පන්තිය ගැන කියන්න විශේෂ දෙයක් තියනවා මම බුකියේ ස්ටේටස් එකක් විදිහටත් ඒක දැම්මා. එකම මෙතනටත් දාන්නම්
ජ්‍යෝතිෂ පාඨමාලාව ගැන
-----------------------------
මම මාළු අල්ලලා දෙන්නේ නැ.
බිලි පිත්තක් තෑගි දෙන්නෙත් නැ.
මම කරන්නේ මාළුන්ගේ ස්වාභාය කියාදෙන එක
මාළු ඉන්න තැන් හොයාගන්න විදිහ කියාදෙන එක
උල් කරපු කෝටු කෑල්ලේ ඉඳලා සියලුම වර්ගයේ ආම්පන්න පාවිච්චි කරන හැටි කියාදෙන එක.
ආම්පන්න නැත්තන් ඒවා හදාගන්න හැටි කියාදෙන එක.
කොටින්ම කිව්වොත් ඕනෑම තැනක ඉඳලා ඕනෑම අවස්ථාවකදී මාළු අල්ලගන්න ක්‍රමය කියා දෙන එක.
මගේ ගුරුවරු කරෙත් ඒක මම කරන්නෙත් ඒක.
ඒ නිසාම මේ මාර්ගය ඉතා කටුකයි, අධික වෙහෙසකරයි, ඉතා වේදනාබර අත්දැකීම් තියෙයි, ඒ නිසා ගමනට ශක්තිමත් හිතක් අවශ්‍යමයි. ඔබටත් ඒ ශක්තිමත් හිත තිබේනම් පමණක් එක්වන්න අප සමග.