ලක්ෂණ තුනක්, කොහේද ඒක තියෙන්නේ

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ලක්ෂණ තුනක්, කොහේද ඒක තියෙන්නේ

    ත්‍රිලක්ෂණ
    අනිච්ච, දුක්ඛ, අනත්ථ


    සැ:යු:
    මේවා මෙහෙම කිවුවා කියලාවත්, කටපාඩම් කරා කියලාවත් තේරුම් ගන්න බැහැ. මාර්ගයේ වාඩි වෙලා මේවා මොනවාද කියලා විදර්ශනාවේදී ගලපන්න ඕනේ. එතකොට තමයි පරමාර්ථයෙන් දකින්න පුළුවන්. පරමාර්ථයෙන් දකින්න පුළුවන් දේවල් පෘථක්ජන මාධ්‍යයේ වචන වලට හැරවීමම පහසු කටයුත්තක් නොවේ. මන්ද කියවන්නා වැරදියට තේරුම් ගන්න බැවිනි. අන්න ඒ නිසා තමයි බුදුන් ජීවමාන සිටින කාලයේවත් ධර්මය පොත්වල ලිවුවේ නැත්තේ.

    එනම්, මෙය ප්‍රඥ්ඥාව නැමැති ඇසින් දැකිය යුතු දෙයක් මිස භෞතික ඇසින් දැකිය යුත්තක් නොවේ. එවිටයි මෙය හරි හැටි අවබෝධ වන්නේ.


    ත්‍රිලක්ෂනය නියම ලෙස තේරුම් ගැනීමට පෙර සිතේ ස්වභාවය තේරුම් ගත යුතුය.

    එනම් සිත යනු අරමුණක ඉපිද, එම අරමුණේ ජීවත්ව, අවසානයේදී එය භංග වෙලා තවත් අලුත් අරමුණක් අල්ලගන්නවා. මෙය චක්‍රයක්ව නොනැවතී සෑම මොහොතකම සිදුවන දෙයකි

    පාලියෙන් කියූවෝතින් උත්පාද, තිථි සහ භංග. පොතේ තිථිය දක්වා නැත, ඒ මන්ද යත් සිතේ වේගවත් බව නිසා තිථිය නොපෙනේ. සිත ප්‍රභාෂ්වර කරගත්තවුන් මෙය දකියි.

    අනිච්ච

    අනිච්ච යනු ලෞකික ධර්මතාවයකි එනම් වෙනස් වීමේ ස්වභාවයයි. මේ ලෞකික ලෝකයේ තිබෙම සියලුම භෞතික වස්තූන් (තම කුණු කය ඇතුළුව ) සෑම මොහොතකම වෙනස් වෙමින් පවතී. එනම් සියළු සංස්කාර ධර්මයන් සැමදා එක ලෙස නොපවතින බවත් මේ බව ප්‍රභාෂ්වර මනසින්ම අවබෝධය ලබාගතයුතු දෙයක් බවත් මාර්ගයේදී ප්‍රත්‍යක්ෂකරගත හැක.

    රහතුන් පෘථක්ජනයන්ට වඩා හොඳින් දකියි, හොඳින් විඳියි, වඩා හොඳින් හැඳින ගනියි. ඒ හැඳිනගැනීමේදී රූපය හැඳින ගන්නේ "අනිත්‍යයි, අසුබයි, ඒ නිසා දුකයි" කියා හැඳින අත හරියි.

    දුක්ඛ

    මෙන්න මෙතනයි වැදගත්ම තැන. අපි හැමෝම දුකයි දුකයි කිය කියා කෑ මොර දෙනවා. එහෙත් ඒ දුක පස්සෙම හති වැටෙනකන් දුවනවා. ඒ බව ඒ අයටම නොතේරෙන්නේ ධර්මාවබෝධය නොමැතිකමින් වීම සංවේගයට කරුණක්.

    අපේ සිත හැකි තරම් පිනවීමට මේ කය දුක් විඳවයි. අපිට දුක දැනෙනේ මේ කය හරහා. කය උපයෝගීකරගෙනම ජීවත්වන මේ සිත, සිතේ ඕනෑ එපාකම් කරගැනීමට කය උපයෝගීකරගනියි.

    උදා: සල්ලි ඕනේ උනාම රස්සවට යනවා, ඉතින් ශරීරය නිකන් තියාගෙන රස්සාව කරන්න බැහැනේ. මොලේ කියන එක වෙහෙසවන්ට ඕනේ, අත් පා වෙහෙසවන්ට ඕනේ. ඉතින් මාසෙ අන්තිමට පඩි අරගෙන ෆුල් සුදි කරනකොට අච්චර දුකින් හම්බකරගත් දේ කියන එක අමතක වෙනවා. (දුක වින්ද බව අමතක කරනවා) සල්ලි ඉවර වුනාම අයෙත් දුක් විඳිනවා සල්ලි හම්බ කරන්න.

