ලංකා 1 ගේ හා යහමගේ බොරු මාට්ටු වෙයි.

Wal Bada

Well-known member
  • ලංකා 1 ගේ හා යහමගේ බොරු මාට්ටු වෙයි.

    පෙරමුණේ රාලගේ අලුත්ම ලිපිය

    පුනරුත්පත්තිය සහ ලංකා 1 කිච වීම

    ලංකා 1 ගැන අපි දිගින් දිගටම කතා කරන්න ඕන. මොකද ලජ්ජවක් නැතුවම කරන අනා ගැනිල්ල නිසා. බොහෝ මුස්ලිම් අය වගෙම කොපි – පේස්ට් භූතයෙක් වෙන ලංකා 1 තමන්ගෙ බ්ලොග් එකේ දාන ලිපි ගන්නේ යහ මග කියන දාවාහ් අඩවියෙන්. කොහොම උනත් දෙන්නාම නා ගන්නා හැටි අපි විමසලා බලමු

    පළමු වෙනි එක තමයි බුද්ධාගමේ පුනරුත්පත්තියක් තියෙනවද කියන එක! කාලයක් බෞද්ධයෙක් වෙලා හිටපු මම දන්නවා එහෙම එකක් නෑ කියල. පුනරුත්පත්තිය තියෙන්නේ හින්දු ආගමේ. බුද්ධ ධර්මයේ කියන්නේ පුනර්භවයක් ගැන

    පුනරුත්පත්තියේ හා පුනර්භවයේ වෙනස මොකද්ද? පුනරුත්පත්තිය කියන්නේ සත්වයා ඒ විදියටම නැවත නැවතත් ඉපදීම. එනම් සදාකාලික ආත්මයක් ගැන. මේ සදාකාලික ආත්මය බ්‍රහ්ම සමග එක් වීමෙන් විමුක්තිය ලැබෙන්න බව තමයි හින්දු වරු අදහන්නේ. නමුත් බෞද්ධ මතය මීට වෙනස්. බුදුන් වහන්සේ දේශනා කරන්නේ පුනර්භවය “අනාත්ම” බව. එනම් ආත්මය අමරණීය නොවන බව හා එය නිර්වාණයෙන් කෙළවර කළ හැකි බව. මේ අනුව පුනර්භවයේදි ආත්මය ගමන් කරන්නේ නැ. ගමන් කරන්නේ කර්ම ශක්තීන් පමණයි.

    ලංකා 1 සහ යහමග බොරු කීමට හරිම දස්සයි. මෙන්න මේ පාඨයෙන් ඒ බව පේනවා.

    ආත්මවාදය යනු පුද්ගලයෙකු මියයන විට අමරණීය යමක් එම පුද්ගලයාගෙන් ඉවත් වී යන බවත්, ඒ ඉවත් වන දෑ වෙනත් ස්ථානයක දී ප්‍රතිසන්ධියක් ලබා නැවත පුද්ගලයකු බවට පත්ව ඉපදෙනවා

    නමුත් මේ ඔහු ඉදිරිපත් කරන්නේ හින්දු මතවාදය. එය බෞද්ධ එකක් බව පෙන්වීමට ලජ්ජා රහිත උත්සාහයක ලංකා 1 සහ යහමග යෙදෙනවා.ඉන් පසුව අපේ මිත්‍රයන් කියනවා මනුෂ්‍ය ජීවිතයේ සියල්ල තීරණය වන්නේ කර්මය මත බව බුද්ධාගමෙන් උගන්වනවා කියලා. මේක් ඔවුන්ගේ තවත් බොරුවක්. බුද්ධාගමට අනුව කර්මය කියන්නේ මිනිසාට සිද්ධ වන දේට හේතු වන තවත් එක් සාධකයක් පමණක් බවයි. නියාම ධර්ම පහක් අතරින් කම්ම නියාමය එක් කොටසක් පමණයි. ප්‍රවේණිය අනුව (බීජ නියාම), ඍතු අනුව (උතු නියාම), සිතිවිලි අනුව (චිත්ත නියාම) හා සමාජ ධර්මයන් (ධම්ම නියාම) අනුව මිනිසාට විඳින්නට වන දේවල් තීරණය වන බවයි. මෙයින් පෙනෙන්නේ “අල්ලා ගේ කැමැත්තට සියල්ල සිදුවේ” යන බොලඳ ඉස්ලාම් තර්ක වලට වඩා කොතරම් සියුම් ලෙස බුදු දහම තුල මේ දේවල් විස්තර වෙනවද යන වග.

    ඉස්ලාම් ආගමේ ඇති දැක්ම බුදුන් වහන්සේ විසින් තරයේ ප්‍රතික්ෂේප කල උච්ඡේද වාදයට අයත් එකක්. හින්දු ආගම ශාශ්වත වාදී වන අතර එයත් ප්‍රතික්ෂේප කරනු ලැබූ එකක්. මා අනුගමනය කරන භෞතික වාදයත් ඒ ලෙසම බුදුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලැබූවක්. ඉන්පසුව ලෝක ජනගහණය ගැන මහා විහිළුවක් ලංකා 1 සහ යහ මග කියවයි. මොවුන් සිතා සිටින්නේ පුනර්භවයක් සඳහා දායක වන විඤ්ඤාණය පවතින්නේ මිනිසුන් තුල පමණක් කියාය.

