මේක නං ඇත්තක් බං. මගෙ යාලුවෙක් වාහනයක් ගන්න හොයන්න ගිහිං මාස දෙකහමාරකටත් වඩා හොයලා වාහන 30ක් විතර බලලා තමා යන්තන් හොද එකක් හොයාගත්තෙ. රට වටේම යන්න උනා ඌට වාහන බලන්න ටෙක්නීශියන් කෙනෙකුත් එක්ක. මාත් සමහර ලග තිබ්බ ඒවා බලන්න ගියා ඌ එක්ක. ගොඩක් තිබ්බ ඒවා මරාල. චැසි ඇදවෙන්න හැප්පුන ඒවා හොයන්න බැරිවෙන්න හදලා විකුනන ඒවා සෑහෙන්න තිබ්බා. ගොඩක් ඒවාගෙ කන්ඩිශන් අවුල්. කොහොමහරි ඌ ලක්ශෙකට එහා වියදම් කරා වාහන හොයන්න විතරක්. නාස්ති උන කාලය රස්තියාදුව කන්න උන කටු පැත්තකින් තිබ්බත්.බලමු. මටත් Upgrade එකකට යන්න හිතිල තියෙන්නෙ. හැබැයි බයයි. අර පෙට්රල් නැති කාලෙ කොහොම පාවිච්චි කරලද දන්නෙ නෑ දැන් තියෙන එව්ව. ඒ වගේම දැන් පාට්ස් පට්ට ගණන් හින්ද Replacements නොකර හද හද දුවන කසිකබල් ගොඩයි. අතරින් පතර තමයි හොඳ එකක් හම්බෙන්නෙ.
පෙරේදා මම පොඩි කිරි කිරි සද්දයක් ඇවිත් ගිහින් බලද්දි සොක්ස් දෙකයි, මවුන්ට් දෙකකුයි. රැක් එකේ පැත්තක එන්ඩ් එකකුයි කෙලවෙලා. replace කරනව නම් 180,000 යි. හදල පාවිච්චි කරන්න පුළුවන් හැබැයි කොහොම වෙයිද කියන්න උන් වත් දන්නෙ නෑ.
Hybrid battery එක සවුත්තු වෙලා. අලුතින් දාන්න 6-7 වගේ යයි කිව්ව brand new. හැබැයි හදල පාවිච්චි කරන්න පුළුවන් 50,000 න්. ඉතින් ඔය තත්වෙ එක්ක හොඳ වාහනයක් ගන්න හම්බෙයි කියල මට සත පහක විස්වාසයක් නෑ. දැන් මිනිස්සුන්ට සල්ලි නෑ බන්. ඒකයි සීන් එක. තියෙන එව්ව හද හද පදිනව... හොඳ තත්වෙ තියෙන පහරක් හොයන එක දැන් කලුනික වගේ තමයි.![]()
හැබැයි මෙහෙම දේකුත් තියනවා ඕනම දෙයක් ඕනම කාලෙ නැති උනොත් පස්සෙ කාලෙක අරං වැඩක් නෑනෙ? කොහොමත් වාහන ගෙන්නුවත් පරණ වාහන වල මිලේ ලොකු වෙනසක් කොහොමත් වෙන්න විදිහක් නෑ. ඒ නිසා අතේ සල්ලිත් තියනවනං වාහන හොයන්න යන්න වෙලාවත් තියනවනං අලුත් වාහනයක් ගනින් හොදට බලලා.