    දුකකියන දේ අවබෝධවන්නේ සෝතාපන්න වූ අවස්ථාවේදීය, සෝතාපන්නයන්ට (සෝවාන් වූවෝ) සිත දුකේදී අපිද, දුකේදී ජීවත්ව, දුකේදීන මැරී යන බව අවබෝධ වෙයි. (එහෙත් ලෞකිකය අතනොහරියි, ඒ ඇයිද කියන්න වෙනමම විස්තර කරන්නම්)

    අනත්ථ

    මම මෙතැනදී ආත්මවාදය, අනාත්මවාදය ගැන කථා කරන්න යන්නේ නැහැ. ඒ දෙකම බුදු දහමේ නැති දෙයක්.

    න + අත්ත = අනත්ත
    අත්ත යනු "මම", එයට "න" යන උපසර්ගය විත් අනත්ත වේ, එනම් "මමත්වය" කියා දෙයක් නොමැති බව අවබෝධය ලැබීම.

    මෙතන වඩාත් වැදගත්වෙන්නේ මමත්වය කියන එක හරි හැටි අඳුනගෙන ජීවත් වෙන එකයි. ඒක කරන්න පුළුවන් වන්නෙත් සෝතාපන්නයන්ටමයි, මන්ද ඒ අයට සක්කාය දිට්ඨි නැහැනේ (සක්කාය දිට්ඨි නැතිවෙනවා කියන්නේ මමත්වය හරි හැටි අවබෝධකරගන්න එක ). මමත්වය කියන එක සම්පූර්ණයෙන්ම අවබෝධය ලබන්නේ අරහත් සිත් වලට.

    සම්මත පෘථග්ජන ජීවිතයක් ගෙවන පුද්ගලයෙකු තුල අභිනන්දනය කරන මම තුන් ආකාරයකින් එකට එකතු වී නිර්මාණය වී ඇත.

    1. ඕලාරිකෝ අත්ත පටිලාභෝ
    2. මනෝමයෝ අත්ත පටිලාභෝ
    3. අරූපෝ අත්ත පටිලභෝ

    වෙනත් අයුරකින් කියතොත්.
    1. අතීත මම
    2. වර්තමාන මම
    3. අනාගත මම

    තවත් අයුරකින් දැක්වුවහොත්
    1. ජාති
    2. ජරා
    3. මරණ

    නැතහොත්
    1. පුබ්බන්තය
    2. පුබ්බන්ත - අපරන්ත
    3. අපරත්තය

    එනම්:-
    1. ඇස, කන, නාසය, දිව, කය ලැබීම
    2. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ගැනීම
    3. විඤ්ඤාණගත රූප, වේදනා, සඤ්ඥා, සංඛාර

    මෙන්න මෙහෙම කිවුවා කියල අවබෝධය ලබන්න බැහැ, විදර්ශනාව පුරුදු පුහුණු කරගෙන සිත ප්‍රභාෂ්වර කරගන්න ඕනේ.සිත ප්‍රභාෂ්වර කරගන්නවා කියන්නේ ප්‍රඥාව වැඩි කරගන්න එක. එවිට ප්‍රඥ්ඥාවෙන් දකින්න පුළුවන් ඔක්කොම ටික. (අනිච්ච, දුක්ඛ, අනාත්ම කියන්නේ හුදෙක්ම පෘථක්ජන වචන ටිකක් පමණයි. ඒක ප්‍රඥ්ඥාවෙන් දකින දෙයක් නැතුව වචන වලට පෙරලන්න පුළුවන් දෙයක් නෙමෙයි )

    නොබෝ දිනකින් නිවන් අවබෝධ කරගැනීමට ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළ වදාල ඒකායන මාර්ගය ආර්ය අෂ්ථාංගික මාර්ග ප්රතිපදාව.

    මෙම ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන විට විඤ්ඤාණ ස්කන්ධය නිරෝධ කිරීමෙන් සිත නිවනට සම්ප්රප්ත වේ.

    මෙය ලෝකෝත්තර මාර්ගයක් බැවින් ලෞකික ජීවිතයක් ගත කරමින් පෘථග්ජන පුද්ගලයෙකු ලෙස මෙම මාර්ගයේ යා නොහැක.

    බුදුන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයකු වී ධර්මානුකූලව මෙම ලෝකෝත්තර මාර්ගයේ යන සංඝ අට පුද්ගලයා චතුරාර්ය සත්‍ය අවබෝධ කර නිවන සාක්ෂාත් කරගනී

    සංසාර ගමන නවතා උඩුගං බලා යන මෙම ගමනේදී ප්‍රථම වතාවට නිවන් දකින ආර්යා

    1. සක්කාය දිට්ඨිය
    2. විචිකිච්ඡාව
    3. සීලබ්බතපරාමාස

    වලින් සදහටම නිදහස් වී බුද්ධ, ධම්ම, සංඝ සහ මාර්ගයේ නොසැලෙන අචල භක්තියට/ ශ්‍රද්ධාවට පත්වන්නේය.