ලන්කාවේ මනුස්සකම

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මම iphone එකක් දුන්නා. බස් එකේ සිට එකේ තිබුනේ. ඒ දවස් වල එකතමා හොදම iphone එක. මුලින්ම iphone එකක් ගොඩාක් වෙලා තියන් හිටපු දවස තමා ඒ. :P 2011 වගේ මතක.
    පස්සේ ෆෝන් එක on කරන්න බැලුවා on වුනෙත් නැහැ. පස්සේ දන්න කෙනෙක් ඉන්න ෆෝන් කඩේකින් charger එකක් ඉල්ලගෙන ගෙදර අරන් ගිහින් charge කරලා තියන් හිටියා රෑට කතා කරා අන්කල් කෙනෙක්. පස්සේ මම කිවා හෙට ක්ලාස් එක ගාවට එන්න කියලා පහුවදා ආවා එයාගේ දුවයි ඒ අන්කලුයි ඇවිල්ලා ගොඩාක් තැන්ක්ස් කරලා අරන් ගියේ. සල්ලිත් දෙන්න හැදුවා මට :P මොකද මම කැපවෙලා චාර්ජර් එකක් හොයාගෙන charge කරේ.එයට මතකයි ලු charge නැතුව off වෙලා තිබුනේ කියලා.

    තව දවසක් පාන්දර බස් එකට නගින්න යනකොට පාරේ ෆෝන් එකක් වැටිලා තිබිලා දුන්නා. එක ගාර්මන්ට් එකක වැඩ කරන කොල්ලෙක්ගේ.

    ඔච්චර හම්බුනා දෙයක් දෙන මගේ සල්ලි වැටුනා 5000ක් + change එක්ක. විස්තරත් තිබුනා කවුරුත් දුන්නේ නැහැ :(




    තාමත්දෙන අය ඉන්නවා හම්බුනා දෙයක්. ඉතින් විස්තර ලියලා තියන්න පර්ස් එකේ කොළ කැල්ලක හරි.
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සුපිරි මිනිස්සු. මනුස්සකම දන්න මිනිස්සු හම්බෙන්නෙ ඒ වගේම මනුස්සකම් තියෙන අයට විතරයි. මටත් depression වැඩි වුණාම youtube එකේ Humanity restored කියල ගහල එන වීඩියෝ බලන් අඬනවා. :cry:
    ලින්ක් එක එවපන්කො
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,754
    4,825
    113
    එකපාරක් පරණ කාර් එකක් කැඩිලා එකෙක් තල්ලු කරන්න මිනිහෙක් හොය හොයා හිටිය. මම කිට්ටු වෙලා බලද්දී දැක්ක උගේ පර්ස් එකත් බොනට් එක ලග බිම වැටිලා තිබුන. ඉස්සෙල්ලම උට ඒක අහුලලා දුන්න. උ කිසි කතාවක් නැතුව ඒක දාගත්ත සාක්කුවේ. පස්සේ මම තල්ලුව දැම්ම කාර් එකට. ටික වෙලාවක් තල්ලු දැම්මම කාර් එක ස්ටාර්ට් උනා. මු ඒ ගැම්මටම පාගල ඇදල ගියා කිසි කතාවක් නැතුව. පාරේ හිටපු වයසක අන්කල් කෙනෙක් කින්ඩියට වගේ වටේ පිටේ එවුන්ට ඇහෙන්න කිව්වා "අරු වැඩේ කොරන් මාරු උනා නේ පුතා ගාල". චාටර් සීන් එක නිසා මම කිව්වා "ස්ලෝ කරාම ආයේ එන්ජිම හිටින නිසා එකෙන්ම අදින්න" කියල මම කිව්වා කියල. :lol::lol: එදා ඉදන් මම කිසි එකෙක්ට කැඩිච්ච වාහන තල්ලු කරන්න, හදාගන්න උදවු කරන්නේ නෑ.
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මටත් ඔහොම දෙකක් වෙලා තියෙනවා

    1. ලයිසන් එක නුගේගොඩදි වැටිලා පර්ස් එකෙන් අඩුගානෙ මම දන්නෙවත් නෑ වැටිලා කියල... ගෙදරට ලියුමක් ආවා.. ලයිසන් එක මං ගාව තියෙනවා මේ නම්බර් එකට කෝල් කරන්න කියල...පොලිසියේ එක්කෙනෙක් අහුලගෙන තියෙන්නේ... ගිහින් ගත්තා ඉතින්...

    2. පර්ස් එක බස් එකෙදී සීට් එක උඩ වැටිලා අන්කල් කෙනෙක් අහුලගෙන එයාගෙ දුව ෆෙස්බුක් එකෙන් නම හොයාගෙන මැසේජ් එකක් දාල එන්න ඕනෙ තැන කිව්වා..

    ඔය දෙක තමා...හම්බුනේ නැති ෆෝන් එහෙමත් තියෙනව ඉතින්
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,283
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්
    02. ආයෙ පෝන් එක වැටිල, හමුදා මූලස්තාන පාරෙ, ජොගින් කර කර හිටපු ඔපිසර් කෙනෙක් අහුලල. මන් කෝල්
    කරාම කිව්ව ඇවිල්ල අරගන්න කියල. ගියාම අදි වේගයෙක් බයික් පැදීමෙ ආදිනව ගැන විනාඩි 10ක් විතර
    කියවලා පෝන් එක දුන්න. බැලින්නන් පොර මට විසිල් ගැහුවලු, ඇහිල නෑ.
    හි හි හිහි... පොර එහෙනම් sure එකට දන්නේ නැතුව ඇති උබ කවුද කියලා. දන්නවා නම් .....
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වැටිච්ච ෆෝන් දෙකක් අයිතිකාරයන්ට දුන්නා...එකෙක් නම් උදුර ගත්තා ආයේ ෆෝන් එකදෙද්දි...ලාවට තෑන්ක්ස් කිව්වා ඌ නැග්ගා බයික් එකේ ..ගියා..
    අනිකට කතා කරලා ගෙදරට එන්න කියලා දුන්නා..
    මගේ ෆෝන්එක වැටිච්ච වෙලේ ගත්තා එකා දුන්නෑ...
     
    • Like
    Reactions: Ozone4 and Ramiel

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මගේ එකවුන්ට් එකට කවුදෝ රුපියල් 20000ක්ද කොහෙද දාල තිබුනා වැරදිලා, නෝට් එකට දාල තිබ්බා මාලු වගයක් ගනිපු එකක සල්ලි කියලා
    මම බැංකුවට කතා කරලා හෙවුවා කවුද කියලා දාල තියෙන්නෙ කියලා, වෙන බැංකුවකින් ඇවිත් තිබ්බෙ ඒ බැංකුවට කතා කරාම දාපු එකාගෙ කිසි විස්තරයක් දෙන්න බැහැ කිවුවා, මං කිවුවා එහෙනං මගේ නම්බර් එක ඌට දෙන්න පුලුවන්ද කියලා, එහෙමත් බැහැ කිවුවා. මට ඉතින් ඔයිට වඩා හොයන්න බැහැනේ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගේ එකවුන්ට් එකට කවුදෝ රුපියල් 20000ක්ද කොහෙද දාල තිබුනා වැරදිලා, නෝට් එකට දාල තිබ්බා මාලු වගයක් ගනිපු එකක සල්ලි කියලා
    මම බැංකුවට කතා කරලා හෙවුවා කවුද කියලා දාල තියෙන්නෙ කියලා, වෙන බැංකුවකින් ඇවිත් තිබ්බෙ ඒ බැංකුවට කතා කරාම දාපු එකාගෙ කිසි විස්තරයක් දෙන්න බැහැ කිවුවා, මං කිවුවා එහෙනං මගේ නම්බර් එක ඌට දෙන්න පුලුවන්ද කියලා, එහෙමත් බැහැ කිවුවා. මට ඉතින් ඔයිට වඩා හොයන්න බැහැනේ.
    bari nam thiyaganin deyyo dunna thaggak kiyala daanekata, pin athe wadakata ganna. masa 3k wath pawichchi karanna epa. passe awilla illuwoth.
     
    • Like
    Reactions: Ramiel