මාර්තු 23 සඳුදා සිට මාර්තු 29 ඉරිදා දක්වා
ආදායම් මාර්ග තර වේ. අමතර ආදායම් හා මුදල් වාසි ලැබේ. මුදලක් තැන්පත් කර ගැනීමට ද අවස්ථාව එළඹේ. ගරු සැලකිලි ලබන සතියකි. වගා ව්*යාපාරවල යෙදුණු අයට වැඩි අස්වැන්න නෙළා ගැනීමට අවස්ථාව ලැබේ.
රැකියාවේ විශේෂ දියුණුවක් ඇති වීමට හේතු වේ. ත්*රිවිධ හමුදාවල සේවය කරන අයට විශේෂ පහසුකම් ලබා ගැනීමට පුළුවන. එඩිතර හා ක්*රියාශීලී ගති වැඩි කරයි. සම්මුඛ පරීක්ෂණ ජය ගනී. මුල් දින කීපය තුළ ගෙදර දොර අලංකාරය සඳහා වෙහෙසෙයි.
හදිසි කරදරවලට මුහුණ දීමට සිදුවන හෙයින් ප්*රවේශම් විය යුතුය. ගමන් බිමනවලදී සැලකිලිමත් වන්න. විදේශ ගමන් යෙදෙන සතියකි. රැකියා අපේක්ෂාවෙන් කටයුතු කරන අයට බලාපොරොත්තු සඵල කර ගැනීමට පුළුවන. වගා ව්*යාපාර දියුණු වීමට හේතු වේ.
බොහෝ කටයුතුවල සාර්ථක බවක් දක්නට පුළුවන. අඹු දරුවන් කෙරෙහි මහත් උනන්දුවෙන් යුතුව කටයුතු කරයි. ප්*රේම සබඳතා කැඩී බිඳී යයි. විභාග කටයුතු සඳහා ශුභදායක සතියක් නොවේ. දරුවන්ගේ අධ්*යාපන කටයුතු දියුණු වේ. අලුත් ව්*යාපාර ආරම්භයට ශුභදායකය.
දැඩි ආත්ම ශක්තියෙන් යුතුව කටයුතු කරයි. ප්*රේම සබඳතා ඇති වීමට හේතු වේ. බලාපොරොත්තු ඉටු කරමින් වගා ව්*යාපාර දියුණුවට පත් වේ. පිනට දහමට ක්*රියා කරන සතියකි. වන්දනා ගමන් යෙදෙනු ඇත. අතමිට සරු කරන අතර මුදලක් තැන්පත් වේ.
ප්*රේම සබඳතා ඇතිවීමට හේතු වේ. මංගල කටයුතු සාර්ථක වේ. විදේශගතව සිටින අයට වැඩිපුර ආදායම් සොයා ගත හැකි වේ. උනන්දුව වැඩි වන සතියකි. අධ්*යාපන කටයුතුවල දියුණුවක් ඇති වෙයි. අලුත් යමක් ඉගෙනීම ආරම්භ කිරීමට සුදුසු සතියකි. දරුවන්ගේ දියුණුව උදෙසා මහත් වෙහෙසට පත් වේ.
අධික වියදම් යෙදෙන සතියකි. අලංකාරය හා ඇඳුම් පැළඳුම් සඳහා වැඩිපුර වැය වේ. ගමන් බිමන් අධික වන සතියකි. ඉඩම්, ගෙවල්, වාහන මිලදී ගැනීමේ අවස්ථා එළඹේ. සිතේ සතුට නොඅඩුව පවතී. සතියේ මුල් දින කීපය ප්*රේම සබඳතා ඇති වීමට හේතු වේ.
ධනය තැන්පත් කර ගැනීමේ හැකියාව ලැබේ. අලංකාර ගේදොර, ඉඩම් ආදිය සඳහා මුදල් වැය කරන සතියකි. ගෙදරදොර ශ්*රියාව වැඩි කරයි. රැකියාවේ දියුණුවට හේතු වන අතර අලුත් රැකියා ලබා ගැනීමට ද පුළුවන. මංගල කටයුතු සඳහා ශුභදායක වන අතර පෙම් සටන් ජය ගනී. සිතේ සතුට ඇති කරයි.
රැකියාවේ උසස් වීම් ලැබීමට හේතු වේ. ප්*රධානීන්ගේ ප්*රසාදයට ලක් වේ. සම්මුඛ පරීක්ෂණ ජය ගැනීමෙන් අලුත් රැකියා අවස්ථා එළඹේ. අධ්*යාපන කටයුතු දියුණු කරයි. ඉතා උනන්දුවෙන් සියලු වැඩකටයුතුවල යෙදෙයි. දූ දරුවන්ගේ දියුණුව ඇති කරයි. අඹු සැමි සමගිය වැඩි වේ. මංගල කටයුතු සාර්ථක වේ.
දැඩි ආත්ම ශක්තියෙන් යුක්තව ක්*රියා කරයි. බලාපොරොත්තු රාශියක් ඉටු කර ගැනීමේ අවස්ථාව එළඹේ. මංගල කටයුතු උදෙසා ශුභදායක සතියකි. පෙම් බැඳුම් ඇති කර ගනී. අලුත් වගා කටයුතු ආරම්භ කරයි. ඇඳුම් පැළඳුම් නිර්මාණය කරන අයට වාසි අත් වේ. ව්*යාපාර දියුණු වේ.
ප්*රේම සබඳතා ඇති වීමට හේතු වේ. මංගල කටයුතු සාර්ථක වේ. උනන්දුව වැඩි කරයි. විනෝද හා වන්දනා ගමන් යෙදෙන සතියකි. අධ්*යාපන කටයුතුවලදී විශේෂ උනන්දුවක් දක්වයි. ගමන් බිමන්වලදී සතුට මෙන් ම වාසි ද සැලසෙනු ඇත. ප්*රභූන්ගේ ඇසුර ලබා ගැනීමට හැකි වන සතියකි. අමතර ආදායම් මාර්ගයක් පෑදෙයි.
කිසිවෙකුට යටත් නොවී තම කටයුතු සාර්ථක කර ගනී. දේශපාලන කටයුතුවල යෙදී සිටින අයට ශුභඵල උදා කරයි. සංස්ථා පාලකයින් ඒකමතික තීරණ ගන්නා අවස්ථාවකි. වැඩිපුර මුදලක් තැන්පත් කර ගැනීමේ අවස්ථාව සලසා දෙයි. මංගල කටයුතු හා ප්*රේම සබඳතා ඇති වීමට පුළුවන.





මගුල්