ලක්ෂපති රූ ගැන්වීමකදී ලකී ඩයස් සසල වූ අන්Ş
පසුගිය නත්තල් දිනයේ ඔබද ලක්ෂපති මමද ලක්ෂපති වැඩ සටහන සුවිශේෂී එකක්. එදින තරග කරන්න සහභාගී වූයේ තරගකාරියක්.
නමින් පුෂ්පලතා වූ ඇය දෘශ්‍යාබාධිතයි. එහෙත් ඇගේ ආත්ම ශක්තිය මා මවිත කළා.
සාමාන්‍යයෙන් ඔබද ලක්ෂපති මමද ලක්ෂපති වැඩසටහනට සහභාගි වන තරගකරුවන් පිළිබඳ එහි අධ්යක්ෂ නිලෙන්ද්‍ර දේශප්‍රිය මාව දැනුවත් කරනවා. ඉතින් සුපුරුදු පරිදි ඔහු කිව්වා, ලකී, ඊළඟ වැඩසටහනට තරග කරන කෙනා දෘශ්‍යාබාධිත අයකු කියලා. මට එවෙලෙ කේයස් ලියූ ‘සුදෝ සුදු ’ කවි පොතේහි එන මෙන්න මේ කවි ය මතක් වුණා.

මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා
පෙනෙනවා දකිනවා කියනා ඒවා
මොනවද අම්මේ මම අහ ගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා
පෙනෙනවා දකිනවා කියනා ඒවා
මොනවද අම්මේ මම අහ ගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා
කවුරුන් හෝ ඇයට මේ තරගයේ විචිත්රත්වය ගැන කියන්නට ඇති. එහෙයින් ඇයට මේ සඳහා සහභාගි වෙන්න හිතෙන්නට ඇති. කෙසේ වෙතත් මං හිතුවේ ඇය එදින බ්‍රේල් සිස්ටම් එක පාවිච්චි කරමින් තරග කරයි කියලා. නමුත් මං ඇය එහෙම නොකරන වග දැනගත්තේ එතැනට ගියාට පස්සේ. ඇයත් සමඟ තවත් දෘශ්‍යාබාධිත දස දෙනෙකු ඇවිත් හිටියා. ඒ සියලු දෙනා උපාධිධාරියෝ.
මං නිවේදක පුටුවෙහි වාඩි වුණාට පසුවයි ඇයගේ නියම ක්‍රියා කලාපය දුටුවේ. ඇය ඇත්තටම දක්ෂයි. එවලේ මට මෙන්න මෙහෙම දෙයක් දැනුනා. ලෝකෙ තියන ලොකුම අවශ්‍යතාවය වන පෙනීම නැතිව මේ අය අපූරුවට තම ජීවිතය සතුටින්, සලැහැල්ලුවෙන් ගෙනි යනවා. ඒත් අපි, පෙනීම තිබිලත් නොලැබිච්ච දේවල් ගැන හිතලා දුක් වෙනවා, අඬනවා. අප ඒ අයට වඩා ගොඩක් පසුපසින් ඉන්න බවයි මට හිතුණේ.

වැඩසටහන මැදදි මගෙ ඇස්වලට කඳුළු ආවා. හිත කොච්චර සංවේදී වුණාද කිව්වොත් මට සමහර අවස්ථාවල කියන්න ඕනෑ වචන කියවුණෙත් නැහැ. ඒත් රෙකෝඩිං එකක් අතරතුර හැඟීම් දැනීම් පාලනය කරගෙනයි නිවේදකයකු කටයුතු කරන්න ඕනෑ. ඒ හින්දා ඒ මානුෂික හැඟීම් බොහොම අපහසුවෙන් යටපත් කර ගත්තා.
මේ ළමයා කොච්චර පරාර්ථකාමීද බලන්න, එක් ලක්ෂ විසිපන්දාහක් දිනා ගත්තම මං ඇයගෙන් ඇහුවා මේ සල්ලිවලට මොකද කරන්නෙ කියලා. ඇය ගත් කටටම කිව්වෙ ‘මා වැනි අයට මේ සල්ලිවලින් උදව් කරනවා’ එච්චරයි. ලක්ෂ දෙකක් හිමි වෙද්දී, මං වගේ ඇස් පේන්නේ නැති අයට උදව් කරලා ඉතිරි මුදල්වලින් පරිඝණකයක් ගන්නවා කිව්වා. ඇය ලක්ෂ තුනක් දින්නා. ඇගේ තීරණය එහෙමමයි.
ඇය චුට්ටක්වත් ලෝබ නැහැ. සමහර අයට මුදල් ලැබෙන තෙක් බලන් ඉන්නේ විනෝද වෙන්න.

තව දෙයක් කියන්න ඕනෑ. ඔබද ලක්ෂපති මමද ලක්ෂපති වැඩසටහන මං මාස තුනක් තිස්සේ කළා. එක් වැඩසටහනක් තනි තරගකරුවකුගෙන් නිමා කළේ මේ වැඩසටහන පමණයි. මේක මට අහුවුණ කරුණක්.
දහසකුත් සංවේදී හැඟීම් දෝතක් දරාගෙන වැඩසටහන නිමා කළා. එතකොට මට අන්ධ ළමයා කවි පෙළෙහි අවසානය මතක් වුණා. නාඬන් අම්මෙ නාඬන් මම විහිළු කළා
එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා
එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා

godak aya balanna asawen aththe 