ලංකාව ෆිෆා ෆයිනල්
වැරදිලාවත් ලංකාවෙ ටීම් එක ෆිෆා ෆයිනල් සිලෙක්ට් වුණා නම්.......
"අපේ රත්තරං කොල්ලංගෙ කකුල්වලට හයිය ලැබේවා" කියල රට පුරා බෝධිපූජා
"ප්‍රවුඩ් ටූ බී අ ගල්මැද්දේ සැන්ට්රල් - යකෝ අපේ ඉස්කෝලෙ එකෙක් තමා ටීම් එකේ කැප්ටන් ඩෝ! අනික් උං පාඩුවේ හිටපල්ල ඈ!"
"ශ්‍රී ලංකා කොල්ලො වසයි - පුට්බෝලය දෙකට පලයි
එකපාරක් අපි දුන්න පයිං - මේ පාරත් අපි දෙනව පයිං"
භාතිය සංතුෂ්කාරයො දාල දේසවාත්ශල්යාගාරයක් හදල සිංදු හැටහුටාමාරක් ගහල නහුතෙට ටෙලිකාස්ට් කරනව!
"ලෝක කුසලාන පුට්බෝල් නායක සිරිපාල උක්කුවා බොන්නෙත් නෙස්ටමෝල්ට්!
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නිල සහකරු සිද්ධාලේප!
ඉරිදා රෑ අටහමාරට හැම නිවසකම පහනක් පත්තු කරල පයිං පාරක් ගහල අපේ පාපන්දු කණ්ඩායමට ආශිර්වාද කරන්න පෙළගැසෙමු! හිරු එක්ක මුලු රටම පුට්බෝල්!
ශ්‍රී ලංකා පුට්බෝල් නායකයා පැවිලියන් එකේ තනියම කළ දේ - වීඩියෝ සහිතයි
හිරු ගොසිප්
බලද්දි ඌ තනියම ප්‍රැක්ටිස් කරලා!
ටීම් එකත් එක්ක තව 3567 දෙනෙක් රුසියාවට ගිහිං! හතර දෙනෙක් රුසියන් තරුණියකගෙ අඟපසඟ අතගාලා හිරේ!
අපේ කාලෙ අපි පයිං ගැව්වෙ නෑ හාංදුරුවනේ! අපි ගැව්වෙ මොලෙං! මොලෙං!
අපේ පුට්බෝල් කණ්ඩායමට සුභපතා මේ පොටෝ එක සියපාරක් සෙයා කරන්න!
ශනි නීච වෙලා ගුරු උච්ච වෙලා සඳු වක්‍ර වෙලා කෙහෙතා අතුරුදන් වෙලා ඉන්දැද්දි ගහන මැච්වලින් රටට අපලයි. මැච් එක දින්නොත් ආණ්ඩුව පෙරලෙනව!
පුට්බෝල් ටීම් එකේ නායකයගෙ කකුලෙ විතරක් පිරිත් නුලක් නැත්තෙ ඇයි? ඌ හම්බයෙක්ද? ක්‍රිස්තියානි කාරයෙක් ද? නැත්තම් නිරාගාමිකයෙක් ද?
අඩෝ ඔය ටීම් එකේ වැඩිහරියක් උන් බෙරවායො ලු! ඉතුරු උන් ටික පාතරට කරාවො ලු. ඕකුං ඉද්දි කෝමද යකෝ උඩරට බොදු ගොවි අපි චියර් කරන්නෙ!
පුට්බෝල් මැච් එක දිනයිද? නැද්ද? ප්‍රවීණ ජ්‍යොතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩයියා ගෙන එන පලාපල ඔබේ ඩයලොග් දුරකථනයට ලබාගන්න! FIFA_SL ලෙස ටයිප් කර 1919ට SMS කරන්න.
ගෝල්කිපර් බෝලත්තට සජිත්ගෙන් නිවසක්! හම්බන්තොට ෆිෆා උදාගම්මානය විවෘත කරමින් සජිත් කියයි
"මහිංදගෙ කාලෙ ගසාකාලා පුට්බෝල් ක්‍රීඩාව නැති කළා! අපි ඒක ආපහු සංවර්ධනේ කරා හිටං! ආජන්ටිනාවෙ පේලෙ මට සපත්තුව ගලෝලා පයිං ගැහුව හිටං"
නිමේෂ තිවංකර
#NTS
Nimesha Thiwankara