ලංකා ගූ නිව්ස්!! හා පොන්සේකා

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
ලංකා ගූ නිව්ස්!! හා පොන්සේකා

දැන් මේ සමහරු කියන කතාවක් තමයි ෆොන්සේකා යුද්දේ කලා කෙලෙහිගුණ නොදත් කම නිසා ඡන්දේ ඉල්ලුවා.. රටේ මිනිස්සු කැමති නැති නිසා අනාගත්තා එයාට පුලුවන් යුද්දේ විතරයි කියලා..

නමුත් ඡන්දේ ඉල්ලන එක කෙලෙහිගුණ නොදත් කමක් කීමෙන් කියවෙන්නේ ආණ්ඩු පාලනය කියන්නේ හම්බ කරන් කන තැනක් කියන එකනේ.. මොකද නැත්තං ඡන්දේ ඉල්ලුවා කියලා ප්‍රස්නයක් වෙන්න බෑ නේ...:shocked:
අනෙක තමා මේ ෆොන්සේකාට මිනිස්සු කැමති නෑ කියන උන් හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ 50%60% තරම් මහින්දට ඡන්දේ දුන්නු අය විතරයි කියලා නේ..

තකොට මහින්ද ෆොන්සේකාට අනුකම්පා කරලා නිදහස දුන්නලු.. හරිම හොඳ ජනාධිපති තුමා අර කොටි හිරේ දාපු යුධහමුදාපති අවුරුදු දෙකහමාරක් දඟලලා ප්‍රශ්නේ ජ්‍යාත්‍යන්තරයට ගෙනිහින් නේ නිදහස් කලේ.. බලන්න කෝ විරුද්ධව වැඩ කලත් ජනාධිපති ෆොන්සේකා වෙනුවෙන් කොච්චර උදව් කලාද කියලා

දැන් මේ කියන්නේ අපි බලන ගූ නිව්ස් ගැන චීස් කන සිලුමිණ බලන මහත්තුරුන්ට යමක්!!


වෙබ් අඩවි 5 ක් වාරණය කිරීම ගැන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පැවැරූ මූලික අයිතිවාසිකම් නඩුව මරාධිකරණයේ වනචාරී විනිසුරු විනිසුරුවරියන් විසින් පසුගියදා හේතු නොදක්වාම විසි කර දැමිණ. එA ගැන කැබිනට් ප්‍රකාශක වැඩ බලන මාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපාගෙන් මාධ්‍යවේදීන් පසුගිය කැබිනට් තීරණ දැනුම්දෙන මාධ්‍ය හමුවේ ප්‍රශ්න කිරීමේදී ඔහු අසත්‍ය ප්‍රකාශ සමග ජනතාව මුළා කරන ප්‍රකාශ රැසක් කියා තිබිණි. ඔහු එහිදී කීවේ කිසිදු වෙබ් අඩවියක් ලංකාවේ තහනම් කර නැති බවත් සිදුව ඇත්තේ ලියාපදිංචි නොකළ වෙබ් අඩවි වලට බාධා ඇතිවී ඇති බවත්ය. බාධා සිදුනොවීමට නම් වෙබ් අඩවි ලියාපදිංචි කරගත යුතු යැයිද හේ zඅවවාදZ කර තිබිණි. අනෙක් අතට ඔහු කියා තිබුනේ වෙබ් අඩවි වලින් පැවසෙන කරුණු වලට උත්තර බැඳීිමට කිසිවෙකු එම වෙබ් අඩවි වල සිටිය යුතු බවත් හැංගී වෙබ් අඩවි පවත්වාගෙන යෑමෙන් එම අයිතිය අහිමි වන නිසා ලියාපදිංචි කිරීම ඉතා සුන්දර සාධාරණ දෙයක් බවයි. වල් බූරු නිදහසක් දීමට නොහැකි බවද ඔහු අවධාරණය කර තිබිණ.

ලක්ෂ්මන් යාපා ඇමැතිවරයෙකු ලෙස වරප්‍රසාද සහිත වල් බූරු නිදහසක් බුක්ති විඳින බැවින් ලංකාවේ ප්‍රථම අන්තර්ජාල සිංහල ඔන්ලයින් ප්‍රවෘත්ති සේවය වූ ලංකා ඊ නිව්ස් වෙතින් මේ පිිලිබඳ සත්‍ය හෙළි කළ යුතු යැයි සිතමු.

