ලන්ඩන් කොටින්නට මර බිය ඇතිකල ලක් විරුවා ආ&#350

Tchuk

Member
Nov 1, 2012
207
37
0
ලන්ඩන් කොටින්නට මර බිය ඇතිකල ලක් විරුවා ආ&#350

කියන්නෙ එහෙමයි.. කරන්නෙ මෙහෙමයි.. ලන්ඩන් කොටින්නට මර බිය ඇතිකල ලක් විරුවා ආපසු කැදවයි.. අද ශ‍්‍රී ලංකාවට..


බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මෙරටින් කරන ලද කැඳවීමකට අනුව අද (21 වැනිදා) යළි ශ්‍රී ලංකාවට පැමිණෙයි.
නිදහස්‌ දිනය යෙදුණු ඉකුත් පෙබරවාරි හතර වැනිදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය මගින් පැවැත්වූ නිදහස්‌ සමරු උත්සවයට විරෝධය දක්‌වමින් කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව දියත් කළ උද්ඝෝෂණයේදී ඔවුන්ට කළ ඉඟි කිරීමක්‌ හේතුවෙන් තමන්ට එරෙහිව මතුවූ ආන්දොaලනාත්මක තත්ත්වයකට මුහුණ දීමට ඔහුට සිදු විය.
එහිදී වහාම ඔහුගේ සේවය අවසන් කර යළි ශ්‍රී ලංකාවට කැඳවීමට විදේශ ඇමැතිවරයා කටයුතු කළද පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් බ්‍රිගේඩියර්වරයා යළි සේවයේ පිහිටුවීම ට කටයුතු කෙරිණි.
කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවට කළ ඉඟියෙන් බ්‍රිගේඩියර්වරයා මරණීය තර්ජන එල්ල කළ බව පවසමින් බ්‍රිතාන්‍යයේ ජෝන් රයන්, සිමෝන් මැක්‌ඩොනා සහ පෝල් ස්‌කලී යන කොටි හිතවාදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරියෝ දෙමළ ඩයස්‌පෝරාව සමඟ එක්‌ව චෝදනා එල්ල කරන්නටද වූහ.
ඔවුන් එසේ සඳහන් කළද පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක්‌ කළ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් අදාළ ඉඟි කිරීමෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හමුදා නිලධාරියකු ලෙස වරදක්‌ සිදුකර නොමැති බව අවධාරණය කරනු ලැබීය.
මෙම සිද්ධිය ක්‍රමයෙන් යටපත් වෙමින් තිබියදී ඉකුත් සතියේ යළිත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූ කොටි හිතවාදීන් පසුව බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්‌ඩල කාර්යාලය වෙත පැමිණිල්ලක්‌ කිරීමටද ක්‍රියා කර තිබිණි.
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි මෙරටට කැඳවීම සිදුව ඇත්තේ කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවේ එකී විරෝධතාවෙන් පසුව වන අතර එසේ ඔහු යළි කැඳවීමට හේතු වූයේ කුමක්‌ද යන්න මේ වන විට අභිරහසක්‌ බවට පත්ව ඇත.
– Divaina
 
Last edited:

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කමක් නෑ සහජිවනේ නේ ඔන්න ඔහේ අයින් කරලා දාමු.. අනික චන්දෙත් දැන් ඉවරනේ :yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    චන්දෙ ඉවරවෙනකන් ඉදපු බව මම නම් එදාම දන්නවා නැත්නම් හුටන් කැමති නෑ දෙමලු තරහ කරගන්න