ලන්කාවට Omicron ගෙනා SINHALA ගෑහෑනිය

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,451
    3,838
    113
    Maligawatta
    එන්නත් නැතිව සැමියා එක්ක නයිජීරියා ගිහින් ඔමික්‍රොන් හදන් ආ මාරවිල කාන්තාව නිරෝධායනයෙනුත් පැනලා

    දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙන කොරෝනා -ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය වැළඳුණ ශ්‍රී ලංකාවේ මුල්ම තැනැත්තිය ගැන පසුගියදා වාර්තාවිය. ඇය එන්නත් ලබා නොගෙනම සැමියා සමග නයිජීරියාවේ සමුළුවකට ගොස් පැමිණි ආකාරයත් අනතුරුව නිරෝධායනය වන බව පවසා එසේ නොකළ ආකාරයත් මේ වනවිට එම රෝගය පැතිරීම සම්බන්ධ බරපතල කාරණා මතු කර තිබේ.



    මාරවිල මහවැව ප්‍රදේශයේ පදිංචි 25 වියැති මෙම කාන්තාව සහ 32 වියැති ඇගේ සැමියා නයිජීරියාවට ගොස් ඇත්තේ මීට මාසයකට පමණ පෙරයි. ඔවුන් එරට පැවැත්වෙන සමුළුවකට සහභාගීවන බව පවසා වීසා ලබාගෙන පිටත්ව ගොස් තිබුනේ එන්නත් කාඩ්පත් නැතිවය. ඔවුන් නැවත එන්නේද එන්නත් සහතික නැතිවය.
    ශ්‍රී ලංකාවෙන් පිටවීමේදී එන්නත් කාඩ් පරීක්ෂා කරන්නේ අදාළ ගමනාන්ත රට කාඩ්පත විමසනවානම් පමණක් බව ඊයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් දන්වා තිබේ. එසේම
    නැවත පැමිණෙන අවස්ථාවේදී කාඩ්පත් නැති අය භාර නොගැනීමේ සිරිතක් නැති බවත් ඔවුන්ට අනිවාර්ය නිරෝධායනයට යොමු කරන බවත් පමණක් ඔහු කීය.
    නයිජීරියාවේ සිට ඉකුත් 24 වෙනිදා ලංකාවට පැමිණි මාරවිල යුවළ කටුනායක ගුවන්තොටුපොල පරීශ්‍රයේදී ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකට ලක්කර තිබුණි.


    එහිදී මෙම කාන්තාව කොවිඩ් ආසාදිතයෙක් ලෙස හදුනා ගන්නා නමුත් ඔමික්‍රොන්ද නැද්ද යන්න එම වාර්තාවෙන් හඳුනාගන්නට අවකාශ නොතිබිණි. නමුත් අප්‍රිකානු රටක සිට පැමිණි බැවින් ඔවුන්ගේ සාම්පල ඔමික්‍රොන් සහිතදැයි දැනගන්නට ජාන විශ්ලේෂණය සඳහා යොමු කර තිබුණි.
    කොරෝනා ධනාත්මකවූ බැවින් කාන්තාව පානදුර ලුනාවේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට බලධාරීන් යොමු කරන ලද බව කියැවිණි.



