ලන්කාවේ මනුස්සකම

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මට වෙච්ච සිද්දියක් ඒ ලෙවල් කාලෙ. ඉස්කෝලෙ ඇරිලා බද්දෙවිතාන සෑර්ගෙ කෙමිස්ට්‍රි පන්තිය ඉවර වෙලා ගෙදර යන්න බස් එකේ නැග්ගා. ටිකට් අරන් පර්ස් එක අතේ තියාගෙනම නින්ද ගියා.

    බැහැලා ගෙදරට ඇවිදගෙන යන ගමන් බොන්න කිරි පැකට් එකක් ගන්න කඩේට ගියා. බලද්දි පර්ස් එක නෑ. පස්සෙ සල්ලි දෙන්නම් කියල කිරි පැකට් එක අරගෙන ගෙදර යනවා බෑග් එක පුරා පර්ස් එක හොය හොය කොහෙවත් නෑ. ඉතුරු කරපු සල්ලි රු 500 විතර. පන්ති කාඩ් ඔක්කොම ඒකෙ. දැන් ගෙද‍රට මොනව කියන්නද කියල දහ අතේ කල්පනා කර කර යනව. මගේ ඇඩ්‍රස් පෝන් නම්බර් තියෙන මුකුත් පර්ස් එකේ තිබ්බෙ නෑ. තිබ්බ කාඩ් වල තිබ්බෙ නම විතරය්.

    එතකොටම සාක්කුවෙ තිබ්බ පොඩි නොකියා පෝන් එක රින්ග් වුනා. දන්නැති නොම්මරයක්.
    ආන්ස්වර් කරාම හෙලෝ මේ මෙයාද කියලා මගේ නම අහලා කතා කලා.
    මන් ඔවු කිව්වම බස් එකේ පර්ස් එක නැති වුනාද ඇහුවා. මට දැන් මාරම සතුටුයි. මන් ඔවු කිව්වම මගෙන් කෙහෙද ඉන්නෙ ඇහුවා. මන් තැන කිව්වම ආ මාත් ඔහේ තමා කියලා හෙට ගෙනත් දෙන්නම් කිව්ව පර්ස් එක.

    ඊලග දවසෙ උදේම අවු 35 විතර මනුස්සයෙක් මදුරුව බයික්කෙන් ඇවිත් ගෙදරටම ගෙනත් දුන්න පර්ස් එක. තේ එකක් බොමු කිව්වට වැඩට යන්න තියෙනව කියල ගියා. පර්ස් එකේ තිබ්බ රිසිට් කෑල්ලෙ ඉදන් ඔක්කොම එහෙම්ම තිබ්බ.

    මගේ පර්ස් එකේ තිබ්බා පරන පුස්තකාල කාඩ් එකක්. ඒකෙ ඒ පුස්තකාලෙ නොම්මරේ තියෙනවා. ඒකට කෝල් කරල පුස්තකාලෙන් තමා මගේ නම කියලා නොම්මරේ අහගෙන තියෙන්නෙ.

    මම තාම අලුත් අවුරුද්දට එහෙම අමතක නොකර මැසේජ් එකක් දානවා ඒ නොම්මරේට.

    මේකෙ ගොඩක් මේ දවස් වල යන්නෙ නෙගටිව් දේවල් නිසා මට වෙච්ච පොසිටිව් දෙයක් ශෙයා කරන්න හිතුන
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,283
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්

    ලොකු වෙලා ජොබ් එකක් කරන දවසට අවුරුද්දට t shirt එකක් වත් යවන්න යාළු. තව ටිකක් ලොකු උනාම hamper එකක් වගේ.

    මම ඔහොම අමතක වෙච්ච ෆෝන් එකක් අක්ක කෙනෙක් ට දීලා, හම අවුරුදේම new year කාඩ් එකක් එවනව. ෆෝන් එකේ නම් අතිශය පවුද්ගලික ඒව තියෙන්න ඇති. ගන්න අඩ ගෙන ආවේ යාළු අක්කෙක් එක්ක. යාළු අක්ක නම් හරි ස්වීට්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මගෙත් ඩ්‍රයිවින් ලයිෂන් එක නැතිවුනා 2018 දි. අලුත් එකක් ගන්න යන්න හිටපු දවසේ උදේ නැතිවුනු ලයිෂන් එක තැපෑලෙන් ගෙදරටම ආවා. බොහෝම ස්තූතියි ඒ සහෝදරියට.

    (අත්අකුරු වලින් කෙල්ලෙක් කියල හොයාගත්තෙ)
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,989
    13,892
    113
    126
    Hogwarts
    Mat Mage mulma job ekata yana kale train season eka, mage athin metal steel walin cover karapu kanuwakata wetila ganne kohomda kiyala daha athe kalpana kara kara iddi, lage idapu wife wa pick karannada koheda car ekaka idapu kollekui uncle la set ekakui lagta awit aran dunna bn.. mata hitagannat beri una..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    සුපිරි මිනිස්සු. මනුස්සකම දන්න මිනිස්සු හම්බෙන්නෙ ඒ වගේම මනුස්සකම් තියෙන අයට විතරයි. මටත් depression වැඩි වුණාම youtube එකේ Humanity restored කියල ගහල එන වීඩියෝ බලන් අඬනවා. :cry:
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Mage purse eka nathi una kadeka tea bonna gihin. Eka ussapu pakaya nam salli tika aragena nic ekai license ekai witarak gedarata ewala thibuna. 25,000 k thibuna purse eke. Ekath loan ekakata danna thibuna ekak😢
     
    blue_in_rio

    Well-known member
  • Mage purse eka nathi una kadeka tea bonna gihin. Eka ussapu pakaya nam salli tika aragena nic ekai license ekai witarak gedarata ewala thibuna. 25,000 k thibuna purse eke. Ekath loan ekakata danna thibuna ekak😢
    නෑ ඒ සල්ලි ගත්තු එකා නෙමේ. ගන්න එකා සල්ලි අරන් පර්ස් එක විසිකරලා. එවපු කෙනාට ඒක හම්බුවෙලා උබේ ඇඩ්‍රස් එකට පෝස්ට් කරලා. උබ ඒ මිනිහට බනිනවා ඉතින්. :dull::dull:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    01. මගෙ ID එක නැති වෙලා ගල්ගමුවෙ ස්ටෙශන් එකෙ, මනුස්ස්‍යෙක් ගෙදරටම එවල තිබුන.

    02. ආයෙ පෝන් එක වැටිල, හමුදා මූලස්තාන පාරෙ, ජොගින් කර කර හිටපු ඔපිසර් කෙනෙක් අහුලල. මන් කෝල්
    කරාම කිව්ව ඇවිල්ල අරගන්න කියල. ගියාම අදි වේගයෙක් බයික් පැදීමෙ ආදිනව ගැන විනාඩි 10ක් විතර
    කියවලා පෝන් එක දුන්න. බැලින්නන් පොර මට විසිල් ගැහුවලු, ඇහිල නෑ.