    උදාහර්ණයකට පෙර සියවසයේ මිනිසුන් 100 ක් නිර්වාණය ලබා ගත්තේ නම් වර්ථමානයේ මු`එ සංඛ්‍යාවෙන් 100ක් අඩුවිය යුතුයි. එනම් පෙර උදාහර්ණයට අනුව මු`එ සංඛ්‍යාව 1900ක් විය හැක. නමුත් කිසිදු හේතුවක් නිසා හෝ උපරිම සංඛ්‍යාව වන 2000 හි වෙනසක් සිදුවිය නොහැක

    මොවුන්ට නොතේරෙන කාරණය නම්, මිනිසා, සතුන්, දෙවියන් හා නිරිසතුන් තුලත් විඤ්ඤාණය පවතින බවයි. දෙවියන් හා නිරිසතුන් අපට පෙනෙන්නට නැත. ඉහත උදාහරණයේ පරිදි 100ක් නිවන් ලබා ගත්තත්, තම්න් කල කර්ම විපාක දීමෙන් අනතුරුව තවත් 1000ක් මිනිස් භවයන්හි උපත ලැබීමට පුළුවන. එවිට ඔය කියන ජනගහණ වැඩිවීම පහසුවෙන්ම පැහැදිලි කළ හැකි වනු ඇත. පෘථිවියේ ජෛව ස්කන්ධය වසර දස දහස් ගණනක් තුල නොවෙනස්ව පැවතීමත් මේ මතයට රුකුල් දෙන්නක්.

    තමන්ට අවාසිදායක පිළිතුරු කපමින් සිටින ලංකා 1 ඉන්පසුව කරන්නේ බ්‍රහ්මජාල සූත්‍රය විකෘති කර තම මතය තහවුරු වන පරිදි යොදා ගැනීමයි. බ්‍රහ්මජාල සූත්‍රය අධ්‍යයනය කරන විට පෙනෙන දෙය නම් එහි පළමු බණ වරට ගාථා 29ක් ද දෙවැනි බණ වරට ගාථා 64ක් ද අයත් වෙයි. ලංකා 1 උපුටා දකවන පළමු බණ වරෙහි 1- 6 දක්වා ගාථා සුත්‍රය හැඳින්වීමටද, 7 – 11 දක්වා චූල ශීලය විස්තර කිරීමටද, 12 – 21 දක්වා ශ්‍රමණයන් විසින් නොකළ යුතු දේ විස්තර කිරීමටද 22 – 26 දක්වා සදාකාලික ආත්මය ගැන වූ බමුණු මත හැඳින්වීමට යෙදේ. 27 – 29 ගාථා වලදී බුදු වහන්සේ ඉහත මත ප්‍රතික්ෂේඅප කරයි. ලංකා 1 වැනි බුද්ධිමය නිවටුන් කරනුයේ ඉහත ලෙස පිළිකෙව් කල මතය බුදුන් විසින් අනු දැන වදාල ලෙස විකෘති කිරීමය.

    මේ ලිපියේම ලංකා 1 මෙහෙම කියනවා. “මේ ආකාරයට අතීතයටම ගියේනම් අවසානයේ එකම එක මිනිස් යුවලකින් අවසන් වනු ඇත” මේක හොඳ ලස්සන ප්‍රකාශයක්. මේ ගැන අපි ඉස්සරහට කතා කරමු.

    කොහොම හරි අන්තිමට කියන්න වෙන්නේ කිසිම විද්‍යාතමක පදනමක් නැති, කෲර ආගමක් වන ඉස්ලාම් ආගම බේරා ගන්න බුද්ධ ධර්මය වැරදි යයි පෙන්වීමෙන් කිසිම උදවුවක් වෙන්නේ නෑ. මොකද බුදු දහම හරියට නොදැන ලියන ලිපි වලින් වෙන්නේ ලියන අය කිච වෙලා යන එකයි. ලංකා 1 සහ යහමග කිච වුනා වගේ අනික් මුස්ලිම් අයත් කිච වෙන්න කැමති නම් බුද්ධාගම බාගෙට ඉගෙන ගෙන වාදෙට එන්න.


    රාළට කරන උදවුවක් හැටියට කට්ටිය රාළගෙ බ්ලොග් එකේ කොමෙන්ට් එකක් දාල යන්න. මිනිහා බොහොම අමාරු වැඩක් කරන්නේ. අන්තවාදී ප්‍රහාරයකට උනත් ඕනෙම වෙලාවක මුහුණ දෙන්න පුළුවන්.
     

    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    පෙරමුණේ රාලගේ අලුත්ම ලිපිය



    මිනිහා බොහොම අමාරු වැඩක් කරන්නේ. අන්තවාදී ප්‍රහාරයකට උනත් ඕනෙම වෙලාවක මුහුණ දෙන්න පුළුවන්.

    අපොයි !!!!..........අනේ!!!.......සාදු!!සාදු!!සා!!!!!!:lol::lol::lol:
     

    truthwatch

    Member
    Apr 28, 2010
    107
    12
    0

    මිනිහා බොහොම අමාරු වැඩක් කරන්නේ. අන්තවාදී ප්‍රහාරයකට උනත් ඕනෙම වෙලාවක මුහුණ දෙන්න පුළුවන්.

    lankanwe athule echchara deyak karanna baha muslimslata.....ehema karala unta yahathin inna hambuwenne naha......