ලංකා පුවත්පත් තහනම පරාජය වෙයි

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ලංකා පුවත්පත් තහනම පරාජය වෙයි



සිරස නම් මේක ප්‍රචාරය කළා.
හැබැයි, පචවාහිනී තාම දන්නෙ නෑ.


ලංකා තහනම ඉවතට ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 01 වෙනි සදුදා, 13:27
lankalogo.jpg

අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත ලංකා පුවත්පත මත තාවකාලිකව පනවා තිබූ සියලු තහනම් ඉවත්කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අද නියම කළේය. මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ ලංකා පුවත්පත තහනම් කිරීමට අදාල නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදීය.

අධිකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ නිලධාරීන් පැවසුවේ දැනට අත්අඩංගුවේ පසුවන පුවත්පතේ ප්‍රධාන කතෘ චන්දන සිරිමල්වත්ත මහතා සම්බන්ධයෙන් සිදුකරණ ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා පුවත්පත තවදුරටත් මුද්‍රා තැබිය යුතුව ඇති බවයි.

එහිදී විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පෙන්වා දුන්නේ මෙමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අදහස් පළ කිරීමේ නිදහස සහ නීතිය ඉදිරියේ සියල්ලු දෙනා සමාන අයිතිවාසිකම් භුක්ති විදීමේ නිදහස උල්ලංඝනය වී ඇති බවයි.

එමෙන්ම පුවත්පත තහනම් කිරීමට අදාලව පුවත්පතේ පළවූ ලිපිය පසුගිය ජනවාරි 17 දින පළකරන ලද්දක් බවත් එම ලිපිය හේතුවෙන් රටේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් මේවනතෙක් සිදුව නොමැති බවත් ඉන් සමාජයේ කිසිදු කැළඹීමක් සිදුව ‍නොමැති බවත් පෙන්වාදුන්නේය. මීට අමතරව පුවත්පතට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය ඉදිරියේ පිළිගත හැකි කිසිදු ලියවිල්ලක් දිවුරුම් ප්‍රකාශයක් මගින් මේවන තෙක් ඉදිරිපත්කර නොමැති බවත් ඔවුන් පෙන්වා දුන්හ.

දෙපාර්ශ්වයේ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා ලංකා පුවත්ප තහනම් කිරීමට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු ප්‍රමාණවත් නොවන බවත් එම නිසා ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය සුරක්ෂිත කිරීම සදහා මෙවැනි නියෝගයක් පළ කිරීම සුදුසු නොවන බව පවසා පුවත්පත මුද්‍රා තැබීමට දී තිබූ නියෝගය ඉවත්කරගන්නා ලදී.


 

Similar threads