීය වෙළඳපොල සඳහා විකිණීම කරන්න පුළුවන්.
ඒ වගේම ධිවර ගම්මාන ආශ්‍රිතව සංචාරක වියාපාර සහ විදේශිකයින්ට නැවුම් අත්දැකීමක් ලබාගැනීමට සැලැස්වීම මගින් මුදල් ඉපයීමේ ආයතන බිහි කිරීම. මේවා අමාරු දේවල් නෙමේ.
02. සෞඛ්‍ය
අපේ රටේ දක්ෂ දොස්තරලා ඉන්නවා, ලංකාවේ සංචාරක සෞඛ්‍ය කේන්ද්‍රස්ථානයක් කරන්න පුළුවන්. අවට රටවල රෝගීන් සඳහා වෙනම රෝහල් ඉදිකරලා විදේශකයින් ඒ සඳහා ගෙන්වාගැනීමට ක්‍රම හදන්න පුළුවන්.
වෙනත් රටවල බෙහෙත් වර්ග සාදන ආයතන එක්ක එකතුවෙලා අපේ රටේ බෙහෙත් නිෂ්පාදනාගාර ඇතිකරලා රජයටද කොටස් සහිතව පවත්වාගෙන යාම. දේශීය වෙදකම හරහා විදේශකයින් සඳහා ආයුර්වේද රෝහල සංචාරක කේන්ද්‍ර ස්ථාන කරගෙන ඇතිකරගන්න පුළුවන්.
රෝහල්වල දොස්තරවරුන්ට සහ සියලු කාර්යමණ්ඩල සඳහා වැටුප් ඒ මගින් සොයාගන්න පුළුවන්.
03. කෘෂිකර්ම
ලංකාවේ වැවෙන්න නැති දෙයක් නැහැ නේ.
ආණ්ඩුවේ මධ්‍යස්ථාන හරහා විවිධ ප්‍රදේශවල හොඳින් වැවෙන භෝග හොයාගෙන ඒ පළාත්වල භෝග මධ්‍යස්ථාන ඇතිකරලා දේශීය සහ විදේශ වෙළඳපොළට එළවලු පලතුරු සහ බිජ සැපයීම කරන්න පුළුවන්.
ඒ වගේම සංචාරකයින්ට කෘෂිකර්ම අමාත්‍යංශය හරහා හෝටල් සහ එම බෝග මධ්‍යස්ථාන ආශ්‍රිතව සේවා ඇතිකරලා ඒවායින්ද උපයන්න පුළුවන්.
ආරක්ෂක, ප්‍රවාහන, පරිසර, වනජීවී වගේ මේ සියලු අමාත්‍යංශ වලින් තමන්ගේම දේවල් හදාගෙන සල්ලි හොයන්න බැරි නැහැ නේ.
මේ වගේ ලංකාවේ ලාභ ලබමින් රටම ජයගන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන එක අමාරු දෙයක් නෙමේ.
ලංකාවේ එකම අමාරු දේ, මිනිස්සු එකට හිතන එක.
මට මුල් පුටුව ලබුනනනම්, මේ රටේ සියලු පක්ෂවල එකතුවෙන් රටට එක වැඩපිළිවෙලක් හදල ඒ වැඩපිළිවෙල විතරක් ඉදිරියට ගෙනියන්න කතාකරගන්නවා.
අවුරුදු 5 ඉවරවෙනකොට බැරි වුනොත් ඊළඟ එන කෙනා ඉවරවුන තැනින් පටන් අරන් යන විදිහට.
මේ වැඩපිළිවෙලින් බැංකුවලින් සල්ලි ඉල්ලන්නේ නැතුව තමන්ගේ අමාත්‍යංශ හරහා මුදල් හොයන්න ක්‍රම හදන්න වැඩකරන අයට පඩි ගෙවන්න, බෝනස් ගෙවන්නත් බැරිවෙන්නේ නැහැ.
පාර්ලිමේන්තුවට ගෙනියන්න ඕන ආණ්ඩුවෙන් පඩි ඉල්ලන්නේ නැති, වාහන ඉල්ලන්නේ නැති අය, හීනයක් වෙයි හැබැයි අමාත්‍යංශ වලින් ලාභයක් අරන් පෙන්නන ඇමතිවරුන්ට ලාභ බෙදන්න සහ පඩි ගෙවන්න පුළුවන්.
මට චන්දෙ දෙන්න....