අනිත් රටවළ් ඕනාවට වඩා Human Rights, Individualism ඔළුවට දාගෙන Syllabus හදන්නෙ. ඒ නිසා වැඩි බරක් Syllabus එකේ දෙන්නෙ නෑ. Bachelors වල Content පොඩියි. ලංකාවෙ ඉන්දියාවේ ක්‍රම ඊට වඩා Competitive. Syllabus එක හදන්න ලමයට ලේසි වෙනවට වටා දැනුම ගැන හිතල. මට හිතෙන විදියට ලංකාවෙ ක්‍රමේ හොඳයි. වෙන රටක වැඩ කරද්දි අනිත් උන්ට වඩා Skills අතින් Versatile වෙන්න පුළුවන්.
ඔය Assignment ක්‍රමේ අමු බොරුවක්. ඕක තවත් බොරුවක් වෙනව ChatGPT වගේ AI එක්ක. ඒත් ලංකාවෙ විභාග ක්‍රමේ ඇතුලෙ Average IQ තියන එකාට පවා Scientist , Doctor වෙන්න පුළුවන් විදියට හොඳ Brain Intensive Training එකක් එනව Science වලින් යනවනම්. මහන්සි වෙන්න Target එකකට යන්න උගන්නව. ඒත් දියණු රටවල ක්‍රමේ ඉගෙනගන්න එකා විතරක් ඉගෙනගනීවි, ලමයට බරක් දෙන්නෙත් නෑ (Liberal Ideologies) උන් සැපේ ඉන්නව දෙමව්පියන්ට ලමයින්ට දඩුවම් කරන්නත් බෑ අන්තිමට Average IQ තියන එකා Teenage කාලෙ බෝතල් කඩ කඩ පාරෙ රෑ ඇවිදිනව. ඉගෙනගෙන ඉවර වෙලා Construction worker ල වෙනව. ඔය රටවල අධ්‍යාපන ක්‍රමේ පට්ට වගේ පේන්නෙ දකුණු ආසියාවට සාපේක්ෂව සමාජයෙ High IQ Percentage එක වැඩියි. උන්ගෙ වැඩ Highlite වෙනව. Innovation හොඳයි වැඩියි වගේ පේන්නෙ උන්ට Fund තියනව. ඒත් ඔය රටවල Tech, Medicine field එකේ Skill Shortages. Import කරන්න වෙනව මේ "අවුල් අධ්‍යාපන ක්‍රම" තියන රටවලින්.
උබ කියපු මෙන්න මේ දේවල් ඇත්ත.


මෙහේ උන් ඉගෙනගන්නවා අඩුයි. වයිට් කොලර් ජොබ් කරන ගොඩක් Local උන්ට Bachelors නැහැ. Certificate course , වැඩිම උනොත් diploma තමයි කරලා තියෙන්නේ. අපේ උන්ට masters තියෙනවා දැක්කම උන් පුදුම වෙනවා. ඒ නිසාම මෙහෙ ඉන්ටර්විව් (IT ) වලදීත් කොලිෆිකේෂන් වලට වඩා Relevant Local Experience එකට ලොකු value එකක් දෙනවා.
මෙහෙ ළමයි ඉගෙනගන්නවා අඩු නිසාම ඉගෙනීමට/ ඉගෙන ගන්න එකාට, ලොකු ප්ලේස් එකක් හම්බෙනවා අඩුයි.ඒ නිසා educated/ Non-educated අතරේ ලොකු gap එකක් නෑ.
එක උදාහරණයක් විදියට කිව්වොත්,Pub එකේ බියර් එකක් ගහන ගමන් ඉන්න local කොල්ලෙක් , එතනම බියර් එකක් ගහන local කෙල්ලෙක් එක්ක සෙට් වෙලා, පස්සේ දවසේ දැනගත්තොත් කෙල්ල ලොකු company එකක Senior Manager සහ කොල්ල Handyman කෙනෙක් කියල, ඒක උන්ගේ relationship එකකට බාදාවක් නෙවෙයි. නමුත් ලංකාවේ ඔයදේම වෙලා, කෙල්ල දැනගත්තොත් කොල්ල කුලී වැඩ කරනවා කියල, උබල හිතනවද කෙල්ල ආයේ උට කතාකරයි කියල. අන්න ඒ වගේ තමයි.
educated/ Non- educated අතරේ ලොකු gap එකක් තියෙනවා ලංකාව/ඉන්දියාව වගේ රටවල.ඒ ගැප් එක නිසාම දෙමව්පියෝ බයයි තමන්ගේ ළමයි ඉගෙන නොගත්තු ගොඩට වැටෙයි කියල.ඒ නිසාම ඉගෙනගන්න එකේ value එක ළමයට දෙනවා.ළමයින්ව තරග කරවනවා.
ගොඩක් වෙලාවට දකුණු ආසියාතික රටවල ජොබ් එක තීරණය වෙන්නේ education ලෙවෙල් එක මත. ඒ නිසා ජොබ් එක අහපු ගමන් ඒ රටවල education ලෙවෙල් එක මනිනවා. මොකද එක 95% වගේ හරි . නමුත් මෙහේ එහෙම කරන්න බැහැ. මොකද එක වරදින්න තියෙන chance එක වැඩි. මාත් එක්ක කලින් වැඩ කරපු සුද්ද අයින් උනා ස්ට්‍රෙස් එක වැඩි කියල. දැන් අවරුදු 2ක් වගේ වෙනවා.මේ ලගදි කෝල් කලාම කිව්වා එදා ඉදන් ඌ Bricky(මේසන් බාස්) විදියට වැඩ, ඒක හොදයි, ස්ට්‍රෙස් අඩු නිසා උ කැමති කියල.අපේ රටවල් වල ලොවෙත් ඔහොම දෙයක් වෙන්නේ නෑ නේහ්.
මගේ මතය නම්, ඔය method දෙකේම pros /cons තියෙනව. එත් හැම ජොබ් එකටම respect කරන්න value එකක් දෙන්න පුරුදුකලා නම් ඔය ගැප් එක අඩුවෙයි.
හැබැයි මෙහෙ අපු ලංකාවේ, ඉන්දියාවේ උන් දැන් අපේ රටවල් වල සිස්ටම් එක මෙහෙට පුරුදු කරන ලයින් එකක් තියෙන්නේ. tution වලට යවනවා හෙනට.

තව සැහෙන්න දේවල් තනව කියන්න. කම්මැලි කොටන්න.