ලංකා ඊ නිව්ස් 2005 පෙබරවාරි 04 දා ආරම්භ කරද්දී සිංහලෙන් තිබුනේ සිංහල පුවත් පත් කිහිපයක වෙබ් අඩවි පමණි. ලංකාදීප, ලක්බිම, දිවයින, දිනමිණ ඒවා විය. ඒවායේ ලක්ෂණය වූයේ එදින පුවත් පතේ යන තෝරාගත් ප්‍රවෘත්ති කිහිපයක් පමණක් අන්තර් ජාලයේ පළ කිරීමයි. යළි ඒවා අලූත් වූයේ හෙට දවසේ පුවත් පත අනුව පසුදිනයේ ය.

එය zඔන් ලයින්Z ප්‍රවෘත්ති සැපයීමක් නොවීය. පුවත් පතේම කප්පාදුකරන ලද සංස්කරණයක්ම විය. අනෙක් අතට ඔවුන් සියළු දෙනාම භාවිතා කෙළේ කපුටා අක්ෂරය නම් සියයට සියයක් නිවැරදි අක්ෂරයක් නොවීය.

මෙම අඩුපාඩුව සකසා අප විසින් zසඳරු නෝමල්Z නම් මේ ඔබ කියවන නිවැරදි අක්ෂරය අන්තර්ජාලයට එක්කරමින් ලංකා ඊ නිව්ස් ආරම්භ කෙළේ ඔන් ලයින් ප්‍රවෘත්ති සේවයක් ලෙස ප්‍රථම වරට ය. එය එසැන සිදුවීම් එසැනින් වාර්තා කළ අතර මාස කිහිපයකට පසු ප්‍රවෘත්ති සංරක්ෂණාගාරයක් ද ආරම්භ කෙළේය. අද වන විට වසර 7 ක් පැරණි අන්තර්ජාල සිංහල ප්‍රවෘත්ති සංරක්ෂණාගාරයක් ඇත්තේ අප සතුවය. අපගේ අක්ෂරය නොමිලේ බාගත කිරීමේ පහසුකම දුන් බැවින් තවත් සිංහල අන්තර්ජාල වෙබ් අඩවි බිහිවීමට එය රුකුලක් විය. රජයේ සිංහල වෙබ් අඩවි පවා භාවිතා කෙලේ අප විසින් නොමිලේ බාගත කිරීමට අවස්ථාව සලසා දුන් අපගේ අක්ෂරයයි.

ආරම්භය සඳහා පමණක් රුපියල් මිලියන 500 ක් වියදම් කරමින් යුනිකෝඩ් සිංහලය බිහිවන්නේ මීටත් වසර තුනකට පමණ පසුවය. නමුත් අද දක්වා යුනිකෝඩ් සිංහලයේ ඇති ආබාධ මෙතරම් මුදල් කන්දක් වියදම් කර හෝ සකසා ගෙන නැත. කෙසේ වතුදු අද දක්වා ජනාධිපතිගේ නිල වෙබ් අඩවිය භාවිතා කෙරෙන්නේ ලංකා ඊ නිව්ස් හඳුන්වා දුන් සඳරු නෝමල් අක්ෂරයයි. එහෙත් එම අක්ෂරය ගොඩ නැගීමට අප උපයෝගී කරගත් සම්පත් පවා සියල්ල පුළුස්සා විනාශ කිරීමට තරම් ඔවුන් zකළ ගුණ දත්Z පිරිසක් විය.


අප ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ආරම්භ කළ පසු පෙර කී ආකාරයේ ඔන් ලයින් ප්‍රවෘත්ති සපයන සේවාවක් ලෙස ලියාපදිංචි කර ගැනීමට උත්සුක විය. ඊට තිබුණු එකම ක්‍රමවේදය නම් මාධ්‍ය ආයතනයේ සේවය කරන මාධ්‍යවේදීන් සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන්නා වූ හඳුනාගැනීමේ පත්‍ර ලබා ගැනීමයි. අප විසින් කරන ලද ඉල්ලීමේදී පළමු පිළිතුර වූයේ වෙබ් අඩවි සඳහා එවැනි හැඳුනුම්පත් නිකුත් කිරීමක් ඊට පෙර නොතිබි බවයි. එය එසේම විය යුතුය. මන්ද යත් අප ප්‍රථමයන් වූ බැවිනි. පසුව අපගේ මාධ්‍ය භාවිතාව සලකා බලා 2006 දී පළමු වරට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුණුම්පත් 5 ක් ලංකා ඊ නිව්ස් වෙත නිකුත් කෙළේය.

