ලක් මවු රනින් සැරසූ ලක් දරුවෝ දිවයිනට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    image_41959563a6.jpg


    (ටී.කේ.ජී.කපිල)

    තායිලන්තයේ පැවති පළමු වැනි ආසියානු සහාය දිවීමේ ශූරතා තරගාවලියට සහභාගී වූ මීටර් 400 × 4 පිරිමි කණ්ඩායම රන් පදක්කමත් , මිශ්‍ර මීටර් 400 × 4 සහාය දිවීමේ කණ්ඩායම රිදී පදක්කමත් දිනා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

    මෙම තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවර ඉකුත් 20 වැනි දින සිට 22 දින දක්වා පැවැත්විණි.

    එහිදී මීටර් 400 × 4 සහාය දිවීමේ තරග ඉසව්ව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කාලිංග කුමාර , අරුණ දර්ශන , පසිදු කොඩිකාර සහ දිනුක දේශාන් ක්‍රීඩකයින් විශිෂ්ඨ දක්ෂතා දක්වමින් ප්‍රථම ස්ථානය පත් වෙමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි

    එසේම මීටර් 400 × 4 මිශ්‍ර සහාය ධාවන ඉසව්වේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ අරුණ දර්ශන , පසිදු කොඩිකාර , සයුරි මෙන්ඩිස් සහ නදීශා රාමනායක එම තරගයෙන් දෙවන ස්ථානය ලබා ගනිමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි .

    මීට අමතරව මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා මීටර් 100 × 4 පිරිමි කණ්ඩායම සහ මීටර් 100 × 4 කාන්තා කණ්ඩායම සිව් වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබුණි.

    heluwa pennala awanam sports minister, tourist minister seramala polime yai pili ganna