    නමුත් මෙම කාන්තාව එහි රැඳී සිට ඇත්තේ එසේ යොමු කළ දිනයේ පමණි. පසුදාම ඇය එම මධ්‍යස්ථානයට දන්වා ඇත්තේ තමාට වැඩ ඇති බවත් එබැවින් එහි රැඳී සිටීම තේරුමක් නැති නිසා නිවෙස් නිරෝධායනයට යන බවයි. ඒ අනුව ඇය මාරවිල ලිපිනයක් අදාළ බලධාරීන්ට යොමු කර එතැනින් පිටව යන්නේ කොරෝනා ධනාත්මකවී තිබියදීය.
    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශය ඇගේ සාම්පලවල ඔමික්‍රොන් සහිත බවට ඉකුත් 03 වෙනිදා හඳුනාගන්නේ ඇය නිරෝධායනය සඳහා පිටත්ව ගොස් දින 10 කිනි. වාර්තා ලද විගස ඇය ගැන සෞඛ්‍ය බලධාරීන් සොයා බලා තිබුණි.
    ඇය පානදුර ලුනාවේ මාධ්‍යස්ථානයේ නැති බව දැනගත් විට ඇයගේ නිවසේ ලිපිනයට කණ්ඩායමක් පිටත්ව ගොස් ඇය ගැන සොයා බැලූ අතර ඇය මාරවිල තල්විල සමෘද්ධි මාවතේ නිවසේ නොසිටියාය.
    නිරෝධායනයට කියා ගොස් තිබුණ නමුත් ඇය ගැන ප්‍රදේශය භාර මහජන පරීක්ෂකවරයා හෝ අඩුතරමින් අසල්වාසී නිවාසවල වාසය කරන්නන් හෝ ඇය නිරෝධායනයට ලක්වන බව දැනසිටියේ නැති අතරම ඇය රෝගයද තියාගෙන තැන්තැන්වල ගොස් තිබෙන බව හෙළි විය.
    පසුව මාරවිල සමනල මාවතේ වෙනත් ලිපිනයක නිවසක් පරීක්ෂා කර ඇයව සොයාගන්නට හැකිව තිබේ.
    ඇය මෙරටින් හමුවූ පළමු ඔමික්‍රොන් රෝගියා වන බැවින් එහි භයානක තත්වය ඇයට පහදා දෙන්නට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ.
    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ ගැන පවසා ඇති කරුණු අනුව මෙම කාන්තාව හා සැමියා බොහෝ තොරතුරු සඟවා කටයුතු කර තිබේ.
    මෙම කාන්තාව රැකියාවක් ලෙස ඔන්ලයින් ඉංග්‍රීසි ටියුෂන් ලබාදෙන තැනැත්තියක බව පැවසිණි.



    මේ දෙන්නා ගැන වැඩිපුර සොයා බැලීමේදී ඇය සැමියා සමග ඔක්තෝබර් 28 වෙනිදා නයිජීරියාවේ ක්‍රිස්තියානි හා ව්‍යාපාරික සමුළුවකට සහභාගි වන බව දන්වා පිටත්ව ගොස් තිබූ අතර පෝරමය පුරවා තිබුනේ කාන්තාව ඉංග්‍රීසි කථිකාචාරිනියක ලෙසත් සැමියා රැකියාවක් නොකරන අයෙකු ලෙසත්ය. ඔවුන් එන්නත් ලබාගෙන නොමැතිවූ ගුවන් තොටුපළින් විදෙස් ගතවීමට හෝ යළි පැමිණීමට එය බාධාවක් වී නැත.
    යළි පැමිණෙන මගීන් සම්බන්ධ අධීක්ෂණය ඉතාදුර්වල මට්ටමක පවතින නිසා ඇයට පහසුවෙන් නිරෝධායනය අමතක කර දින 10 ක්තිස්සේ තමන්ගේ එදිනෙදා වැඩ කරගෙන යාමට අවස්ථාව ලැබිණි. මේ වනවිට ඇයගේ ආශ්‍රිතයින් කිහිපදෙනෙකුම පීසීආර් හා ඔමික්‍රොන් පරීක්ෂාව සඳහා යොමු කර තිබේ.
    මෙවැනි හිදැස් පවතිනතාක් කල් ඕනෑම භයානක රෝගයක් ලංකාවට ඇතුළුවීම වැළැක්විය නොහැකි කාරණාවක් වනු ඇත.

    https://www.gossiplankanews.com/202...Nigeria-with-her-husband-without-vaccine.html
     
    • Sad
    Reactions: Spiderman.Ayya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යළි පැමිණෙන මගීන් සම්බන්ධ අධීක්ෂණය ඉතාදුර්වල මට්ටමක පවතින නිසා ඇයට පහසුවෙන් නිරෝධායනය අමතක කර දින 10 ක්තිස්සේ තමන්ගේ එදිනෙදා වැඩ කරගෙන යාමට අවස්ථාව ලැබිණි




    https://elakiri.com/threads/ඔමික්‍රෝන්-මෙරටට-ඇතුළුවීම-වැලැක්වීමට-රජය-සියලූ-ක්‍රියාමාර්ග-ගෙන-අවසන්-–-ක්‍රීඩා-ඇමති.2020383/


    ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා රජයක් විදිහට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා