අපි එහෙම හිතුවට, එම්බසි වලින් රටේ බොහෝ දේවල් ගැන අවධානයෙන් ඉන්නවා.
අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ ලංකාවෙන් පිට රටවලට යවන අපේ තානාපති ලා, මහා කොමසාරිස් ලා ගේ කෙරුවාව වගේ තමයි අනිත් රටවලින් මෙහෙ ඇවිත් ඉන්න අයගේ කෙරුවාවත් කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.
මම මේවා ගැන අහපු දැකපු කරුණක් දෙකක් කියන්නම්.
යුද්දේ සැරේට යන කාලේ, smarttraveller.gov.au වෙබ් අඩවියේ ලංකාවට යන සංචාරකයන්ට කොටින් ගේ කුරුම්බැට්ටි වලට පහර දෙන්න පිහිටවාපු anti aircraft gun battery ආසන්නයේ හෝටල් වල නැවතීම හෝ ඒ අසල ගැවසීමෙන් වලකින්න උපදෙස් දීලා තිබුනා.
ඊට හේතු වෙලා තිබුනේ කුරුම්බැට්ටි වලින් සිදුවිය හැකි පහර දීම නොවෙයි. ඒ කියන ලොකු කැලිබර් එකක් සහිත ගුවන් යානා නාශක අවි වලින් නිකුත් කල උණ්ඩ නැවත පොලවට වැටීමේදී එයින් අනතුරට පත්වීමෙන් වැළකීමටයි. මා එය කියවන දිනය වන විට අනතුරට පත්වූවන් ගණන තිහකට ආසන්න බව එහි කියවුනා. නමුත්, මෙවැනි අනතුරක් ගැන ලංකාවේ කිසිම තැනක සඳහනක් මා දැකලා නැහැ. ලංකාවේ මිනිසුන් මේක නොදන්නවාට, ඕස්ට්‍රේලියානුවන් දන්නවා.
2004 දී මගේ මිතුරෙකුගේ ඇරයුමෙන් මම ඊශ්‍රායලය ට යමින් හිටියා. මගේ බිරිඳත්, දරුවනුත් ඊට දින කිහිපයකට පෙර ලංකාවට ගොස් එතනින් ඩුබායි හි දී මට එකතු වීමට නියමිතව හිටියා. එකල ඩුබායි ඊශ්‍රායල් අතර කෙලින්ම ගුවන් ගමන් සිදු උනේ නැහැ. මම මෙල්බර්න් සිට සිංගප්පුරුව හරහා ඩුබායි යද්දී, මට ගුවන් සේවිකාවක් යම් පුද්ගලයෙකුගේ විස්තර සඳහන් කොලයක් ගෙනත් දී, ඩුබායි ගුවන් තොටුපොළේ කොන්ටාස් කාර්ය මණ්ඩලයේ කෙනෙක් මා හමුවෙන්න බලාගෙන ඉන්නා බවත්, ඔහු මුණ ගැසෙන ලෙසත් මට කිව්වා.
මමත් තවත් දෙතුන් දෙනෙකුත් මේ ආකාරයට ඒ මෑන් ව හමු උනා. අනිත් දෙතුන් දෙනා ඕස්ට්‍රේලියානු පුරවැසියන් වූ ඊශ්‍රායල් ජාතිකයන් වූ නිසා ඔවුනට ඊශ්‍රායලයට යාමට අත්‍යාවශ්‍ය බව පැවසීම නිසා ඔවුන්ව යැව්වත්, මම දරු පවුලකුත් සමග (ඒ වෙද්දී මගේ පවුලේ අය ඩුබායි ඇවිල්ලා තිබුනෙත් නැහැ)සංචාරයක් සඳහා ඊශ්‍රායලයට යාම ආරක්ෂාකාරී නොවන බව ඔහු මට කිව්වා.
හේතුව හැටියට කිව්වේ, ඊට පැය කිහිපයකට පෙර යසර් අරෆත් මියගිය බවත්, පලස්තීන ගරිල්ලන් එහි පලිය ගැනීමට ප්‍රහාර එල්ල කරාවි යයි ඊශ්‍රායල් රජය බලාපොරොත්තු වෙන බවත්, අත්‍යාවශ්‍ය නොවන කටයුත්තකට එහි යාමෙන් අප අනතුරකට භාජනය විය හැකි බවත් ය.
මෑන්, මගේ ඊශ්‍රායලයේ ඉන්නා මිතුරාට කතා කිරීමට global roaming සහිත මොබයිල් එකක් දුන්නා. එයාත් එකවරම කිව්වේ ඊශ්‍රායලයේ හදිසි ආරක්ෂක තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බැවින්, නොඑනවානම් හොඳ බවයි. අපි එහි ගියේ නැහැ.
යසර් අරෆත් මියගොස් පැය පහ හයක් ගතවෙන්නත් පෙර ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට එයින් වියහැකි අනතුරු සම්බන්ධයෙන් ඔවුන්ගේ ඔත්තු සේවා, තානාපති සේවා හරහා ක්‍රියාත්මක උනේ එහෙමයි. (අපේ ගමන් විස්තරය ඉහත කියූ smarttraveller.gov.au හි register කල නිසා තමයි මේ තොරතුරු ඔවුන් හොයා ගන්නේ)
අර මම කියාපු පුද්ගලයා කොන්ටාස් බැජ් එකක් ගහගෙන කොන්ටාස් නිලධාරියෙකු වාගේ හිටියාට, මිනිහා ඕස්ට්‍රේලියානු රජය සම්බන්ධ පුද්ගලයෙකු (ඔත්තු සේවා, ASIS වගේ) බවයි අදටත් මම විශ්වාස කරන්නේ.
ne ne, oya kiyana kathawa hari. Lankawe inna foreign diplomat melo rahak ne. adu gaane english katha karannawath puluwan ewunda danne ne. (mathakane Bandu samarasinghe wa appoint kara Italy walata)
mama kiyanne eeka newe, lankawe inna foreign ambassadors la lankawa gena decissions ganne social media wala thiyana comments balala nam wenna be kiyana eka.
Social media wala dana dewaluy real life ekay dekak. anna eeka mama kiwwe.