එහෙත් එතුමන් කඳසුරිදුගේ ඉල්ලීම අද වන තුරු ඉෂ්ට කිරීමට නොහැකි වීම නිසා කතරගම දෙවියන්ගේ දේව උදහසට මේ ලක් දෙරණ පත් වී ඇත. එබැවින් ඉදිරියේදී පත් වන අනතුරු ප්රශ්නවලදීද ජනාධිපතිවරණය කාලයේදී කිසිවකුට උදව් නොකර භාවනානුයෝගීව සිටි අයුරින්ම සිටීමට උන්වහන්සේට සිදු වන බව මා සමඟ පවසා ඇත. නමුත් එම කාරණාව ඉෂ්ට කිරීම වර්තමාන ප්රධාන පුරවැසියා අතින් සිදුවුවද වරදක් නැත. මක්නිසාද යත් එවකට ඔහු එම බාරය වුණේ රටේ ප්රධාන පුරවැසියා ලෙස මිස ඔහුගේ පෞද්ගලික කාරණයක් වෙනුවෙන් නොවන නිසාවෙනි. එම කාරණා නිසි අයුරින් වර්තමාන පාලකයාද ඉෂ්ට නොකළහොත් ඔහුගේ ජන්ම පත්රය කෙතරම් බලවත් වුවද ඔහුටද කලින් පුද්ගලයාට වූ දේම සිදුවීමට ඔහුට තරම් කාලයක් ගත නොවන බව කඳ සුරිඳුන් විසින් මා හට පවසන ලදී. එම දේව උදහස ඇත්තේ පුද්ගලයකු සමඟ නොව රටේ ප්රධාන පුරවැසියා සමඟ බව අවධාරණයෙන් පැවැසිය යුතුය.