ලබන අයවැයෙන් එන නවතම බද්ද

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    ලබන අයවැයෙන් එන නවතම බද්ද

    ලබන අයවැයේ සිට නවතම මාදිලියේ බද්දක් හඳුන්වාදීමට සැලසුම් කර ඇත. නව විද්‍යුත් හැදුනුම්පතට සමගාමීව මෙය ක්‍රියාත්මක කිරීමට යන බවද සැලයි..
    මෙමඟින් සැලකිය යුතු ආදායමක් ද අපේක්ෂා කරන අතර ජනයාගේ පාරිසරික හා සෞඛ්‍ය ගැටළුද මගහැටීමද එක අරමුණකි..
    .

    .
    .
    කුමක්ද මේ නවතම බද්ද?
    .
    .
    මේ යටතේ විද්‍යුත් හැදුනුම්පතට සමගාමීව සියළුම පුරවැසියන්ගේ අධෝමුඛයට නවීනතම ඩිජිටල් ඉලෙක්ට්‍රොනික මීටරයක් සවිකිරීමට අපේක්ෂිතයි.. එය සවිකිරීම නොමිලයේම සිදු කරන අතර එමඟින් දෛනිකව පිටවන මළ ප්‍රමාණය ගණනය කරනු ලබයි.
    මළ සඳහා නිශ්චිත පාලන අගයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන අතර එය ඉක්මවා මළ පිටකරන්න්ගෙන් සනීපාරක්ෂක බද්දක් අයකිරීමට යෝජිතයි...
    දෛනිකව පරිසරයට එකතුවන මළ අපද්‍ර්‍යව්‍ය ප්‍රමාණය එන්න එන්නම වැඩිවන නිසා උග්‍රපරිසර ගැටළු මතුවීම මෙම බද්ද නිසා අඩුවනු ඇතැයි අපේක්ෂිතයි. පරිසරය සුරැකීමට නිබඳව දිරිදෙන රජයක් ලෙස
    පරිසරය සුරැකීමට මහජනයා පෙළඹවීම මෙහි උදෙක් බලාපොරොත්තුවයි.

    තවද ශීග්‍ර නාගරීකරණ මෙන්ම ඉතාම සහන මිළට වෙලඳපොලේ
    ආහාර බහුල වීම හේතුවෙන් මහජනයා කිසිඳු පාලනයක් නොමැතිව ආහාර ගැනීම නිසා තරබාරුකම, අධිරුධිරපීඩනය, දියවැඩියාව, හෘදයාබාධ වැනි රෝගාබාධ බහුලවීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබිණ. මෙම බද්ද මගින් ජනයා නිසි ආහාර පාලනයකට යොමු කෙරෙන අතර නිරෝගිමත් ජාතියක් ගොඩනැඟීමට යන මේ ගමනට ඉන් අගනා පිටිවහලක් ලැබෙනු ඇත.
    මේ නව බද්ද නිසා අඩු ආදායම් ලාඟී දුගී ජනතාව කිසිදූ අනියත බියක් ඇතිකරගතයුතු නැති අතර පමන ඉක්මවා පාලනයක් නැතිව ආහාර ගන්නක් පමණක් මෙ මගින් ඉලක්ක කරනු ඇත.
    මෙය අත්හදාබැලීම සදහා පලමු කණ්ඩායම ලෙස රජයේ සේවකයන් යොදා ගැනීමට අරමුණු කර ඇති අතර රාජකාරි වේලාවන් තුල කමින් බොමින් ඕපාදූප කියමින් පුටු රත්කරමින් සිටීම වලකමින් ඉතා ඒලදායී කාර්ය්‍යෂම රාජ්‍ය සේවයකට ඔවුන් යොමුකර ගැනීම මෙහි අරමුණයි. පසුව මෙය පුද්ගලික අංශයටද හඳුන්වාදෙනු ලබයි.
    තවද රටට කරන්නාවූ අනුපමේය සේවයට දිරිදෙනුවස් සියලූ පාර්ලිමේන්තු හා පළාත්සභා හා නාගරික මන්ත්‍රීවරු මෙම බද්දෙන් දැනට නිදහස් කර ඇත.

    පලි: ඉහත ඇත්තේ සිංගප්පූරුවේ අනාගත අයවැය කතාවක කොටසකි
     
    Last edited:

    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    යකුනේ මේ පෝස්ට් එක රවියට අහුවෙන්න දෙන්න එපා..
    ඌ හැබෑටම මේ ටැක්ස් එක ගහවි ඊලඟ බජට් එකට
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: