මෙරට ප්රමුඛ පෙළේ රාජ්‍ය වාණිජ බැංකුවක් වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් කළ කීර්තිමත් වෘත්තිකයකු වන කාවන් රත්නායක මහතා එම ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ඊයේ (14) ආරම්භ කළේය.
මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් එම පත්කිරීම අනුමත කර ඇත. 2023 වසරේ ජනවාරි මස සිට ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතාගෙන් පසුව
ලංකා බැංකුවේ සභාපති තනතුරට පත් වීමට පෙර ජාතික සංවර්ධන බැංකුව (NDB), ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යන ආයතනවල සභාපති තනතුරු දරා ඇති රත්නායක මහතා, ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්යක්ෂවරයා ලෙසත් කාගිල්ස් සිලෝන් පීඑල්සී සහ
hitapu eka dannawa
un gewana life wenama dimension ekaka kiwwata wadak na
kisi ekekta help kaleth na
මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් එම පත්කිරීම අනුමත කර ඇත. 2023 වසරේ ජනවාරි මස සිට ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතාගෙන් පසුව
මෙම නව පත්කිරීම සිදුකර තිබේ. මෙරට රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශය තුළ ද කීර්තිමත් වෘත්තිකයකු වන රත්නායක මහතා, බැංකු හා මූල්‍ය, විදුලි සංදේශ, තාක්ෂණ, සංචාරක සහ මාධ්‍ය යන ක්ෂේත්‍ර පිළිබඳ මනා පලපුරුද්දක් ලබා තිබේ. රත්නායක මහතා වර්තමානය වන විට KBSL (Pvt) Ltd සහ Agility Innovations (Pvt) Limited යන ආයතනවල අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරන අතර, ඒ මහතා ජයම් විජේරත්නම් භාරයේ සහ ඩයලොග් පදනමේ භාරකරු ලෙස ද කටයුතු කරයි.ලංකා බැංකුවේ සභාපති තනතුරට පත් වීමට පෙර ජාතික සංවර්ධන බැංකුව (NDB), ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යන ආයතනවල සභාපති තනතුරු දරා ඇති රත්නායක මහතා, ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්යක්ෂවරයා ලෙසත් කාගිල්ස් සිලෝන් පීඑල්සී සහ
ඩයලොග් ආසියාටා යන සමාගම්වල සමූහ ප්‍රධාන ආයතනික නිලධාරිවරයා ලෙසත් ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස්හි ප්‍රධාන විධායක නිලධාරී සහ IBM ශ්‍රී ලංකාහි මෙරට සාමාන්‍යාධිකාරී (Country General Manager) ලෙසත් සේවය කර ඇත.ඒ මහතා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ (භෞතික විද්‍යාව) විද්‍යාවේදී උපාධිය ලබා තිබෙන අතර IBM SRI LANKA හි මෙරට සාමාන්‍යාධිකාරීවරයා ලෙස ද Dialog Broadband හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද Dialog Axiata PLC හි ප්‍රධාන ආයතනික නිලධාරියා ලෙස ද කටයුතු කර තිබේ. ලංකා වාණිජ මණ්ඩලයේ කමිටු සාමාජිකයකු ලෙස ද ලංකා සේවා යෝජකයන්ගේ සම්මේලනයේ කවුන්සිල සාමාජිකයකු ලෙස ද කටයුතු කර ඇති රත්නායක මහතා අමෙරිකානු වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.hitapu eka dannawa
un gewana life wenama dimension ekaka kiwwata wadak na
kisi ekekta help kaleth na