ලන්කාවේ කීර්තී නාමය විනාශ කිරීමට කටයුතු කරනවා කියලා ලසන්තගේ දුවට චෝදනාවක් එල්ල වෙලා. මෑතකදී පුවත්පතකට ලියපු ලිපියක් ගෑන තමා චෝදනාව. මේ දවස්වල එක්සත් ජාතීන්ගේ මානව හිමකම් සෑසිය යන හින්දා මේ කරපු වෑඩේ ලන්කාවට හානියක් කියන එක තමා තර්කය. නමුත් දුවෙක්ට තමන්ගේ තාත්තගේ මීනිමරුවන් කවුද කියලා හෙලි නොකරපු රටක් ඉස්සරහට ඒක කරලා දෙයි කියලා විශ්වාස කරන්න පුලුවන්ද? මේ වගේ වෙලාවක එහෙම කෙනෙක් ගන්න ක්රියාමාර්ග වලට අපිට විරුද්ධ වෙන්න පුලුවන්ද?