පුවත් පත් ලෙස හෝ විද්‍යුත් මාධ්‍ය ලෙස හෝ වෙබ් අඩවි ලෙස හෝ වගකිවයුතු මාධ්‍ය ආයතන වල මාධ්‍යවේදීන් ලියාපදිංචි වීමේ එවැනි සදාචාරාත්මක ක්‍රම වේදයක් තිබිණ. ලංකා ඊ නිව්ස් පුළුස්සා දමා තහනම් කරන දින දක්වා අප එම ක්‍රම වේදය උල්ලංඝනය කර තිබුනේ නැත.


මේ ඉතිහාසය ලියුවේ වල් බූරු ඇමැති නිදහස බුක්ති විඳින ඇමැති ලක්ෂ්මන් යාපාට වල් බූරු මාධ්‍ය නිදහස කුමක්දැයි වටහා දෙන්නට ය.

 

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
ලංකා ඊ නිව්ස් 2011 ඔක්තෝම්බර් 07 දා ලංකාව තුල නීත්‍යාණුකූල නොවන අයුරින් වාරණය කෙළේය. ඒ භාරත ලක්ෂ්මන් ඝාතනය ගැන සත්‍ය අනෙක් මාධ්‍ය විසින් වසන්ගද්දී අප එම සත්‍ය පාඨකයා වෙත ගෙන ගිය බැවිනි. පසුව ඊට කණගාටුව ප්‍රකාශ කරමින් ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු ආණ්ඩුව උසාවියෙන් වාරණ නියෝගයක් ඒක පාර්ශවීයව ලබා ගනිමින් නොවැම්බර් 03 දා තහනමට නීත්‍යාණුකූල වේශයක් ලබා ගත්තේය. ඉන් නොනැවතී වෙබ් අඩවි ලියාපදිංචි කළ යුතු යැයි නව නීතිය ගෙනාවේය. දැන් පවසන්නේ ලියාපදිංචි නොකළ බැවින් වාරණය වී ඇති කතාවකි.

කිසිදු වෙබ් අඩවියක් තහනම් කර නැතැයි ලක්ෂ්මන් යාපා ඇමැතිවරයා පවසන්නේ අතේ පැලවෙන බොරුවකි. අසත්‍ය ප්‍රකාශ කරමින් සුදු රෙදි හැඳ සිටීමම වල්බූරු ඇමැති නිදහස බුක්ති විඳීමකි. තමාට විරුද්ධව යමක් පළවී ඇතිනම් දැනුම් දීමට තැනක් තිබිය යුතු යැයි යාපා කියයි. වෙබ් අඩවි වලට දැනුම් දීමේ ක්‍රමයක් තිබේ. විද්‍යුත් ලිපිනය යනු එයයි. ඊට අමතරව අප ඕනෑම මොහොතක මුහුණට මුහුණ හමුවිය හැකි ස්කයිප් ලිපිනයක්ද දී තිබේ. ඇමැති යාපලාගේ මිනීමරු රෙජීමයට ඒ මදිය. තැපැල් ලිපිනයක් අවශ්‍යය. ඒ කුමකටද බව අද අපි දනිමු. තැපැල් ලිපිනයක තිබූ අපගේ කාර්යාලයට ගිනි තිබ්බා සේ ගිනි තියන්නට ය. තැපැල් ලිපිනයක සිටි ප්‍රගීත් එක්නැලිගොඩ සේ සුදුවෑන් යොදවා උස්සා අතුරුදහන් කරන්නට ය. තැපැල් ලිපින වල එදා සිටි ඊ නිව්ස් මාධ්‍යවේදීන් බොරු චෝදනා එල්ල කොට හිරේ දැම්මා සේ හිරේ දමන්නට ය.


ලක්ෂ්මන් යාපලාට හැදී ඇත්තේ බඩගින්නේ සිටි නාකි සිංහයාට හැදුනු හෙම්බිරිස්සාව වැනි zතැපැල් ලිපිනZ ලෙඩක් හෙවත් zඇඩ්‍රස් හෙම්බිරිස්සාවක්Z බව සෑම දෙනාම තේරුම් ගත යුතුය


පච ඇමතිටත් එදා පෙත්සම් නිෂ්ප්‍රභා කරමින් මාධ්‍ය නිදහස බිල්ලට දුන් වනචාරී විනිසුරු විනිසුරුවරියන්ටත් යමක් මතක් කරදිය යුතුය.


1978 න් පසු ලංකාවේ පැතිරී ගිය කැසට් ව්‍යාපාරය සමග කැසට් ගීත ලියාපදිංචි කිරීමේ සහ තත්ත්ව සහතික නිකුත් කිරීමේ නීති අවශ්‍ය යැයිද එවැනි ලියාපදිංචියක් නොකරන කැසට් වාරණය කළ යුතු යැයිද මහා ඝෝෂාවක් එකළ ඇතිවිය. කැසට් මාධ්‍යය ගීත වලටත් තවත් දේටත් භාවිත කළ හැකි නව මෙවලමක් විය. ඝෝෂකයන්ට එවැනි මොළයක් නොතිබිණ. ඔවුන්ට පෙනුනේ කැසට් ගීත පමණි.


හොඳ වෙලාවට එකළ සිටි මොළේ තිබූ බලධාරීහු එවැනි පියවරකට නොගියහ. අද වන විට කැසට් මෙවලම අහෝසි වී ගොසිනි. නමුත් සප්ත ස්වරයත් ගීතත් අදද එලෙසම පවතී. එදා නීති පැනවූවා නම්, වාරණයන් ගෙන ආවානම් අද සමාජයට පෙනෙන්නේ ඔවුන් වනචාරීන් ලෙස නොවේද?


වෙබ් අඩවි සම්බන්ධයෙන් අද ලියාපදිංචි නීති ගෙනෙන්නෝත් වාරණයන් සාධාරණය කරන්නෝත් වනචාරීන් යැයි අප කියන්නේ එහෙයිනි.


අන්තර්ජාලය සහ එහි අඩංගු වෙබ් අඩවි යනු අසම්මත මෙවලමකි. ඉන් ගත හැකි ප්‍රයෝජන බොහෝ ය. ප්‍රවෘත්ති ගෙන ඒම ඉන් එකක් පමණි. සත්‍ය ප්‍රවෘත්තියක් යනු ඇෙඟ් ගෑවුනු දළඹුවෙකු සේ දකින වල් බූරුවන්ට තප්පුලෑ හැක්කේ ඉතා කෙටි කළක් පමණි.
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ai macho uba goo news eka ochchara kade yanne lajja nethiva

    uba kiyana goo news eka patan kota loku sevayak karapu hinda den mona jara vede kalath kamak nehe vage adahasak


    siluminath 1930 patan gathhte
    eken adarsha aran hugak paththara bihi vuna e kale ekenuth loku sevayak samajayata vuna
    hebeyi e hinda den silumina anduvata redi nethiva kade yana ekata hodayi kiyanna behene
    e vage thamai
    ubalath
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටි වෙනුවෙන් කඩේ යන්ඩත් මීහරක් ඉන්නව වගේ
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    ai macho uba goo news eka ochchara kade yanne lajja nethiva

    uba kiyana goo news eka patan kota loku sevayak karapu hinda den mona jara vede kalath kamak nehe vage adahasak


    siluminath 1930 patan gathhte
    eken adarsha aran hugak paththara bihi vuna e kale ekenuth loku sevayak samajayata vuna
    hebeyi e hinda den silumina anduvata redi nethiva kade yana ekata hodayi kiyanna behene
    e vage thamai
    ubalath


