ලන්කා කොටස් වෙලදපොලේ සල්ලි දාලද? එහෙනම් කෙල 💥

tarson

Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    උබල ලන්කා කොටස් වෙලද පොලේ සල්ලි දාලද?

    තෝරු මෝරු ටික දවස් දෙක තුනක් මාකට් එක උස්සල එක පාරම සෙලින් ඕඩර්ස් දැම්ම නේද.

    මාකට් එක උඩ යනව 📈. හෑ, මේ යුද්දෙ කාලෙ උඩ යන්න? 😂, ඒත් උඩ යනව නේ.

    ඊට පස්සෙ දවස් දෙක තුනකින් ආපහු පහලට එනව නේද.📉 😅

    ඔය වේව්ස් තව සති දෙක තුනක් තියෙයි

    ඒ මොකද තෝරු මෝරු ටික ඔක්කොම තමන්ගෙ කොටස් උබලට නොදැනෙන්න විකුනන්න පටන් අරන් තියෙන්නෙ. 💥

    උබලත් පහලට යනකොට මෝඩ වෙලා ඒව බයි කරන්න යන්න එපා.

    උඩ යනකොට උන් වගේම උබලත් ඉක්මනින් සෙල් කරපල්ල.

    උබල සෙල් කරනකොට ඒව බයි කරන ගොන් මෝඩයො රැල මාකට් එක පහලට පහලට බයි කරනව.
    උන්ගෙ ඇගේ ගහල දාපන් ඔක්කොම.

    තව අවුරුදු ගානක් මේ යුද්දෙ ඇදෙනව. අනිවා ස්ටොක් මාකට් එක ගොඩක් පහලට බහිනව තව.

    යුද්දෙ ඉවර වෙලා දවසක් දෙකක් යනකොට ආපහු බයි කරන්න පුලුවන්, සුපිරිම අඩු ගනන් වලට. 📈