ඒක තමයි වුණේ
සුරන්ග සති අන්තයේ තම නිවෙසට අවශ්‍ය බඩු ගෙන ඒම සඳහා බිරිඳගෙන් ලැබුණු රුපියල් තුන්දාහක් රැගෙන කෙළින්ම ගියේ තමන්ට සුපුරුදු කැසිනෝ ශාලාවටය.
ඔහු රුපියල් 500/-ක් මුලින්ම ඔට්ටු ඇල්ලූ අතර එය දෙගුණ වී ඔහුට රුපියල් 1000/-ක් ලැබුණි. ඉන් ප්‍රමෝදයට පත් සුරා එම රුපියල් 1000/-ම ඔට්ටු ඇල්ලීය. එවිට ඔහුට රු. 2000/-ක් ලැබුණි. ඔහු වහාම එම දෙදහස ද ඔට්ටු ඇල්ලූ අතර එය දෙගුණ වී රු. 4000/-ක් ලැබුණි. මෙලෙස රුපියල් ලක්ෂයක් දිනාගැනීමට සුරාට පැයකට වඩා කාලයක් ගත නොවීය.
එක් පැයක් ඇතුළත රුපියල් ලක්ෂයක් දිනීමෙන් ප්‍රීතියෙන් පිස්සු වැටුණු හේ දෙවරක් නොසිතා එම ලක්ෂයම ඔට්ටු ඇල්ලීය. එවර ඔහු මුළු මුදලම පැරදිණ. පරාජය දරා ගත නොහැකි වූ සුරා ඉහළට ඇදගත් හුස්ම පහළ හෙලනු නොහැකිව හෘදයාබාධයකින් මළේය.
මෙම දුක්මුසු පුවත සුරාගේ බිරිඳ චූටි හුරතලීට දැන්වීමේ වගකීම පැවරුණේ ජෝකර් මල්ලීටය . ජෝකර් මල්ලී දුටු වහාම චූටි හුරතලී කේන්තියෙන් මෙසේ ඇසුවාය.
’ජෝකර් මල්ලී කෝ සුරන්?’
’සුරා අද කැසිනෝ ගිහින්’ ජෝකර් මල්ලී කීය.
“එහෙම නං මම දුන්න රුපියල් තුන්දාහම ඉවර කරගෙන එයි. හොඳයි අද ආපුදෙන්කො උන්දැ ගෙදර” චූටි කෝපයෙන් දත්මිටි කමින් කීවාය.
’ඉතින් ඔයා පොඩ්ඩක් වෙච්ච දේ අහන්නකෝ. සුරා අද කැසිනෝ ගිහින් රුපියල් ලක්ෂයක් දිනුවා.’
’මොනවා? මගෙ ඩාලිං මනෝ රුපියල් ලක්ෂයක් දිනුවා!’ චූටි අදහාගත නොහැකිව ප්‍රීතියෙන් කෑගැසීය.
’ඔව් දිනුවා. හැබැයි ඊළඟ පාර ඒ ලක්ෂයම පරාදවුණා’ ජෝකර් කීය.
’නොදකින් කාලකන්නියා. මේකා මැරෙන්ඩ එපායැ’ චූටි හුරතලී හූල්ලමින් කීවාය.
”ඉතින් ඒක තමයි වුණේ” ජෝකර් මල්ලී කියා ගත්තේය.