    මචං උඹ පොඩ්ඩක් හොයලා බලපං ඊ නිව්ස් එක ඔතනට තල්ලු කලේ කවුද කියලා.. පුලුවන්නම් උන්ගේ Ban කරන්න කලින් දවස්වල නිවුස් බලපං... මුල අමතක කරන්න එපා... මං මුල ඉදලා ඕක බලපු කෙනෙක්... ඒ දවස් වල ලංකාවේ නිල මාධ්‍යෙවේදීන් හිටපු එකම Online නිවුස් එක කියන එක දන්නවාද?? මුන්ට ගහලා මරන්න හදපුවාම අරමුණු වෙනස් වෙලා තියෙන බව මටත් පේනවා.. නමුත් ඒ තත්වයට පත්කලේ කවුද??? මං කියන්නේ නෑ දැං මේකේ යන ඔක්කෝම හරියි කියලා...

    නමුත් හිතපල්ලා ... ලංකාවේ පලමු වතාවට ප්‍රින්ටඩ් කලාපයක් නැතුව Online එකක් කරගෙන. ඇත්ත මාධ්‍යෙව්දීන් තියාගෙන පිලිවලට පටන්ගත්තු මාධ්‍ය ආයතනයක් විනාස කරපු උන්ට මුකුත් තියන්න උඹලාගේ කටවල් පණ නැති එක ගැන කණගාටුයි... ඒ කේ ප්‍රස්නයක් තිබුනනම් ඒක හදන්න කුඩු කරන්න ඕන නෑ.. අනෙක ඒකේ වැඩ කරපු උන්??? උඹත් එකේ වැඩකරපු මාධ්‍යෙවදියෙක් වෙලා හිටියනම් සමහරවිට මොනා හිතේද??

    දැන් ඒක පන්නගෙන කියන්නේ පිටරට ඉදන් නිර්නාමික මඩ ගහනවා කියලා නේ!! අරප්‍රගිත් එක්නාලිගොඩ හැංගිලා කියලා මාධ්‍ය ඇමති කියනකොට තව එකේක කියනවා ඌ විදේස් රෑකවරණ ගන්නවා කියලා... එකකොට තවත් එකෙක් කියනවා මං තමා පොද්දල පැන්නුවේ කියලා

    උඹලා හැමදේටම කොටි කොටි කිය කියා බලන් ඉන්නවා.. ඹන්න ඹතනයි පුස්නේ

    ගහන්න ගහන්න වෛරයක් ඇතිවීම ස්වාභාවිකයි නේද?? (මං කියන්නේ නෑ මුං දාන හැම දේම හරි කියලා... නමුත් මුං දාන සමහරක් කරුණු කවුරුත් දාන්නේ නැ)
    .


    ලංකාවෙ මාධ්‍ය වල දැන් තත්වය ගැන කියන්න පොඩි උදාහරනයක් දෙනන්නම් දේශපාලනය නතුවම!!!

    උඹලා කවුද දන්නේ ටෙලිකොම් එකේ මාස ගානක් තිස්සේ වෘත්තීය අරගල අකුරට වැඩ තියෙනාවා කියලා (සමහර විට ලාවට දන්නවා ඇති!!) ඇයි එකක්වක් මේ පොන්න මීඩියා වල දෙන්නේ නැත්තේ!! එතකොට ඇයි ඔය සිරස එහෙම සුදරමන්ලා වගේ අය අත්අඩංගුවට ගන්න විමර්ශනය කරන්නේ නැත්තේ???
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    පුවත් පත් ලෙස හෝ විද්‍යුත් මාධ්‍ය ලෙස හෝ වෙබ් අඩවි ලෙස හෝ වගකිවයුතු මාධ්‍ය ආයතන වල මාධ්‍යවේදීන් ලියාපදිංචි වීමේ එවැනි සදාචාරාත්මක ක්‍රම වේදයක් තිබිණ. ලංකා ඊ නිව්ස් පුළුස්සා දමා තහනම් කරන දින දක්වා අප එම ක්‍රම වේදය උල්ලංඝනය කර තිබුනේ නැත.


    මේ ඉතිහාසය ලියුවේ වල් බූරු ඇමැති නිදහස බුක්ති විඳින ඇමැති ලක්ෂ්මන් යාපාට වල් බූරු මාධ්‍ය නිදහස කුමක්දැයි වටහා දෙන්නට ය.

    :yes: